98

460 101 156
                                    

වෙහෙසකර දවසකට පස්සෙ සතූගෙ ආච්චි මතක් වෙන ප්ලේස් එකක නිදාගන්න හම්බුනොත් කොහොමද ලල් එක. කැප්පෙටිපොළ ඉදන් නුවරඑළියට ගොඩක් දුරයි. සමහරවිට නෑ මට මහන්සි.

"මෙහෙන් කොහෙන් හරි නවතිමු."

"මෙහෙ කොහෙද?"

"කටපියන් ඉන්න... දැන් නම් මට නවතින්න ඕනේ." පොඩ්ඩ පොඩ්ඩ කලුවර වෙලා දැන් කට්ට කලුවරයි. මීදුම හිම වගෙ අපිව වට කරලා තියෙද්දි වටෙම තිබ්බේ ඝන සුදු පාට අතුරපු සලුවක්. මට ඕනේ නිදහස් වෙන්නද? නැත්තම් මගෙ වටේට තියෙන දේවල් වලින් පොඩ්ඩක් හරි හැංගෙන්න.

නුවරඑළියට පොඩ්ඩක් දුරින් තිබ්බ අතුරු පාරෙන් මම කාර් එක දැන්මේ  බිසෝප් ගම්මානෙට යන්න.

"ටූන... මේ කැලෑවක් අස්සෙ කොහෙද අපි රිංගන්නෙ."

"උඹව බිලි දෙන්න."

"ඇත්ත, කරන්නත් බැරි නෑ... උඹ එහෙම මිනිහා."

"කරච්චලේ වහ ගන්නවා සතු..."

"ඇත්තමයි ටූන... උඹ අර්ශස් වලටවත් බෙහෙත් ගත්තොත් හොද නැද්ද?"

"අපි ආවා..."

බිශෝප් මේක හරි ලස්සන ජර්නි එකක්. කාර් එකක් ආව ගමන්ම පොඩි පොඩි ඌන් හෙලුබැල්ලෙන්ම එළියට ආවා. ඕකුන්ට තියෙන්නෙ රථ ගාය. පුංචි හිත් අස්සෙ ලස්සන හීන ගොඩාක් පොදිබදිනවා කියන්නෙ විහිලුවට නෙවේනෙ.

"කවුදැ බලහන්..." විටත් කටේ ගහගෙන අප්පුහාමි මාමා මගෙ දිහා බැලුවා. පොඩි ඈයෝ අපේ වටේට එකතු වෙලා සතූගෙ කාර් එක දිහා ආසාවෙන් බලන් ඉන්නෙ.

"මේ අහංකාර පත්තර මහත්තැ නොවැ... මොකැ මෙහෙ.."

"මාමා... අපි යනින් ගමන් ගොඩ වෙන්ට ආවේ..." මම මාමාට නමස්කාර කරලා ඒ දිහා බැලුවා. තවම සටන් පුහුණුවීම්, නැටුම් පුහුණුවීම්...

"අලුත් ලමයෙක්" සතූ දිහා උඩ ඉදන් යටටම බලපු අප්පුහාමි මාමා ප්‍රශ්නේ නැවැත්තුවා. මේ මිනිහගෙත් මෙහෙම හිටියට ෆට්ට ඇඩ් එක තියෙන්නෙ.

"මගෙ යාලුවෙක් මාමා..."

කකුලත් අමාරුවෙන් සතූ කාර් එකෙන් බැස්ස නිසා මම දුවලා ගිහින් සතූව වාත්තු කර ගත්තා. මූ ඇදගෙන වැටුනොත් ගෑණු කීයකට බෙහෙත් බදින්න වෙයිද දන්නෙ නෑ.

❄ ශීත 🍻Tahanan ng mga kuwento. Tumuklas ngayon