සංසාර සිහින | TK | Nonfiction...

By Sukii_7_

13.3K 1.5K 2.2K

| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි ද... More

පිවිසුම 💭
පළමුවන සිහිනය 💭
දෙවන සිහිනය 💭
තෙවන සිහිනය 💭
හතරවන සිහිනය 💭
පස්වන සිහිනය 💭
හයවන සිහිනය 💭
සත්වන සිහිනය 💭
අටවන සිහිනය 💭
නවවන සිහිනය 💭
දහවන සිහිනය 💭
එකොළොස්වන සිහිනය 💭
දොළොස්වන සිහිනය 💭
දහතුන්වන සිහිනය 💭
දාහතරවන සිහිනය 💭
දහසයවන සිහිනය 💭
දාහත්වන සිහිනය 💭
දහඅට වන සිහිනය 💭
දහනව වන සිහිනය 💭
විසි වෙනි සිහිනය 💭
විසි එක් වන සිහිනය 💭
විසි දෙවන සිහිනය 💭
විසි තුන්වන සිහිනය 💭
විසි හතරවන සිහිනය 💭
විසි පස්වන සිහිනය 💭
විසි හය වන සිහිනය 💭
විසි හත්වන සිහිනය 💭
විසි අට වන සිහිනය 💭
විසි නව වන සිහිනය 💭
තිස්වෙනි සිහිනය 💭
තිස් එක්වෙනි සිහිනය 💭
තිස් දෙවෙනි සිහිනය 💭
තිස් තුන්වෙනි සිහිනය 💭
තිස් හතරවැනි සිහිනය 💭
තිස් පස්වැනි සිහිනය 💭
තිස් හයවැනි සිහිනය 💭
තිස් හත් වන සිහිනය 💭
තිස් අටවන සිහිනය 💭
තිස් නව වන සිහිනය 💭

පහළොස්වන සිහිනය 💭 bonus

260 37 32
By Sukii_7_

සීතල සුළං රැල් ගෝල්ෆේස් පිටිය පුරාම ඒ මේ අත ඇදෙද්දි සෙනග අස්සෙන් දුවගෙන ආපු පොඩි කොල්ලෙක් මිනිස්සු අතරින් දුවගෙන ගියේ දෑසම ඒ අත් වලින් පිසදමමින්.

.

සිහින POV.

මන් හිතුවේ නෑ ආක්ෂ අයියා එහෙම සැර වෙයි කියලා. ඒත් එයාටත් මොකක් හරි හේතුවක් ඇති. සමහර වෙලාවට එයා ඉස්සරහදි මේ මට වෙනවා වගේ. මට එයාව තේරුම් ගන්න පුළුවන්. ඒත් මට දුක හිතුණා. ඉතින් මන් මුකුත් නොහිතාම දුවගෙන ආවේ හැමෝගෙන්ම ඈතට. හරියට, දුක හිතුණම ගෙදරදි කරනවා වගේ. ඒත් මන් ගොඩක් දුර දුවන් ඇවිල්ලා කියලා තේරුණේ වටපිට බලද්දි. මන් එහෙමම ලග තිබුණ පඩියක් උඩින් වාඩි උනා. ලාවට හද පායගෙන එන ඈත අහස දිහා බලන් මන් කල්පනා කරා. "මට අද එන්නෙ නැතුව ඉන්න තිබුණා". මට එහෙම හිතුණත් මන් කල්පනා කරේ අද මන් කොච්චර විනෝද උනාද කියලා. පුංචි දෙයක් නිසා ආක්ෂ අයියාගේ වචන වලින් මගෙ හිත රිදුණත් එයාලා හැමෝම නිසා අද මන් සතුටින් හිටියා. ඉතින් ඇයි ඒ වගේ පුංචි දෙයක් නිසා ඒ හැමදේම අමතක කරලා දාන්නෙ. ආයෙත් මන් එහෙම හිතුවා.

"අයියලා මාව හොයනවද දන්නෙ නෑ"

මන් එහෙම හිතද්දිම මට දැනුනා මන් ලගින් කවුරුහරි වාඩි උනා. මගෙ හිත ගැස්සුනා. කවුද කියලා දන්නෙ නැති නිසා මන් ඒ පැත්ත බැලුවේ නැත්තේ කවුරු උනත් ගනන් නොගෙන ඉන්න හිතාගෙන.

