සපූ 🌼 Yizhan | Nonfiction

Por MAYESHA_RASANGI

18.7K 2.9K 1K

අවාරෙක ඇදහැලුන පුංචි වර්ශාවකින් පණ ගැහුන මල් කැකුළක්............. Más

පෙර හමුව
01 කොටස
02 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස ( bonus )
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
New name ❤🌼
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
🥺💔
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස ( bonus )
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
නෑකම 😅
30 කොටස
31 කොටස
32 කොටස
33 කොටස
34 කොටස
35 කොටස
36 කොටස
37 කොටස
38 කොටස
39 කොටස
40 කොටස
41 කොටස
42 කොටස
43 කොටස
44 කොටස

03 කොටස ( bonus )

512 85 18
Por MAYESHA_RASANGI



පහුවදා සෙනසුරාදා දවසක් නිසා දවසම සුදු බෙබිට ක්ලාස් කියලා දන්න නිසාම  උදෙන්ම නැගිටලා මුන සොදන් කුසුමාම්මා ගෙනත් දුන්න කිරි එකත් බිලා මම ලැස්ති වුනේ ඊයේ කතා වුනා වගෙ සුරංගලා එක්ක අඹ කඩන්න යන්න. හොරෙන් කුස්සියට ගිහින් කුසුමාම්මා මොකද කරන්නෙ බැලුවම එයැයි උදේ පාන්දරම ලොකු මැනිකෙගෙ රෙදි ගොඩක් එක්ක ඔට්ටු වෙනවා කියලා දැක්ක මන් ලිප ලග තිබ්බ ලුණු පොල් කට්ටෙන් ලුණු කැට ටික්කුත් කොලේක ඔතන් සක්කුවේ දාන් ලිද තියෙන පැත්තෙන් නොයා අනිත් පැත්තෙන් වලව් වත්තට පැනලා යන්න කියලා හිතන් කාටවත් පෙන්නෙ නැති වෙන්න පිල දිගේ හිමිට අඩිය තිය තිය ගියා. පිල දිගෙම ගිහින් අවසානෙදි වටපිට බලන්නෙ නැතුව මන් හැදුවේ දුවලා යන්න.

"සපු බෙබි උදේ පාන්දර බැරක් යනවා වගෙයි......"

වත්ත පහලට දුවන්න හිතන් ඉස්සරහට තිබ්බ මගෙ කකුල් දෙක එක තැන නැවතුනේ පිටි පස්සෙන් ඇහුන කටහඬ නිසා. ඉන්න විදිහටම කපටි හිනාවක් ගත්ත මම පිටි පස්ස හැරිලා බැලුවේ වැඩෙ මාට්ටු නිසා.

"හි හි සුදු බෙබි..... අද ක්ලාස් ගියෙ නැතැයි......"

බිත්තියට හෙත්තු වෙලා සරමේ කොනක් අතකින් උස්සන් ඉන්න සුදු බෙබි දිහා මන් හිනා වෙලා බැලලා ඇහුවම නලලත් රැලි කරන් රවා ගත්ත සුදු බෙබි මගෙ පැත්තට එන්න ආවා.

"කොහෙද මේ යන්න ගියේ හොර ගල් අහුල අහුල......"

"මේ.... මේ මන් මේ....."

"ඔව් කොහෙද යන්න ගියේ....."

"සුරංගලත්එක්කඅඹකඩන්කන්නකුඹුරටයන්නගියේ......"

දාන් හිටිය සෙරෙප්පුවෙන් පොලවත් හාරන ගමන් එක දිගට මන් කියවන් ගියාම ඇහි බැමකුත් උස්සන් මන් දිහා ටිකක් වෙලා බලන් හිටිය සුදු බෙබි මාවත් පහු කරලා සමරත් එහෙම්මම අතින් උස්සන් අත් දෙකත් පිටි පස්සට බැදගෙන වත්තට පහලට යන්න ගියේ මම එහෙම්ම එතන බලන් ඉද්දි.

"දැන් අඹ කඩන්න යනවා කිව්වා නෙද..... මොකද තාම ඔතන ඉන්නේ....."

ටිකක් දුර ගිහින් හැරිලා සුදු බෙබි කිව්වම මම පුදුමෙන් සුදු බෙබි දිහා බැලුවා.

"ඈත්තටම ගියාට කමක් නැද්ද සුදු බෙබි......"

"කමක් නැ......."

සුදු බෙබි කමක් නැ කිව්වම උඩ පැන පැන දුවලා මම සුදු බෙබි ලගට ගිහින් එයාගෙ අතෙ එල්ලුනා.

