32

519 96 73
                                    

"ටූන උඹ රෑ 10ට ඕකෙන් එළියට ආවත් වැඩක් නෑ. සතු තාම මෙතනම ඉන්නවා." බාතෲම් එකෙ දොරට දඩින් බිඩින් කියලා ලෑලි පලන්න හදලා ඒ දේ කියලා ඌ යන්න ඇති දොර පලන්න වගෙ වහගෙන යන්න ගියෙ. ඌ දැන් සතුවෙක් අල්ලන් දගලන්නෙ. මම කරන්න ගියෙත් ඌ වගෙම නම් කොට කරන එක. එත් මම වැරදි එක තෝරගෙන

'මොන යකෙක් ගහනවද මන්දා?' මම ඌ මිස් කරන්නම හිතාගෙන තමයි පැය ගානක්ම නාන්න හැදුවේ. මම හිතන්නේ සනාව තම්බන්න මගෙ ලුණු, ගොරකා මදි වෙන්න ඇති. ඌ මම හැරෙද්දි කරන්න යන දේ දැනගන්නවා. එකනෙ මම කියන්නෙ මූට මම ලේසි වැඩි කියලා.

නුවර කියලා වෙනසක් නෑ. හොට් වෝටර් නානවා කියලා නෑවට මම ආස නෝර්මල් එන කූල් වතුර තමයි ඇගට සනීපම. උණු වතුර නාලා ගියාම එළියෙ විදින දේට වඩා ඒක වෙනමම ෆීලින් එකක්.

"ටෂි උදේට කෑවේ නෑ නේද?" පහලට යන්න නෑ දෝණි මගෙ කාමරේට එන්න ඔන්න මෙන්න තියලා හම්බෙලා ඇහුවා.

"බඩගිනි නෑ දෝණියෝ."

"නෑ නෑ... ඉන්නෝ මම කුක්කු එකක් හදලා දෙන්නා බීලා නෑ නේ ඒකවත්."

"ඔයාගෙ ඒවාට සීනි වැඩි."

"දැන් හැමදාම නොබී ඉන්නවද? අම්මට කියන්නද කුරියර් කරලා එවන්න රත් කරලා බොන්න දෙන්නම් කියලා... අම්මා කුක්කු..."

"ඇති ඇති මමම හදා ගන්නම්."

"මම හදන්නම්..." උඩ කාමරේ පඩිපෙළ අන්තිමේට සෙට් වෙන්න තියෙන්නෙ සාලේනෙ. සාලෙ සෙටියෙ ඉදන් සනා නැගිටලා කිව්වා. අරුගෙ ගෝල බාලයෝ 3 දෙනාගෙන් කෙල්ලො දෙන්නා ඇලවී ඇලවි හිනාවෙනවා. දැන් මෙතන හිනාවෙන්න මුකුත් ඌන්ට වුනාද?

"නෑ මට පුලුවන්..."

"එයා නම් කූල් බෝයි කෙනෙක් සනා... ඔයාලා එක්ක විතරයි එයා හිනාවෙලා ඉන්නෙ හුම්ම්ම්" මට කවුද කියලත් මතක නෑ අර ශේහානි එක්ක ඉන්න අනික් කෙල්ල මට කියද්දි මම එකි දිහා බැලුවා.

"බුරුවෝ ඔහොම බලන්න එපා කෙල්ල බය වෙයි."

"ඉතින් මට කියන්නෙ..."

"යමන් යන්න... තෝ නම් කවදාවත් හැදෙන්නෙ නෑ." මගෙ අතත් මිරිකගෙන මාව එතනින් ඇදන් යන ගමන් දෝණි කනට කරලා කියනවා. මේකිට මෙගෙ ආච්චි වැහිලද? ඇයි මම ගෑණු ළඟ සෙකන්ඩ් වෙන්නෙ. ඝනකම් පිරිමින්ට තියෙන ඩිමාන්ඩ් එක සියුමැලි ලේසි පිරිමින්ට නෑ යකො. ඒක තමයි ලොකුම ටිප්ස් එක.

❄ ශීත 🍻Where stories live. Discover now