සිහින POV end.

.

.

ආක්ෂ POV.

"සිහින!"

සිහින හොයාගෙන දුවපු කකුල් අතරමග නවතිද්දි මන් දැක්කේ පඩිපේළියක් උඩ වාඩි වෙලා ඈත බලන් ඉන්න සිහිනව. මටත් නොදැනිම මගෙ තොල් අග ඒ නමම ආයෙ ආයෙත් මිමිණුනා. අඩ අදුරේ උනත් පිටිපස්සට පෙනුණ ඒ රූපෙ ඈතටත් මන් අදුනගත්තා. මන් හිතන්නේ මගෙ හුස්ම වැටෙනවා කියලා මට දැනුනේ එවෙලේ. හරියට කවුරුහරි සිහිනව උදුරගෙන ගියා වගේ දැනුණ හැගීම් ගොන්න මගෙන් මොහොතකට ඈතට ගහගෙන ගියේ මගේ ඇගේ වැදිලා මුහුද දිහාවෙන් හමන් ගියපු සුළං රැල්ලේ..

දුවලා ඇවිල්ලා බදාගන්න හිතුණේ ඇයි කියලා මට නොතේරුණත් මන් හෙමින් සැරේ සිහින දිහාවට ඇවිදගෙන ආවා. ආපු විදියටම සද්ද නොකර සිහින ලගින්ම වාඩි වෙද්දි මට දැනුනා සිහිනව යන්තම් ගැස්සුනා. අනිවාර්යයෙන් හිතන්න ඇති කවුරුහරි රස්තියාදුකාරයෙක් හරි හොරෙක් හරි කියලා. පණ්ඩිතයා වගේ දුවගෙන ආවට ඔය දැන් බය වෙලා ඇත්තේ..

"සිහින..!"

ඒ ඇස් මගෙ දිහාවට හැරිලා ආයෙම අහක බලාගත්තා. තියෙන ගනන් බලන්නකො. තේව්ගෙම මල්ලිනේ. ඒ බලපු මොහොතට උනත් මන් දැක්කා ඒ ඇස් දිලිසුනා. හැබැයි වෙනද වගේ නෙමෙයි ඒ කදුලු වලට. "මට සමාවෙයන් සිහින. අයියා සැර කරන්න හිතුවේ නෑනේ".. කටින් වචනයක් වත් පිට නොවුණත් මගෙ හිත නම් හරි හරියට කතා කරා. කොහෙද ආක්ෂගෙ ආඩම්බරකම අඩු වෙන්නෙත් නෑනෙ සිහින!! අන්තිමට කොහොමහරි රේස් දිව්ව හදවත සන්සුන් කරගත්ත මන් ඒ වගක් නොඅගවා වචන දෙක තුනක් එළියට දා ගත්තා.

"මන් බය උනා සිහින"

මන් එහෙම කිව්වම ඒ ඇස් මගෙ දිහාවට හැරුණේ ඇස් වල පිරිලා තිබුණ පුදුමයක් එක්ක.

"නෑ මන් කිව්වෙ මේ...ම්..මන් කොච්චර හෙව්වද දන්නවද කොහෙද ඔහොම යන්නෙ. අරුන් දෙන්න දැනගත්තා නම් මෙතන යකා නටලා. හදිසියකට කතා කරන්නවත් විදියක් නෑ.. මන් ටිකක් කලබල උනා සිහින...!! සැර කරාට සමාවෙන්න...."

මුල් ටික කලබලෙන් කියවන් ගියාට මොකද අන්තිම හරිය මටත් නොදැනි ඇහෙන නෑහෙන ගානට හඬ හීනවෙලා තිබුණා. මට අහන්න ඕන උනා ඔය හිත රිදුනද කියලා කොහෙද ආක්ෂගේ ලොකු කම අඩු වෙන්නෙ නැහැනේ.

"සිහිනට යන්න ඕනම උනානම් ඇයි අයියලා ඉන්න තැනට ගියේ නැත්තෙ සිහින."

"අයියා ඇහුවොත් ඇයි කියලා?"

"හ්ම්ම්" ඒකත් ඇත්ත ඉතින්.

