75

549 92 102
                                    

"ඕයිෂ් එලාම් එක..." චූටි නැන්දා කොරටුවට එන ටයිම් එකයි, මැණිකෙ අක්කා ඉස්කෝලෙට එන ටයිම් එකයි සෙට් කරලා තිබ්බ එලාම් එක හෝ ගාලා වදිනවා.

"මොන මගුලක්ද ටූන ඕක ඕෆ් කරනවා."

"මමද ඕයි තිබ්බේ."

"කවුරු තිබ්බත් ඕෆ් කරපන්..." ආයෙත් කෑ ගහලා අරු මගෙ පිටට පාරක් දෙද්දි මට නේද අම්මා මුත්තා, අත්තා, පනත්තා එක්කම ජාතික වැකි ටිකක් කියන්න හිතෙනවා.

"ප&යෝ තෝ ඕෆ් කරපන්... උඹේනේ..." මම කොහොමත් නැගිට්ටෙ අරුගෙ පස්සට තදින් පාරක් ගහන ගමන්.

"ආස ඇති... රිදෙනවා යකෝ හිරි වැටිලා තියෙන්නෙ.." සතු කෑ ගහන්න නිකන් හරියට මට වුවමනාවට වුනා වගෙ. ඕකනෙ මුන් වගෙ දෙපිටකාට්ටුවො විශ්වාස කරන්න හොද නෑ කියන්නෙ.

"ඉතින් මට අත ගාන්න කියනවද? මෙන්න මෙහෙ නැගිටලා අස් කරපන්.." මම එහෙම කියලා අත් දිග ඇරලා ඇගෙ හිරි කැඩුවා.

"මෙන්න මෙහෙ වරෙන් තඩියෝ..." මගෙන් ඉණෙන් අල්ලලා කුචි කවන්න වගෙ.

"අමතක වුනානේ සෙක්සි වුල්ෆිට කිචි බෙල්ලට කියලා." මාව අතින් ඇදලා අරන් අරු බෙල්ලට නහයෙන් එහාට මෙහාට කරද්දි ඉන්න බෑ නිකන් මොකක්ද වෙනවා වගෙ ඇගට.

"අපි බලමු උම්මා එකක් දුන්නොත් මොකද කියලා." සතු මගෙ බෙල්ලට ලං වෙනකොටම මට මතක් වුනේ පලවෙනි පාරට මම පපුව හොල්ලපු ඒ මොහොත.

"අපරාදේ එදාම උඹව මගෙ කර ගත්තා නම්..." මගෙ කම්මුල පොඩ්ඩක් අත ගාන ගමන් සතු කියලම මගෙ කම්මුලට කිස් එකක් දුන්නා.

"මේ නල දත් කොල්ලාව අල්ල ගන්න මම කාපු කට්ටක්." ආයෙත් මගෙ නහයට ඌගෙ නහය ගාවන ගමන් සතු කියද්දි මම එයාගෙ නලලට කිස් එකක් දුන්නා. ඒ එක්කම ඌගෙ ඉණ කිති කැව්වාම අරුව යටට දාලා මම ආයෙත් උඩට ආවා... ඒ සියුමැලි තොල් දෙකට ආයෙත් ලං වෙන්න යද්දිම ඌ මාව යට කරලා උඩට ආවා.

"නිතරම තැන දෙන්න මම ඇත්තටම හාවෙක් නෙවේනෙ"

"කවුද දොර ඇරලා තියෙන්නෙ." චූටි නැන්දාගෙ කට හඩ ආව නිසා මෙන්න මම සතුව අත් වලින් තල්ලු කරා.

"මොන හුත්තක්ද බං... හැමදාම ඇයි මමම වැටෙන්න ඕනේ."

මම දඩිබිඩි ගාලා ඇදෙන් බැහැලා තෙට මඩ ඩෙනිම ඇද ගත්තා. මල හුත්තයි දැන් මේක පිටින් කොහොමද යන්නෙ...

❄ ශීත 🍻Where stories live. Discover now