27

571 105 100
                                    

කියවලා කියවලා ඉවර වෙලා නිදාගත්තා. මගෙ ඇග නිකන් වංගෙඩියකට දාලා කොටපු ඇඹරැල්ලා ගෙඩියක් වගෙ දැනෙනවා. හරිම මාන්දමිකයි. පැය ගානක් නිදාගත්ත මම නැගිට්ටේ මහා ඝෝෂාවක් ඇහුන නිසා. නිකන් නරි හූ කියනවා වගෙ බං. මේ කදුකරේ ඔහොම හූ කියද්දි බයත් හිතෙනවා තමයි.

මම නැගිටලා ජනෙල්ලේ ඇරලා එළියට එඹුනා. සනා එක්ක තව කෙල්ලො දෙන්නෙකුයි කොල්ලෙකුයි ඉන්නවා එළියට වෙලා. ඒ කොල්ලා තමයි හූ කියන්නෙ. නෑ ඌ හූ කියනවා නෙවේ බං ඌ සතුටු වෙනවා. හුරේ කියනවද කොහෙද ඒත් ඇහෙන්නෙ හූ තියනවා. මට මොකද මොන මගුල කරත් මම ආයෙත් ඇදට යන්න හදද්දිම එක කෙල්ලෙක් සනා ගාව ඉදගත්තා. එකි ඉද ගත්තෙත් ඒ බංකුවේ තව ඉඩ නෑ වගෙ. පිරිමි ඉවෙන් කියන්න පුලුවන් එකිට සනා විශේශයි කියලා.

"බේබි මහත්තයා..." රාණිගෙ කට හඩ දොර පිටිපස්සෙන් ඇහෙද්දි මම දොර ගාවට ගියෙ දොර අරින්න බලාගෙන.

"තේ එකක් එහෙම බොමු..."

"එපා නැන්දේ." මම හිනා වෙලා කිව්වාම ගෑණිට මාර සතුටුයි වගෙ.

"බේබි මහත්තයාට සුදු නෝනා පහලට කතා කරා..."

"ආහ් මම එන්නම් කියන්න නැන්දේ."

ඒ ගෑනු කෙනාට පඩිපෙළ බහින්න බෑ වගෙ කකුල කොරයි. අමාරුවෙන් පඩිය බැහැගෙන ගියෙ. මූණ පොඩ්ඩක් තෙමාගෙන මම පහලට බැස්සෙ ෆෝන් එකත් සාක්කුවට ඔබාගෙනමයි. වැඩක් නෑ මෙහෙ එක එක වේලාවට සිග්නල් කමින් සිග්නල් ගොයින්. ඉතින් මට තේරුන එකම දේ මොබිටෙල් එකකට ඩේටා දා නොගත්තොත් මේ වන්නිකරේ ෆෝන් එකක් නැතුව මට දවස ගෙවන්න වෙනවා කියලා තමයි.

"මොකො මාව හෙව්වේ..."

"අර ගිහින් සනාගෙ යාලුවෝ එක්ක පොඩ්ඩක් ඉන්න කියන්න."

"ඉතින් දෝණි ඒ මගෙ යාලුවෝ නෙවේ. ඒ සනාගෙ යාලුවෝ. ඇයි මම ඉන්න ඕනේ.."

"ඔයාට ඒ අය එක්ක ක්ලෝස් වෙන්න වෙනවා. මේක කොළඹ නෙවේ."

"ඉතින් ඇත්ත ඇයි මම මෙහෙ ඉන්නෙ... මට තනියම වුනත් කාලා බීලා කොළඹ ඉන්න පුලුවන්..."

"ටෂි..." දෝණි මගෙ දිහා බලපු විදියට මට දුක හිතුනා.

"ඇත්තටම අක්කව මෙහෙ තනියම දාලා ඔයාට පුලුවන්ද එහෙම ඉන්න. මම දන්නවා උඹට ඇගේ හයිය තියෙනකල් මගෙන් දේවල් ඕනේ නෑ කියලා. එත් අක්කගෙ ගාව ඉන්න එක උඹට මදි කමක් වෙලා... පොඩි කාලෙ වගෙ උඹේ දෝණි උඹව රකින්න හදන එක වැරැද්දක්."

❄ ශීත 🍻Место, где живут истории. Откройте их для себя