"ආයෙ ඔය වගේ වැඩ කරන්නෙපා හරිද"

"හරි අයියේ"

ඒ අස්සෙ කෝල් එකක්. සාක්කුවට අත දාලා ෆෝන් එක ගත්ත මන් කෝල් එක විශාකගෙන් නිසාම ආන්ස්වර් කරලා කනේ තියාගත්තා.


"උඹලා දෙන්නා අපිටත් නොකියා පැනලා ගියාද?"

"මොකක්ද ඒ කතාව?"

ඒ තේව් ගෙ කටහඬ. අනේ ඉතින් මැවිලා පේනවා තේව්ගෙ මූණ. විශාකත් තේව් ඉස්සරහ ඕන්නැති ඒවනේ කියවන්නෙ.

"නිකන් බං. පොඩ්ඩක් ඉන්නෝ."

"අපි දෙන්නා හැමතැනම හොයනවා උඹලා කොහෙද ඉන්නෙ?"

"අපි මේ ගල් පඩිය උඩ බං. පඩිපෙළ නැගලා ඉස්සරහට වරෙංකො.............අන්න ඒ හරියට වරෙන්"

"ආ දැක්කා දැක්කා"

"හ්ම්ම්"

කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දාගත්ත මන් නැගිටින්න ගිහින් ආයෙ ටිකකට නැවතුනේ දෙයක් මතක් උන නිසා.

"කෝ ඔය කදුලු පිහදාගන්න. අයියා දැක්කොත් හිතයි මන් බලහත්කාරකම් කරලා කියලා"

"අ...අනේ අයියේ...!"

කොල්ලගේ මූණෙ යන්තම් හිනාවක් ඇදුනා. අනිවාර්යයෙන් ඒ කම්මුල් රෝස පාට වෙලා ඇති. මගෙන් හැන්ගුවට හැමදාමත් මගෙ සමහර වචන ඉස්සරහ ඒ කම්මුල් රෝස පාට උන හැටි මන් බලන් හිටියේ ආසාවෙන්... ඔහොම වෙද්දි මට ලෝභ හිතෙනවනේ බං..

"අඩන්නෙපා ඉතින්. මොනවහරි කමුද? කන්න ඕනි කිව්වනේ?"

"එපා"

"අර මොකද? තරහ වෙලාද?"

"නෑ.."

"මෙන්න මෙහෙ වරෙං බං. උඹත් බබෙක් වගේනේ"

සිහිනගෙ අතින් ඇදලා යන්තම් නැගිට්ටවගත්ත මන් අර දෙන්නවත් අඩගහගෙන ආවේ පෙට්ටි කඩයක් ගාවට.

"මොනවද කන්නෙ?"

මන් සිහිනගෙ ලගට නැවිලා ඇහුවේ මොනවද ඕන කියලා.

"උඹ අපෙන් අහන්නෙ නැද්ද??"

"ඒකනේ ආක්ෂ අයියේ. අපි ඔටුවොද??"

"නෑ. උඹ තාර පැටියෙක්නේ බං!"

විශාක තේව්ගෙ කනට කරලා එහෙම කියනවත් යන්තම් මට ඇහුණා.

"උඹලා දෙන්නට මොනවද ඕන?. අද මන් ගානෙ"

හැමෝටම කඩචෝරු අරගෙන ඇතිවෙන්න කාලා අයිස්ක්‍රීම් නුත් අරන් බස් හෝල්ට් එකට එනකන් ඒකත් කකා ආපු අපි බස් එකක් එනකන් හෝල්ට් එකට වෙලා ඉද්දි සිහිනගෙ ෆෝන් එක රින්ස් යනවා මන් බලාගෙන හිටියේ. කතා කරලා තේව්ගෙ ලගට ආපු සිහින ෆෝන් එක තේව් අතට දුන්නේ පුංචි අම්මා කතා කරනවා කියලා. නැන්දා බය වෙලා ඇති රෑ වෙලා නිසා. මායි විශාකයයි දෙන්නත් එදා වගේම පොඩි උන් දෙන්නව ගෙවල් වලටම ගිහින් දාන්න හිතාගෙන මහරගමටම ටිකට් ගත්තා. අපිම එක්කන් ඇවිත් මේ රෑ තනියම යවන්න බැහැනේ.