"ඇත්තටම කමක් නෑද......"

"ම්ම්ම්......"

"හි හි මගෙ හොද සුදු බෙබි....... ම්ම්ම්ම්මා......!

සුදු බෙබිගෙ අතින් ඇදලා පහත් කරන් කම්මුලට හාදුවක් දුන්න මන් දුවලා වත්ත පහලට යන්න ගියා

"හැබැයි මාත් එනවා....."

ආයෙත් මග නැවතුන මම කටත් ඇරන් සුදු බෙබි දිහා හැරිලා බැලුවේ එයා ඇත්තටම යන්න එනවා කිව්වද කියලා හිතා ගන්න බැරුව. මොකද සුදු බෙබි කවදාවත් මන් වගෙ ගමෙ අනිත් අයත් එක්ක ආශ්‍රයක් තිබ්බ කෙනෙක් නෙවෙයි වගෙම වලව්වෙන් පිට ගමෙ කොහෙවත් ගිහින් නැ. මම කට ඇරන් බලන් ඉද්දි මන් ලගට ආව සුදු බෙබි මගෙ නිකටට අත තියලා මගෙ කටත් වහලා ඉස්සර වෙලා යන්න ගියා. ඇත්තටම එයා එනවා කියලා තෙරුන නිසා මම දුවලා ගිහින් සුදු බෙබිගෙ අතෙ එල්ලිලා එයා එක්ක යන්න ගත්තා.

"ඇත්තටම සුදු බෙබි මේ මන් එක්ක අඹ කන්නද යන්න එන්නේ......"

"ම්ම්ම්ම්ම්....."

"අඩෙ මරු අප්පා...... ඔයාට කියන්න සුදු බෙබි මගෙ යාලුවොන්ගෙ අයියලත් වෙලාවකට ඇවිත් අපිට අඹ කඩලා දෙනවා...."

"ම්ම්ම්ම්...."

"අද මගෙ සුදු බෙබිත් මට අඹ කඩලා දෙන්න මන් එක්ක යන්න එනවා...... මට හරි සතුටුයි......"

මම එහෙම කිව්වම මන් දිහා බලුව සුදු බෙබි  මගෙ කොන්ඩෙ අව්ල් කරලා මාත් එක්ක හින උනා. සුදු බෙබිගෙ අතෙ එල්ලිලා මම ගොඩක් දෙවල් එයා එක්ක කියව කියව වලව් වත්තෙන් පාටර ඇවිත් කුඹුර දිහාවට යන්න ගත්තා.

"සුදු බෙබි අර.... එ පෙර ගහේ ගෙඩි පිරිලා....."

"සපුට පේර ඔනිද....."

"ඔව්නේ..... ඔහොම ඉන්නකෝ මම සුදු බෙබිටත් එක්ක කඩන් එන්නම්......."

පාර අයිනේ තිබ්බ ලොකු පෙර ගහක් පෙන්නුවම සුදු බෙබිත් එක දිහා බැලුවා. එකෙ ගෙඩි පිරිලා ඉදිලා තිබ්බ නිසා මම සුදු බෙබිටත් එක්ක කඩන්න ගහට නගින්න හැදුවම මාව නැවැත්තුව සුදු බෙබි සරම කැහැපොට ගහ ගහන් ගහට නැගලා ගෙඩි කඩාගෙන මගෙ අතට දාන්න කිව්වම බිමට නොදා සරම් ගැටෙ අස්සෙ ඔතාගෙන ගහෙන් බැස්සා. බැහැලා මන් ලගට ඇවිත් සරම් ගැටෙ අස්සෙන් ලොකු පෙර ගෙඩියක් අරන්  එකෙ කුඹි ඉන්නවද බලලා රොඩු අයින් කරලා සරමෙන් ගෙඩිය හොදට පිහ දලා මගෙ අතට දුන්නා. හිනා වෙලා පෙර ගෙඩිය අතට ගත්ත මන් සුදු බෙබිගෙ අතින් අල්ලන් එක කන ගමන් යන්න ගත්තා.

"අම්මෝ සුදු බෙබි කාලෙකින් වලව්වෙන් එලි බැහැලා තියෙන්නේ....."

පංතිද කොහෙද යන ගමන් හිටිය ගමේ කෙල්ලො ටික අපි දැකලා නතර වුන නිසා අපිත් නතර වුනා. ඒ අයගෙන් මිනරි අක්කි සුදු බෙබි දිහා බලන් හිනා වෙලා කිව්වම සුදු බෙබි එයාට නෙවෙයි වගෙ අහක බලා ගත්තා.

