91

530 95 130
                                    

චූටි නැන්දලාගෙ ගෙදර ගිහින් කරන්ට් බෝඩ් එක උඩ තිබ්බ යතුර ගත්තෙ සතූ. අම්මපා මූ හෙන හොරෙක් වගෙ පෙනුමක් තිබ්බේ. බැලේ නොකරන්න මූට හොදම රස්සාව මට හිතෙන්නෙම ගෙවල් බිදින එක..

"ඉක්මනින් වරෙන් යකෝ. මේකෙ ඌන් තෝව දැක්කොත් තෝ හොරා කියලා හිරේ යනවා."

"ඉතින් ඇත්ත හොරා උඹනෙ.."

"උඹ මාව පාවා දෙනවද?"

"කොතනටද? දැන්ම කරන්න කැමති..."

"නිදිමර ගාතෙන් පිස්සු කියවන් නැතිව ඇතුලට වරෙන්"

"මගෙ නින්දට කවුද වගකියන්න ඕනේ."

"මෙන්න මෙහෙ වරෙන් බූරුවා..." මාව අතින් ඇදලා ගෙට ගන්න ගමන් සතු ගේ දොර ලොක් කර ගත්තා.

"කොතනින්ද පටන් ගන්නෙ."

"මූලික මැණිකෙ අක්කාගෙන් පටන් ගමු..." සතු එහෙම කියද්දි මම ඔලුව හැරෙව්වේ චූටි නැන්දගෙ කාමරේට

"ඕක චූටි නැන්දගෙ."

"තෝ මැණිකෙ අක්කගෙ හොයපන් මම චූටි නැන්දගෙ හොයන්නම්" මම කියලා කාමරේට යන්න හැදුවා

"හොර නාමේ ගෑවෙනවා ටූන ඒ නිසා එකට කරමු."

"එකට පෙනෙයි ඌන් මෙතනට ආවොත් පලයන් ගිහින් හොයපන් මගෙන් අමුතිත්තෙන් බැනුම් අහන්නෙ නැතුව."

සතු මූණත් පුළුටු කරන් යද්දි මම ෆෝන් එකෙ ටෝච් එක ගහගත්තා. ඇරත් ඕක ඕහොම වෙන්න ඕනේ. මොකද මේකෙ බැට්‍රි බහින්න තරම් ෆෝන් එකෙ බැට්‍රි එක අවුල් නෑනේ. ඩේටා වැඩ කියලද මොකද?

එත් මම කාමරේට ගිය ගමන් ඩේටා වැඩ කරන්න ගත්තා. මැසෙජ් එක පිට එක එද්දි අම්මා ගහපු මිස් කෝල් ආයෙත් එන්න ගත්තා. මම ආව දවසෙම සාදිගෙයි, මැණිකෙගෙයි කාමර වලට විතරයි කියලනෙ. එත් ඒ තැන් වලට වඩා සිග්නල් මෙතන තියෙනවා වගෙ.

මම කවදාවත් චූටි නැන්දගෙ කාමරේට ගියෙ නෑ කියමුකො. එත් සතුර්ක එහෙම නෑ නේද එයා ආවානෙ.

එතනින් එහා තිබ්බේ සාම්ප්‍රදායික නාකි ගෑණියෙක්ගෙ දේවල් ටිකක්ම තමයි. ඇදන් යට ඔක්කොම හොදටම අස් පස් කරලා ලස්සනට තියෙනවා. මමත් ඔක්කොම මගෙ විදියට චෙක් කරලා අන්තිමේක අල්මාරිය ළඟ නැවතුනෙ. මෙහෙමයි මම හොරෙක් වෙන්න කැමති නෑ.

❄ ශීත 🍻Where stories live. Discover now