38

556 99 79
                                    

පාර පුරාම සුදු පාට මීදුමක් ඇදිලා ගිහින් තියෙන්නෙ. කදුකරේ ජිවිතේ මම හිතන්නෙ මීදුම එක්ක බැදිලා ඇත්තෙ. තේ කොළ කුට්ටි කුට්ටි කරලා බෙදුන ඉඩම් දෙකක් මැදින් අපි යනකොට මේ කන්දේ කොනේම රවුමට තමයි යන්න ඕනේ උඩපුස්සැල්ලාවට.

"හේයි... සීතලයි නේහ්..." බයික් එකෙ පාර බලාගෙන මම පරිස්සමෙන් යන කොට සතු නැගිටලා අත් විහිනවා පොඩි එකෙක් වගෙ. එක්කො ඌ කවදාවත් මේ ජිවිතේ විදලා නෑ, නැත්තම් මූ මේ මාව බයිට් කරනවා. අනික සතු වගෙ මිනිහෙක් ජිවිතේ විදින්න ගිහින් නෑ කියලා මට හිතන්න බෑනෙ.

"ඉදගනින්..."

"ඔව් ටූන මේ පාර හරි."

"මම ඉදගන්න කිව්වා."

"ඔව් ඔව්... ශුවර්..." මම හිතන්නෙ ඌට මම කියන එක තේරෙන්නෙ නෑ. හුළගට වචන කැපෙන නිසා. ඒ නැතත් මූට මම කියන දේ කොහොමත් තේරෙන්නෙ නෑනෙ.

"ටූන..."

"ඇයි."

"මේවා මතක තියාගන්න."

"මතක තියාගන්නම දේවල්නෙ."

"මාව අමතක කරන්න එපා..." අද මූ මොනවා හරි විශක්වත් කෑවද? 

"ටූන..."

"මොකද?"

"අපි දෙන්නම කෑ ගහමු යන ගමන්..."

"පිස්සුද බං... මෙන්න මෙහෙ යමන්." මම කියන දේ හරියට අහගන්න කියලා මගෙ  කට ලගටම අරු කන ගේනවා. මේ මගුල් පාරේ චකබලාස්ට් වුනොත් ඉතින් තේ ගහකට පොහොරක් තමයි වෙන්න වෙන්නෙ.

"වෝඕඕඕඕඕ" පොඩි එකෙක් වගෙ සතුවා කෑ ගගහා දගලන හැටි බයික් එකෙ සයිට් කණ්නාඩියෙන් මම බලන් හිටියා. මට එහෙම වෙන්න ඕනේ නෑ. එත් මම ඌ එහෙම ඉන්නවා බලන්න ආසයි.

"ආ මේ ආවේ ඩබල..." මීර්මාරවත්ත නැන්දලගෙ ගේ ලගට දාපු ගමන්ම රත් වෙලා වගෙ මුලින් ආව සෙට් එක බලන් ඉන්නවා.

"ආහ්... ඔයාලා කලින් ඇවිත්නෙ."

"ඔව් අපි බයික් උඩ නැගගෙන කෑ ගගහා ආවෙ නෑනෙ." බෙබාගෙ මූණ නිකන් වැරදිලා දාපු ආප්පයක් වගෙ එහෙම කියන්නෙ.

"මොකො ඔරොප්පුවෙන්..."

"මාව ගෑණු ටිකකට මැදි කරලා උඹලා ලල් එකෙ ආව විදිය බලන් හිටියෙ." හෙල්මට් එකත් ගලවලා කොණ්ඩේ එහාට මෙහාට කරන සතුවා කන්නාඩියෙන් ලස්සන බලනවා.

❄ ශීත 🍻Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