බස් එකේ එද්දිත් අපිට ඉස්සරහින් වාඩි වෙලා යන තේව් සිහින දෙන්නා දිහා බලාගෙන මන් කල්පනා කරේ සිහින ඊට පස්සෙම මන් එක්ක වැඩිය කතා කරේ නැහැ නේද කියලා. "තරහද දන්නෙ නෑ. යන්තම් ටිකක් කතා කරලා ෆිට් වීගෙන ආවා විතරයි. උඹ ගම කෑවනේ ආක්ෂ....~~ ආහ්හ්"

එහෙම හිතන ගමන් සීට් එකට ගහපු පාර වැදුනේ යකඩෙට වෙද්දි මට ටිකක් කෙදිරි ගෑවුණා. ගහපු පාරත් එසේ මෙසේ නෑ. අලාභ ගෙවන්නත් කියයිද දන්නෙ නෑ.

"මොකද උඹට කිරිපනු ගායද?"

"ගාය මන් කියන්නෑ ගාය මොකක්ද කියලා"

"උඹ මුකුත් කියන්නෙ නැහැනේ බං. ඔක්කොම හිතේ තියන් ඉන්නවා විතරයිනෙ"

උඹ මාව හරියටම දන්නවා විශාක.!! කොහොමද බං ඔහොම තේරුම් ගන්නෙ. සමහර මිනිස්සු හරි පුදුමයි. උන්ට පුළුවන් අපි කියන දේවල් වලට වඩා අපි නොකියන දේවල් තේරුම් ගන්න. විශාකත් එහෙම කෙනෙක්.

"උඹ මොකක් හරි ප්‍රශ්නෙකද?"

"හ්ම්ම්"

උගේ ප්‍රශ්නෙට යන්තම් මගෙන් ලැබුණෙ මිමිණුමක් විතරයි. අපි බහින තැනටත් ඇවිත් තිබුණ නිසා බස් එකෙන් බැහැලා හැමෝම තේව්ලගෙ ලේන් එක දිගේ ඇවිදගෙන එන ගමන් හිටියේ.

"උඹ කිව්වෙ නැහැනෙ. මොකක්ද බං අවුල?"

"සිහින මන් එක්ක කතා කරන්නෙ නැහැ"

"මොකද තරහ වෙලාද"

"තරහ වෙන්න අපි යාලු වෙලා හිටියේ නැහැනෙ බං."

"ඒකනේ උඹෙන් කලින්ම ඇහුවේ යාලු කරලා දෙන්නද කියලා."

ලොකු හුස්මක් පහළ දාපු මන් බැලුවේ අපිට ටිකක් ඉස්සරහින් ඇවිදන් යන පොඩි දෙන්නා දිහා.

"මන් සිහිනට සැර උනා බං. හිතලා කරේ නැහැනෙ. උඹ දන්නෝනෙ සිහින තේව් වගේ නෙමෙයි. ගොඩක් සංවේදී. මට හෙන අවුල් ඕයි"

"ආක්ෂ!!"

විශාක මගෙ නලලට අත තියලා බලද්දි මන් උගේ අත ගසලා දැම්මා.

"මොකෝ බං"

"මේ උඹමද?. යකඩෝ. කවද්ද බං උඹ කවුරුවත් ගැන ඔච්චර හිතුවේ? කෙල්ලෙක් ගැනවත් මෙච්චර කාලෙකට මෙහෙමයි කියලා නොහිතපු උඹ අද කොල්ලෙක් ගැන වද වෙන තරම්"

අත පය දික් කර කර කතා කරන විශාක කියන හරුපයක් තේරුම් ගන්න උත්සාහ කරන ගමන්ම මන්, තේව්ලගෙ ගෙවල් කිට්ටුවටම ඇවිත් තිබුණා.

"අපි ඒක ගැන පස්සෙ කතා කරමු බං"

"හරි හරි බං"

අපි ගෙවල් කිට්ටුවටම එද්දි තේව්ලගෙ අම්මා වෙන්නැති කියලා හිතන්න පුළුවන් ගෑණු කෙනෙක් ගේට් එක ගාවට වෙලා බලන් හිටියේ මන් හිතන විදියට අපි පරක්කු උන නිසා වෙන්නැති. දෙතුන් පාරක්ම කතා කරලා කොහෙද ඉන්නෙ අහනවත් මන් බලාගෙන. අපෙ අම්මත් කෝල් කරපු වෙලේ මට කෑම තියන්නත් එපා කිව්වේ අද බඩ පැලෙනකන් එක එක ජාති කාපු නිසා.

