51

539 107 107
                                    

රූම් එකෙ ඉන්න දුන්නෙත් නැති කොට මම පුස්තකාලෙට යන්න කී එක අරගත්තා. දුකක් එන වේලාවක් ආවොත් මට මෙතන ඉන්න ඕනේ වුනා. සනා පුරුදු කරපු දේවල් ඌ ගියාට පස්සෙ කන්ටිනිව් කරගෙන ගියපු මට මේ දේ ලස්සන ජර්නි එකක්.

ලෑලි අතරේ හිර වුන පොත් ගුලක තනි වෙන හැම දවසක මේක මට මහා ලොකු දෙයක්. සුරාංගනා කතාවක රිංගුවා වගෙ දැනෙනවා. පොඩි පොඩි ලමා කතාවේ ඉදන් හැමදේම මෙතන තියෙන නිසා මට නිදහසක් එනවා.

චූටි හාන්සි පුටුවට බර වෙලා මම පොතක්වත් නොගෙන ඇස් දෙක පියා ගත්තා. සීතල දරුණුවටම ඇගට කා වදින ෆීලින් එකට මම මුල ඉදන් ආස කරා. නුවරඑළියෙ ඇවිත් මොකක්ද අන්තිමේට ලැබුනේ.

"ටෂි..." මට නින්දෙන් ඇහුන කට හඩ නිසා මම නැගිටලා බලද්දි දෝණි ඉන්නවා ලොකු හාන්සි පුටුවේ.

"මොකො..."

"තමුසෙ ඇත්තටම අජීවි ප්‍රාණයක්ද කියනවකො." නිකටට අතත් තියාගෙන දෝණි අහනකොට මම නැගිට්ටා.

"ඔව් කියලා හිතාගන්න."

"ඒක නෙවේ අද කොහෙ හරි යමුද?"

"අද..."

"පිස්සුද ඕයි... වැඩට යන්න තියෙනවා."

"ආ... එත්..."

"මොකො ඒත්.."

"සනා සතියයි වගෙලු ඉන්නෙ ලොකු අම්මා මට කිව්වා. එයා සනාව එහෙ තියාගන්නවා කියලා. ඉතින් එයා එක්ක කොහෙ හරි යමු"

"දෝණි..."

"ඕඕඕ..."

"මම බරක් වුනා වැඩි සනාට... අපි තවත් ඒ උරහට බරක් නොදි ඉමු."

"ඔව්... ඒක ඇත්ත. අපි දෙන්නාට අපි දෙන්නා ඉන්නවනෙ." මම හිනාවුනා. ඒක දෝනි කිව්ව විදියට.

"ඔය හිනාව හරි ලස්සනයි ලමයෝ... මේ නල දත එළියට ඇවිත් ඔය කලු මූණ ලස්සනට පිම්බෙනවා..."

"අනේ මේ."

"කාලේ ඉක්මනින් ගියා නේද?"

"ගොඩක් ඉක්මනින්..."

"කවුද හිතුවේ ඇට්ටා වගෙ මගෙ තුරුලේ අකුණු වලටත් බය වුන කොල්ලා මෙහෙම වැඩෙයි කියලා."

"මොකද ඔයා මාව හොදටම හැදුව නිසා..."

"දන්නවද කලුවට කලුවේ අගුරු කෑල්ලක් අප්පච්චි මගෙ අත උඩින් තිබ්බාම මම බය වුනා. චූටිම චූටි කොල්ලෙක්. මම තුහින කියලා එතනදීම හිතුවා මගෙ කොල්ලා සුදු වෙයන් කියලා හිතන්න වගෙ."

❄ ශීත 🍻Where stories live. Discover now