"අද මොකද ක්ලාස් එන්නෙ නැද්ද ආරද්..... හවසට මන් වලව්වට නොට් ටික ගෙනත් දෙන්නද....."

"එපා ඔනි නැ....."

මිනරි අක්කා සුදු බෙබිගෙම වයස නිසා දෙන්නා එකම පංතියට යන නිසා නොට් ටික අත ලගටම ගෙනත් දෙන්නද කියලා අහපු මිනරි අක්කටත් ගහ ගන්න වගෙ එපා කිව්ව සුදු බෙබි මාවත් ඇදන් ඉස්සරහට යන්න ගියේ මිනරි අක්කගෙ මුන කලු වෙලා යද්දි. මිනිස්සු තරහා කරන් බැරි නිසා මම සුදු බෙබි පස්සෙ ඇදිලා ගියේ එ අක්කලා ටිකට හිනා වෙලා අත වනන ගමන්.

"අහ් අද සුදු බෙබිත් එක්ක ඇවිල්ලනේ....."

අඹ ගහ යටට වෙලා හිටිය සුරංග එහෙම කිව්වම මම එයාලා එක්ක හිනා වෙලා සුදු බෙබිගෙ සරම් ගැටෙ තිබ්බ ඉතුරු පෙර හතර අරන් එයාලට දුන්නා.

"ඔයාට නැති උනානේ සුදු බෙබි..... කමක් නැ මෙක කන්නකෝ....."

සුදු බෙබිට පෙර ගෙඩියක් ඉතුරු නොවුන නිසා මගෙ අතෙ තිබ්බ පෙර කැල්ල දික් කරාම හිනා වෙලා  එක අතට ගත්ත සුදු බෙබි කටින් කැල්ලක් කඩාගෙන අනිත් කැල්ල මට දුන්නා. එ කැල්ලත් සම්පුර්ණයෙන්ම කටෙ දාන් කලා ඉවර උන මන් ගහ දිහා බැලුවේ අඹ කඩන්න. අල අඹ ගහේ ගෙඩි පිරිලා. ගමෙ අඹ ගස් ගොඩක් තිබ්බත් අපි කැවොත් මිසක් අනිත් අයටනම් ඔවාගෙ ගානක් නැ. ඒ නිසා ඉතින් හැම ගහකම වගෙ අඹ හැදෙන කාලෙට ගෙඩියක් වරදින්නෙ නැ.

"සුදු බෙබි මම ගහට නගින්නද....."

"එපා......"

කලින් පෙර ගහට නගින්න දුන්නෙ නැති නිසා සුරංගයි නිමලුයි ගහට නගිනවා බලන් හිටිය මන් සුදු බෙබිගෙන් ඇහුවේ හා කියයි කියලා හිතිලා උනත් ගත්ත කටටම එපා කිව්ව සුදු බෙබි ගහට නැන්ගම මම දිනිතියි සුපුනියි එක්ක පහලට වෙලා බලන් හිටියා. අඹ ගැට පහලවක් විතර කඩලා ඉවර වෙලා වක්කඩෙ වතුර වලින් එ ටික සොදන් අල කොල කඩන් පිහදා බිල එලලා එක උඩින් අඹ ගෙඩි තියලා අපි අඹ කපන්නම ගහ ලගම හංගලා තිබ්බ  උල් පිහිය අරන් බිම ඉදගෙන ඇඹ ගෙඩියෙ ඇටෙ සුද්ද කරලා අයින් කරලා දිනිති ගෙදරින් අරන් ආව කොච්චියි මම අරන් ආව ලුණු කැටයි අඹ ගෙඩියේ ඇතුලට දලා කෙටුවා. රතු පාට හීන් කොච්චි කෙටිලා රතු පාටට ඇතුලෙ හොදි එලියට පෙරෙද්දි කොටන එක නවත්තලා අඹ ගෙඩිය දෙකට කපලා අපි කන්න ගත්තා.

"සුදු බෙබි ආ......"

"මට එපා සපු කන්න....."

අඹ කැල්ලක් මම සුදු බෙබිට දික් කරාම එයා එපා කියලා අඹ ගහට හෙත්තු වෙලා කුඹුර දිගා බලන් ඉන්න ගත්තා.

"සපු ගොඩක් මිරිස් එක්ක කන්න එපා ඔයාට සැර වෙයි......"

