10

702 116 29
                                    

කිරිගඩු පිපින සීතලක... මොරසූරන වැස්සක් අද තියෙන්නෙ. නුවරඑළියෙ උදේ කෑම අරගෙන අපි බස් එකෙ උඩු පුස්සැල්ලාවේ යන්න හදන්නෙ. නුවර කියලා මම ගිහින්  තියෙන්නෙ මාළිගාව විතරයි. එත් ඒ මාළිගාවත් මම වින්දේ නෑ. මම ජිවිතේ විදින්නෙ මෙහෙම බස් වල, කදු වල, ඇලි වල නාලා නොවෙන නිසාම මට මේවා අප්පිරියයි. තාමත් මට ඕනේ ගෙදරට යන්න. ඒ ඇද උඩ නිදාගන්න. ජෙනරේශන් එකෙද වැරැද්ද නැද්ද කියන්න දන්නෙ නෑ.  මොනවා වුනත් මට දැන් හිතෙන්නෙ කොහොම හරි පියාඹලා හරි ගෙදර යන්න ඕනේ කියලා.

ඒ මදිවට මේ බස් එක තොටිල්ලක් වගෙ එහාට යනවා, මෙහාට එනවා....

පල්ලම් බැස, නැග, කරනම් ගස, ගස.... අපි මේ වංගු වංගු වංගු පිරුනු පාරකින් උඩ පුස්සැල්ලාවේ කියලා ගමකට යන ගමන් ඉන්නෙ. අප්පච්චි නම් ස්ටෝබෙරි සෙට් වෙලා කොළඹ ගියා. මම මේ බස් එක ඇතුලේ නිකන් මම හිටිය සීට් එකෙන්ම එහාට විසික් වෙනවා. මම ඉදගත්තෙ කෙල්ලෙක් හිටිය සීට් එකක. ඒකි අල්ලන්නෙවත් නෑ බං. මම අත් දෙකෙන්ම අර සීත් එකෙ අණ්ඩ හිර කර ගෙන කකුල් දෙකත් තොටිලි වගෙ පැද්දෙනවා. අම්මෝහ් දැනෙන සනීපේ. ට යකෝ ගෑණියෙක්ට අන්ත හැගීමක් එන්නෙ.

"ටෂි... මෙහෙ වරෙන්.." සරදියල් සීට් තුනක් තිබ්බ එකක කෙරවල සීට් එක මට පෙන්නුවා. අපේ දෝණිගෙ බඩේ කේස් එක අඩු නොවෙන්න සරදියල් මේ බස් එකෙන් එළියට විසික් කරලා මේලාකට.

"කමක් නැද්ද?"

"කමක් නෑ... උඹ ඔතන හිටියොත් එක්කො තෝ මැරුම් කන්නෙ ඔය කෙල්ලගෙන් ගුටි කාලා, නැත්තම් බස් එකෙන් එළියට විසි වෙලා." දෝණි කෑ ගැහුවා බං. කිව්වේ නෑ. මූන් මගෙ පවුලද බං. ඇත්තටම මූන් කවුද බං. එහා පැත්තෙ කෙල්ල හිනා වෙනවා. අතින් කට වහන්.

"එහාට වෙයන්... තෝ මහ බතල එකනෙ."

"අනේහ් මගෙ එකාට තරහා ගිහින් මෙන්න."

අපි රුවන්එළියෙන් ආයෙ උඩපුස්සැල්ලාවේ බස් එකට නැග්ගා. එත් බෙබා ආවේ නෑ. ඌට වැඩක් නිසා ඉක්මනින් එන්නම් කියලා කිව්වේ. කමක් නෑ දුකක් නෑ... අහිතක් හිතන්නෙ නෑ කියලා රුවන් අපි තුන් දෙනාව අරන් බස් එකෙ නැග්ගෙ. අයියෝ බං ඇවිදිනවා මීට සැපයි. වංගු වංගු වංගු අම්මගෙ වංගු තොගයක් මේකෙ තියෙන්නෙ. මූන් හරවන හැරවිල්ලට නස් පුක් වෙලා මගෙ බඩත් දැන්.

❄ ශීත 🍻Onde histórias criam vida. Descubra agora