115

422 85 106
                                    

'මේ ඔක්කොම ඉවර වුනාම දුවන එක නවත්තලා නිදහසෙ සතූ එක්ක කෝපි එකක් බොන්න ඕනෙ....'

නුවරඑළියට යන ගමන් හිටිය ගමනක් මේ... රසෙල් මුල් ටිකෙම ඩ්‍රයිව් කරපු නිසා මම කිව්වා පිටිපස්සට යන්න කියලා. නුවරඑළියට එනකල් මට පුලුවන් ඩ්‍රයිව් කරන්න ඒ නිසා. සතූ නිදාගෙන සංසුන් විදියට ඉන්නවා. එයා දන්නෙ නිදාගන්න තමයි.

"ටූන සර්... මම ඩ්‍රයිව් කරන්නම් සර් නිදාගන්න."

"සර් කියන්න එපා රසෙල් අයියා කියන්න."

"එත් මම සර්ට වඩා වැඩිමල්."

"එහෙනම් ඉතින් මල්ලි කියපන්..." ඇස් දෙක වහගෙන සාමකාමීව නිදාගෙන හිටිය සතූගෙ තොල් හෙලවෙනවා.

"කමක් නැද්ද සර්"

"එයාට මල්ලි කියන නිසා මටත් මල්ලි කියනවා..."

"එත් සර් මගෙ වයසෙ." මම එක පාරම වගෙ රසෙල් දිහා බැලුවා. යකො මම මල්ලි වෙන්නයි, සතූ ඌගෙ වයසෙම වෙන්නයි මොකක්ද බං ඒ තියරිය.

"රවන්න එපා... සර් ජනවාරි පොඩි එකෙක්නෙ... සතුර්ක සර් පෙබරවාරි. හරියට බැලුවොත් සර්ට වඩා අවුරුද්දක් අපි වැඩිමල්" මගෙ දිහා බලාගෙන අර ගෝත හිපාටුවා කියනවා.

"ඒක මට මීටර් වෙලාම නෑ රසෙල් මීට කලින්. බලන් යද්දි ටූනා අපි දෙන්නගෙම මල්ලි."

"රසෙල්..." මම රවලා රසෙල් දිහා බලලා තව මුකුත්ම නොකියා වාහනේ ඩ්‍රයිව් කරන්න ගත්තා.

"හරි මම කට පියාගත්තා."

"ටූනා මල්ලි අපි කන්න නවත්තමු." පොඩි වේලාවකට පස්සෙ සතුර්කගෙ හඩ මට ඇහුනාම මම ඒ දිහා බැලුවා. දැන් මූ මට මල්ලි මල්ලි කියනවද?

"කුලප්පු වෙලා කාර් එකෙන් විසික් වෙන්න ආසද?"

"මල්ලියෙක්ට ආදරේ කරලා නෑ..... කරලා නෑ..... හව් සෑඩ්..... ආදරේ කරලා බලන්න කුලප්පු වෙන්න හිතෙයි..." කාර් එකම දෙවනත් වෙන්න වගෙ හැක හැක ගාලා හිනාවෙන ගමන් සතුර්ක සෙල්සි විදියට කියද්දි මම හිතක් පපුවක් නැති වෙන්න එක පාරම බ්‍රේක් ගැහුවා. ඉස්සරහට ගිහින් මූණ චප්ප වෙන්න වැදුනත් මම දුක් වෙන්නෙ නෑ...

❄ ශීත 🍻Where stories live. Discover now