රතුවට රතුවෙ කොච්චි කෙටිලා තිබ්බ අඹ කැල්ලක් මම කටට ලන් කර ගද්දිම අඹ ගහට හෙත්තුවෙලා බිම ඉදගෙන අපි අඹ කන දිහා බලන් ඉන්න සුදු එහෙම කිව්වම මන් එයා දිහා බලුවා.

"නැ මට කන්න පුලුවන් සුදු බෙබි.... සපු දැන් ලොකු ලමයෙක්නේ......"

එහෙම කියලා සුදු බෙබි මන් දිහා බලන් ඉද්දිම අඹ කැල්ලෙන් මම කැල්ලක් කඩලා අරන් මුනත් ඇඹුල් කරන් කන දිහා සුදු බෙබි හිනා වෙලා බලන් හිටියා. අඹ කැලි දෙක තුනක් කලා ඉවර උනාම තමා මට තෙරුනේ සුදු බෙබි කිව්ව දේ අහන්න තිබ්බෙ කියලා. ඇස් වලින් කදුළුයි හහයෙන් හොටු දියර ගලද්දි මුනත් රතු කරන් දාඩියත් දාන් දිව එලියට දාගෙ මම හැ හැ ගාන්න ගත්තෙ කට දන නිසා.

"කිව්වනේ මන් සැර කන්න එපා කියලා......."

ගහෙන් මැත් වෙලා මන් ලග ආව සුදු බෙබි මගෙ මුන පොඩ්ඩක් පහත් කරලා එයාගෙ ඇදන් ඉන්න ශර්ට් එකෙන් මගෙ මුන පිහලා සරමත් කැහැපොට ගහන් ආයෙත් ගහට නැන්ගා. ගාහා උඩට නැන්ග සුදු බෙබි උඩම තිබ්බ අඹ ගෙඩියක් කඩන් ඇවිත් කුඹුරෙ වක්කඩ වලට වතුර යන පොඩි දිහ කඩිත්තකින් අඹ ගෙඩිය සොදලා එකෙ පොත්තන් පොඩ්ඩක් අතින් පොඩි කරලා කට්න් චුට්ටක් හපලා ලෙල්ල ඇරලා මගෙ අතට දුන්නා. එක ඉදුණු අබ ගෙඩියක්, සැර නිසාම මම එක ඉක්මනට කන්න ගත්තේ අනිත් අය ඉදුණු අඹ ගෙඩිය දිහා බලන් ඉද්දි

"අනේ සපුගේ මුන රෝස පාට වෙලානේ සැර නිසා......"

මම ගොඩක් සුදු නිසාමද මන්දා සැර නිසා මගෙ මුන රොස පාට වෙලා කියලා කියන් මගෙ මුන දිහා බලන් ආව සුපුනි මගෙ මුන මිරි කන්න ආවම බෙබි හාමු එයාගෙ අත තද කරලා අල්ල ගත්තා.

"සපුව අල්ලන්න එපා...... සපු අල්ලන්න අයිති මට විතරයි....."

"ආව් සුදු බෙබි....."

සුපුනිට එහෙම කිව්ව සුදු බෙබි සුපුනිගෙ අත ගසලා දලා සුපුනි අත අල්ලන් කැ ගහද්දි මගෙ අතින් අල්ලන් මාව ඇදන් ආවේ අර අයට යන්නන්වත් නොකියා. සුදු බෙබි ඔහොම්මයි ලොකු මැනිකේගෙ අයියලාගෙ ලමයි මාව අල්ලන්න හැදුවත් තරහා යනවා. මාව කාටවත් අල්ලන්න දෙන්නෙ නැ.

"සුරංගෝ හෙට එන්නම් ඇ....."

සුදු බෙබි අල්ලන් ඉන්න අතින් නැතුව අනිත් අතින් එයාලට බායි කිව්ව මන් ඉදුණු අඹ ගෙඩියත් කකා සුදු බෙබි පිටි පස්සෙන් ඇදිලා ගියා. මාවත් ඇදගෙන ආව සුදු බෙබි නතර උනේ කුඹුරට ටිකක් එහායින් වෙන්න තියෙන ගමෙ අය නාන ලගට.

"කෝ ඔක විසික්කන්න දැන්..... කටෙ වටෙම ගාගෙනනේ......"

මම ලෙවකන ගමන් හිටිය අඹ ඇටය අරන් විසික් කරපු සුදු බෙබි ඇල ලග තිබ්බ ගලක් උඩින් මාව වාඩි කරලා ඇලෙන් එයාගෙ අත තෙමාගෙන මගෙ කට වටෙ පිහ දලා මන් ලග ඉද ගත්තා.

