48

570 104 96
                                    

මම හිතුවා අඩුම තරමේ මියුරු මට ආදරේ කරන්න ඇති කියලා. එකම හේතුව එදා රෑ මාව පෙරවපු රෙද්ද නිසා. මට ඕනේ වුනේ නෑ මියුරුව රිද්දන්න. අද ඌ මට පෙන්නපු මූණ අනුව තේරුනේ මිනිස්සු බහු වෙස්මූණු දාගෙන ඉන්න අවස්ථාවාදීයෝ කියලා.

මිනිස්සුන්ට බය වුනත් බය පෙන්නන්න එපා... ඌන්ට ඔලුව එක පාරක් නැමුවොත් හැමදාම ඔලුවට අත හෝදන්න එන්නෙ. මට ඒ කිව්ව දේ දැන් තේරෙනවා. මම ඉස්සරම හිටිය පුංචි ටෂි නොවෙන විත්තිය මටම ඔප්පු වෙලා ඉවරයි.

"ටෂි..."

"මොකො..."

"මොකො මොකො ගාන්නෙ."

"මොකො නිසා." දෝණි ඇවිත් රස බර දෙයක් අහන්න වාඩි වුනේ.

"ඒ ඇත්තටම මියුරුද ඒක කරේ."

"මම දන්නෙ නෑ."

"උඹයි ඌයි යාලුවෝ නෙවේද?"

"නෑ... යම් දෙයක් නිසා මට ඌව පෙන්න බෑ."

"මොකක්ද ඒ යම් දේ."

"ඇයි මම ඔයාට කියන්න ඕනේ."

"අගේ නැතුව කියනවකො."

"දෝණි අහන්න ආව දේ අහලා යනවකො නිදිමතයි."

"ඔය ඇදුම් පිටින්ම නිදාගන්න එපා යකො."

"හා හා.."

"මේ ඇත්තටම මියුරුද නෝනි නැන්දව අරකට දාලා ලොක් කරේ." දෝණි කුතුහලෙන් ඉන්න දේ එළියට ආවාම මම ඇස් පියාගත්තා.

"හේ ටෂි උඹ හිනා වෙනවා... මොකක්ද කියපන් කරේ..."

"මම මොනවා කරන්නද?"

"පොඩි කාලේ ඉදලා උඹ නෑදෑ තැනකට ගියොත් නෝනි නැන්දට අපලයි."

"ඉතින්..."

"ඇයි ඒ?"

"ඒක එයාගෙන් අහන්න ඕනේ මගෙන් නේවේ"

"ඇත්ත කියනවකො මොකක්ද කරේ."

"මම මුකුත් කරේ නෑ"

"කා ලව්වද කරේ"

"නෙතුකි..." මගෙ බ්‍රේක් නැති කට ඉස්සරහට එද්දි මගෙ අත ඔලුවට ගියා.

"අන්න ඒ කතාව තමයි මටත් දැන ගන්න ඕනේ."

"අයියෝ වද නොදි යන්නකො..."

"මමම හොයාගන්නම් හොදේ. එක පාරක් ස්කාප් බෑග් වලට මාරු කරලා කතන්දරයක් කරා." දෝණි එකිගෙ මේකප් ටික දාපු එකාට අනුකම්පා කරන නිසාද කොහෙද මට ඇස් පෙන්නලා යන්න ගියා.

❄ ශීත 🍻Unde poveștirile trăiesc. Descoperă acum