"අම්මේ මොකද මේ එළියට වෙලා කරන්නෙ?"

"මන් බලන් හිටියේ පරක්කු නිසා"

"අපි ආපු බස් එක ටිකක් ස්ලෝ අම්මෙ"

"හරි හරි...මේ ළමයි එක්කද ගියේ දරුවනේ"

"ඔව් අම්මේ"

"පුතා කියලා තියෙනවා ඔය ළමයි ගැන. යමු ඇතුළට"

"අපි පස්සෙ දවසක එන්නම් නැන්දෙ"

"අම්මා රෑට කෑම හැදුවා"

තේව්ලගෙ අම්මා අපිට ඇතුළට එන්න කියද්දි පරක්කු උන නිසා අපි යන්න හැදුවේ. ඒත් කොහෙද තේව් අපිට කිට්ටු කරලා කිව්වේ උන්ලගෙ අම්මා අපිටත් එක්කම රෑට කෑමත් හැදුවා කියලා... "දෙයියනේ නැන්දේ. මෙච්චර ආදරයක්. කට් කට් කට්..."

නැන්දගෙ වදේටම අපි ගේ ඇතුළටත් ආවා. ගේ ඇතුළත් හරිම ලස්සනයි. පුංචි සාලයක් එක්ක. කෑම කාමරෙත් පේන දුරින් තිබ්බ නිසා ඊට එහායින් තියෙන්නෙ කුස්සිය වෙන්නැති කියලා මන් ගෙස් කරා.

"පුතාලා මොනවද කරන්නෙ?"

"අපි ඒලෙවල් නැන්දෙ ආර්ට්ස් කරන්නෙ"

"අහ්හ්. ඉතින් අද කට්ටියම හොඳට විනෝද උනාද?"

"ඔව් නැන්දේ."

"එන්න පුතාලා කාලා ඉමු"

"මොකට වද උනාද නැන්දේ!?"

"අනේ මොන කරදරයක් ද දරුවෝ"

අපි හැමෝම කෑම මේසෙට වාඩි උනේ කතා බහත් නොනවත්වාම. තේව්ලගෙ අම්මා හරි සුහදශීලී චරිතයක්නෙ. හිතුවට වඩා ගොඩක් හොඳයි. කොච්චි කරලට මේ පණ්ඩිත කට කොහෙන් ආවද මන්දා. මන් දන්නවා විශාකයටත් දැන් ඔය ටිකම හිතෙනවා ඇති. හිතුනේ නැති උනොත්නේ පුදුමේ!! සිහිනයි තේව් මල්ලිත් අපි එක්කම කෑම මේසෙට වාඩි වෙලා ඉද්දි මන් නැන්දටත් කිව්වේ අපි එක්කම කමු කියලා.

"අඩෝ නැන්දගෙ කෑම රහයිනේ බං?"

කෑම කන ගමන් විශාක මගේ කනට කරලා කිව්වේ කෑම රහයි කියලා. මූට ඉතින් කෑමයි නින්දයි නම් වෙන මුකුත් ඕන්නෑ. විශාක දිහා රවලා බලපු මන් ආයෙම කෑම කන්න ගත්තෙ මෙතන මුකුත් කියාගන්න බැරි නිසා. අපි දෙන්නා ගෙදරට කෑම තියන්නත් එපා කියලා මෙහේ ඇවිල්ලා කන හැටි දැක්කා නම් අපේ ගෙවල් වලින් අද හොඳවයින් අහගෙන.. අනේ සමාවෙන්න අම්මාහ්හ්හ්...

කාලා ඉවර වෙලා සාලෙට වෙලා ටිකක් කතා කර කර ඉදලා අම්මත් බලන් ඇති නිසා නැන්දටත් කියලා අපි යන්න තමයි ලේස්ති උනේ.

"එහෙනම් දරුවො පරිස්සමින් යන්න. ආයෙ දවසක එන්නකො."

"හරි නැන්දේ. එහෙනම් අපි යන්නම්"

"මේ ආයි එන්නෝන නෑ හරිද"

"අනේ ඉදපන්. උඹලයි අම්මා තමයි කිව්වේ. දැන්නම් එන එක එනවා."