"ඇයි සුදු බෙබි ඔයාට තරහා ගියේ....."

"සපුව කවුරුත් අල්ලනවට මන් ආස නැ කියලා දන්නවනේ....."

'එතකොට කුසුමාම්මායි ලොකු හාමුයි ඇල්ලුවට සුදු බෙබි මුකුත් කියන්නෙ නැනේ......"

"ඒ එ අයනේ..... එ දෙන්නයි මායි ඇරෙන්න සපුව වෙන කාටවත් අල්ලන්න දෙන්න එපා..... තෙරුනාද සපුට....."

"හුම්ම්ම් හාකෝ....."

සුදු බෙබි ඇල දිහා බලන් කල්පනා කරන්න ගද්දි ගල වටෙ තිබ්බ බොරළු කැට අරන් මන් ඇලට දමලා ගැහුවේ කරන්න දෙකුත් නැති නිසා. සුදු බෙබි මාව ඇදන් ආවෙ නැත්තම් මට අර අය එක්ක බට්ටා පනින්නත් තිබ්බනේ අප්පා. මොකට කෙන්ති ගන්නවද මන්දා. අර ලොකු මැනිකේ කියන විදිහට සුදු බෙබිට මෙහෙම කෙන්ති ගියොත් සුදු බෙබි ඉක්මනට නාකි වෙයි. එතකොට එයාගෙ කොන්ඩෙත් සුදු වෙයි. අර කලු සියා වගෙ හැරමිටියෙනුත් යන්න වෙයි. හැයියා මට සුදු බෙබි නාකි වෙලා කොන්දත් කුදු කරගෙන හැරමිටියෙන් යනවා මැවිලා පෙනවා.

"මොනවා හිතලද සපු ඔය හිනා වෙන්නෙ....."

"ඇ....."

"ඇ නෙවෙයි....... තනියම මොනා මතක් කරන්ද හිනා වෙන්නේ......"

හැයියා මම සුදු බෙබි නාකි වෙලා ඉන්නවා හිත හිත තනියම හිනා වෙලාද කොහෙද,

"නැ මේ හි හි...... සුදු බෙබි ඔහොම කෙන්ති ගන්න නිසා.... ලොකු මැනිකේ කියනවා වගෙ සුදු බෙබි අර කලු සියා වගෙ නාකි වෙලා හැරමිටියෙන් යනව මට මැවිලා පෙනුනනේ......"

"අහ් ඇත්තද...... මම නාකි වෙලා ඉන්නවද කල්පනා කරෙ...... ඉන්නවකෝ සපු මම ඔයාට....."

සුදු බෙබි එහෙම කියන් මාව ඇදලා අරන් මාව කිචි කවන්න ගත්තේ මම අත් පය ගස ගස හයියෙන් හිනා වෙද්දි

"අනේ එපාහ්..... සුදු බෙබි..... අහ්...... හා හා හා...... කිචි අනේ......"

"ආය මන් නාකි වෙලා ඉන්න විදිහ ගැන කල්පනාඔ කරනවද අහ්..... කෝ කියනවා ආය කල්පනා කරනවද...."

මම කොච්චර ඇති කිව්වත් සුදු බෙබි නැවැත්තුවෙ නැති තැන අපි දෙන්නගෙම දැගලිල්ල නිසා දෙන්නම ගලෙන් ලිස්සලා ඇලට ඇදගෙන වැටුනා..........


..................................................................................

හේ හේ ඔන්න කිව්ව වගෙම තව කොටසක් ගෙනාවා. හොදයිද මන්දා අනෙ කතාව.

ඔයාලගෙ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ.

🌼❤️👉👈

Seguir leyendo

También te gustarán

1.6K 200 10
මට මතක් උනේ ඒ නපුරු ඇස් දෙක... අදටත් දන්නෙ නෑ ඇයි එයා මට මෙච්චර නපුරු කියලා... ඒත් ඒ නපුරු ඇස් දැනටම මාව පිස්සෙක් කරලා ඉවරයි... ඒ ඇස් දෙක නම් මට කවදා...
1M 37.9K 90
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
1M 18.7K 43
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
3.9K 802 5
ආදරයයි හිතේ තියන කැමැත්තයි හරි හැටි තේරුම් ගන්නට තමන්ට නොහැකි වුනොත්... අපේ හිතේ ඉන්න අපි මේ ලෝකේ ඉන්න වැඩියෙන්ම කැමැති කෙනා ඇවිල්ලා කියලා දුන්නොත්...