46

484 108 126
                                    

රෑ වරුවේ සීතලේ නුවරඑළියෙ අහස දිහා මම බලන් ඉන්නවා. මීදුම ඇග බදු අරගෙන විනිවිද යද්දි තුහින පෙති වැටෙන දෙසැම්බරයේ නත්තල් සිරියක් එන්නෙ. බියර් කෑන් එකක් අතේ තියාගෙන මම පොඩ්ඩ පොඩ්ඩ උගුරෙන් පහලට ගෙනිච්චා... කිසිම රහක් නැති තිත්ත රහකට මම දැන් එන්න එන්නම ප්‍රේම කරන්න අරගෙන කියලා මට තේරුනා. ඒ රස දිවට අමුර්තයක් වුනේ නෑ කෝපි කෝප්පේක තිත්ත රසට හුරු වුන මගෙ දිව දැන් කාලෙක ඉදන් බියර් තිත්තේට හුරු වෙලා.. හිතට තිබ්බ බර ගතිය ඔක්කොම හේදිලා පලයන් කියලා ගත්ත සුසුම් වල බරට නහයෙන් පොඩි දුමක් පිටවෙනකොට සිගරට් නවත්තපු මට ආයෙ ඒ පැත්තට යන්න හිතුනත් මම මාව තද කරලා අල්ලන් ඉන්නවා.

"ටෂි.." ලී වැටට හේත්තු වෙලා මම මල් පාත්තිය ළඟ ඉද්දි දෝණි මගෙ ලගට ආවා.

"ඕඕ දෝණි..."

"බියර් බොනවා නේද දැන්."

"ඔයත් බොනවා නෙවේද?"

"මම දැන් වයසයි.."

"ඔයා වයසයි නම් අපේ ඔෆිස් එකෙ ඉන්න ඌන් වලපල්ලට යන්න ලගයි."

"ඌන් කෙසෙ වෙතත් මේ දෝණිට නම් යන්න වෙයි වගෙ."

"මොකක්ද?"

"න්... නෑ නිකන්...."

මම දෝණි ගාවට ගිහින් දෝණිව බදාගත්තා. එක්කෙනෙක් කිව්වා ප්‍රශ්නයක් තියෙන මිනිහෙක් ලගට ගිහින් එයාව බදාගන්න එක මනෝ වෛද ඔත්තුවක් කියලා.

"සරු කාලේ එන්න එන්නම ගෙවෙනවා ටෂි... 32යි දැන්... මම මොකද කරන්නෙ. අවුරුදු ගානක් මම නොකරපු දෙයක් තිබ්බද? නොකිව්ව දෙවියෙක් හිටියද? මට දරුවෙක් ඕනේ ටෂි... අරු ගැන මට තියෙන්නෙ එන්න එන්නම කලකිරීමක් විතරයි."

"ළමයෙක් ඉන්නම ඕනේ නෑ දෝණි සතුටෙන් ඉන්න."

"මගෙ ඔලුවේ මේ තියෙන ප්‍රශ්න වලට සැනසිල්ල දෙන වචන වැඩක් නෑ ටෂි. මට මැරෙන්න හිතිලා තියෙන්නෙ. ලොකු අම්මත් ඩොක්ටර්ලා බලන්න එක්ක යනවා. එත් වැඩක් වෙන්නෙ නෑ."

"ඔයාට දරුවෙක් ඉන්නවා... මම ඔයාගෙ පළවෙනි ළමයා..." මම දෝණිගෙ ඔලුව අත ගාන ගමන් කිව්වේ.

"දැන් වත් අර මිනිහා හැදෙනවා නම්..." ලොකු හුස්මක් අත්තැරලා දෝණි කියන ගමන් මගෙන් එහාට වුනා.

❄ ශීත 🍻Where stories live. Discover now