52

569 108 85
                                    

රෙස්ටුවරන්ට් එකෙන් මීටර් 100ක් විතර දුරකින් මම බයික් එක නවත්තලා බලන් හිටියෙ සනා එළියට එනකල්. මීඩියා කාරයෙක් වගෙ. ඒ වෙලත් පැය ගානක් ගිහින් ඌ ආවේ නෑ. එත් අන්තිමේ ඌ එළියට ආවේ තඩි මහත මිනිහෙක් එක්ක. ඌ බොඩිගාර්ඩ් ද මන්දා... ඔය ගාර්ඩ් එක මම මාත් එක්ක ඉද්දි දැක්කෙ නෑනේ. ඌ කාර් එකට නැගලා රේස් කරන් යනකොට මමත් බයික් එක ස්ටාර්ට් කර ගත්තා. එත් මේ කරුම ෆෝන් එක රින්ග් වෙනවා ඕනේම වේලාවේදි... කන්ටැක් එක පූර්ණාගෙ නම් ජාතිය අමතන්න හිටියෙ. එත් ඒකන්ටැක් එක මහානාමගෙ.

"ඔව් සර් කියන්න."

"හදිස්සියකට පුතාට මගෙ ලැබ් එකට එන්න පුලුවන්ද?"

"ලොකු හදිස්සියක්ද?"

"පුතා වැඩක් නම් කමක් නෑ... සමනලිගෙ මඩර් එක ගැන කතා කරන්න."

සමනලිගෙ මහත්තයාව ෆලෝ කරපන් කියලා මගෙ හිත කියන්නෙම. එත් පෞද්ගලික ප්‍රශ්න වලට වඩා වෘත්තීය ජිවිතේට ඉඩ දුන්න මම ආයෙත් කල්පනා කරා.

"ලෝකෙශන් දාන්න."

"හරි.." මිනිහා ෆෝන් එක තිබ්බාම කොහොමත් අර කාර් එක මාව පහු කරන් ගිහින් ඉවර නිසා මම ලොකේශන් එකට ගියා. ඒ ලැබ් එක තිබ්බේ වැලිමඩට වෙන්න. රුවනගෙ ඉඩමකුත් ඔය ළඟ තිබ්බා.

මම ලැබ් එක ලගට ගිහින් බෙල් එක ගැහුවාම මෙන්න මෑන්ස් තඩි කණ්නාඩි දෙකක් දාගෙන එළියට එනවා. යකෝ මූගෙ ලෝගුවේ ලේ එකයි අප්පිරිය නැද්ද මන්දා. ඒ මදිවට තඩි කණ්නාඩි දෙක ඉස්සරහට තව කණ්නාඩි දෙකක් දාගෙන. මගෙ කලදසාව අනුව මේ වගෙ මැන්ටල් අද දවසෙම හම්බෙයි වගෙ.

"ඔව් සර් කියන්න."

"ඔයා ඉක්මනින් ඇවිත්."

"දැන් ඉක්මනින් එන්න කිව්වේ."

"මම හිතුවේ හවස එයි කියලා."

"ඔය කරලා තියෙන්නෙ වැඩක්." අපරාදේ අරුගෙ හොර අල්ලගන්නත් තිබ්බා

"මොකක්ද?"

"නෑ මොකක්ද සර් හදිස්සිය."

"මෙහෙ එන්නකො..." අරු ඉස්සර වෙලා යද්දි මමත් පස්සෙන් ගියා හෙල්මට් එකත් අතේ තියාගෙන.

"සමනලිගෙ ඩෙඩ් බොඩි එකෙන් හොයාගත්ත DNA ගැන මම රිසච් එකක් කර කර හිටියෙ උදේම."

❄ ශීත 🍻Where stories live. Discover now