"හේ හේ... අපි යන්නෙ නැද්ද ඉතින්..." උදේට කාලා ඔක්කොමත් කරලා මට ඇදගන්න කිව්ව අම්මා සබේට වෙලා කෙබර කෙලිනවා. ආයෙ ඉතින් නුවරඑළියෙම යන්න මම ලෑස්ති වෙලා ඉස්තෝප්පුවේ පුටුවක ඉදගෙන ඉන්නවා. කැප් එකත් තියෙන ටී එකත් ඔලුවේ ඉදන් දාගෙන ආයෙ සිගිති පාතාලෙ වගෙ ඉන්නෙ... ම්ම්ම් එත් කවුරුත් යන පාටක් නම් නෑ. මියුරුත් යන්නම් කියලා නංගිව ක්ලාස් දාන්න ගියා. ඌ කියලා ගියාම මට බායි නොකියා බෑනේ ඉතින් කිසිදු ස්පර්ශයකින් තොරවම මම ඌට සමුදුන්නා. පරණ හිලව් තියාගන්න මේක ගමේ කඩේ ණය පොත නෙවේනෙ.
"ඔන්න ඔන්න ඉතින් ජප කරන්න පටන් ගත්තා. මම බැලුවේ ඇයි ඕක පරක්කු කියලා." කුසුමා නැන්දා තේ බංදේසියකුත් උස්සගෙන මගෙ ලගට ආවා. ඇත්තටම මම තේ බොන්නෙ නෑ. ඔන්ලි පිටි ආ...
"මම තේ බොන්නෙ නෑ කුසුමා නැන්දේ."
"ඒ මොකො ඒ..."
"සැප වැඩිනෙ ඔය සුමිත්ගෙ ළමයි ටිකට..." නෝනි අම්මා ආයෙත් පටන් ගත්තා. මේ ගෑණිට මේ වගෙ ඒවා කියවනවට වඩා වැඩක් නැද්ද බං අපේම pk ඇගිලි ඔබන්න හදන්නෙ. අනේ අම්මපා මගෙ වැඩිමලෙක් නොවුනා නම් දනී...
"නැතුව බෑනේ අක්කෙ... දුක් විදපුවාට ඌන් සතුටුත් විදින්න ඕනේ." අප්පච්චිත් තැනට ගැලපෙන ඇණේ ගහනවා අම්මට හික් ගෑවෙන්නම. ඔහොම තමා වෙන්න ඕනේ ආයෙ කියවන් එන්නෙ නෑ. මම අහගෙන ලොකු අක්කගෙ පුතාට බනිනවා තැනකට ඇවිත් තියෙන දේට ඇගිල්ල දිග් නොකර ඉන්නවා කියලා. ඉතින් ඕක මට කෙලින්ම කිව්වා නම් ඉවරනෙ.
"කෝ බං මගෙ ස්විටර් එක... මම බෑග් එකට දාලා තිබ්බෙ." සැට් එකම කූල් එකෙ කාගෙ හරි කෝප්පයක් හෝදන්න කියලා ගේමට බහිද්දි කොහෙද හිටිය ජානකි අම්මා ආරූඪ වෙලා. අඩේ සිරාවට එයා කලින් දේවාලයක් දාගෙන ඒකෙ වැඩත් කරා. ආරූඪ වෙනවා කියලා.
"ඕ ඉන්න ඉන්න බලන්න කොහෙ හරි තියෙනවද කියලා." ලොක්කායියා කිව්වේ බඩු බනිස් වෙන බව දන්න නිසාම වෙන්න ඇති.
ඔය කලබල අස්සෙ අපේ ෆොටෝ ජෙනික් සරදියල්ව මරව මරව ෆොටෝ අරන් හාවක් හූවක් දන්නෙ නැතුව
"කෝ අපි පාර්ටි ගර්ල් එක්ක ෆොටෝ ගැහුවේ නෑ නේද?" ජානකි අම්මගෙ මූණ ෆකින් මම බුකින් වගෙ වෙලා ගිහින් මොකක් හරි කියන්න කට අරිද්දිම