"ආවොත් බලාගමු"

නැන්දත් එක්ක කතාවෙ ඉන්න අතරෙ මට ඇහුණේ එහාට වෙලා කුටු කුටු ගාන ලෝක යුද්ධ එක සහ දෙක. ඔව් තේව් නුයි විශාකයි.

ආක්ෂ POV end.

.

.

සිහින POV.

කෑම මේසෙට වාඩි වෙලා ඉන්න වෙලේ මගෙ ඇස් සැරින් සැරේ බැලුවේ ආක්ෂ අයියා දිහා. ඇයි මට දැනෙන්නෙ එයා මන් දිහා බලන් ඉන්නවා කියලා. කවුරුහරි අපි දිහා බලන් ඉන්නවානම් අපිට ඒ දේ දැනෙනවාලුනෙ. ඒත් මන් බලන හැම පාරම ඒ ඇස් තිබුණේ වෙන් කොහෙවත්.

කෑම කාලා ඉවර වෙලා අයියලා දෙන්නා පුංචි අම්මයි තේව් අයියයි එක්ක කතා කර කර ඉන්න අතරෙ මන් ආවේ බාත් රූම් එකට. කට්ටිය යන්න කලින් ඉක්මනට නාගෙන සැහැල්ලු කලිසමකුයි ටීෂර්ට් එකකුයි දාගත්ත මන් ඕඩිකොලෝන් ටිකක් හලාගත්තේ පුරුද්දට වගේ.

"පුතේ!! අයියලා යන්න හදන්නේ පහළට එන්න"

"එනවා පුංචි අම්මේ!"

කලබලෙන් මන් පහළට දුවලා එද්දි අයියලා දෙන්නත් පුංචි අම්මයි තේව් අයියයි එක්ක දොර ගාවට වෙලා හිටියේ. මන් එනවා දැකලා ඔක්කොම මගෙ දිහාවට හැරුණත් මට බැලුනේ ආක්ෂ අයියා දිහා. එයාගෙ ඇස් මගෙ ඇස් එක්කම යා වෙලා තිබුණා. මන් ඉක්මනින් අහක බලාගත්තේ ඒ බැල්ම දරාගන්න බැරි තැන.

"පරිස්සමින් යන්න අයියේ"

"හරි සිහින"

"සිහින ලග ඕවා නැතුවත් සුවදයි. ඒත් සිහින ඕවට ආසයිද?"

(මතකද ඒක)

"ම්...මොකක්..ද?""

"ආ.. සිහින මල්ලි, තේව් එහෙනම් හෙට ස්කෝලෙදි හම්බෙමු"

"නැන්දේ අපි යනවා..!!"

මොකක්ද ඒ ආක්ෂ අයියා කිව්වේ.. මට ඒක මීට කලින් අහලා පුරුදුයි වගේ. කොහෙදිද. කවුද කිව්වේ. මට මතක් වෙන්නෙ නෑනේ. ආහ්හ්.. මන් ගල් ගැහිලා වගේ තාමත් බලන් ඉද්දි, අපිට යනවා කියපු ආක්ෂ අයියා නැන්දටත් කියලා එළියට බැහැලා නොපෙනී යනකන්ම මන් එහෙමම හිටියා.

"කෝ සිහින. ගෙට එන්න දරුවෝ දොර වහන්න"

"ආ...ආ හරි හරි පුංචි අම්මේ"

මන් ගැස්සිලා ගියේ පුංචි අම්මා කතා කරපු නිසා. දුවලා ඇවිල්ලා කාමරේ දොර වහගත්ත මන් ඇදට වැටුණේ මොනවදෝ කටහඬවල් ටිකක් මගෙ කන්වල දෝංකාර දෙද්දි. මන් අත් දෙකෙන්ම කන් දෙක වහගත්තේ ආක්ෂ අයියගේ කටහඬ වගේ හඩකින් අර වචන ආයෙ ආයෙම මගෙ හිත ඇතුළෙන් ඇහෙද්දි.

සිහින POV end.

.

.

ආක්ෂ POV.

අපි හිටියේ ගෙදර එන ගමන්. දැන්නම් ඇවිදගන්නවත් පණක් නෑ. කරේ තිබ්බ බෑග් එකත් අත දිගේම පහළට කඩන් හැලෙද්දි ඇගිලි අස්සෙ රැදුන බෑග් එක උරහිසට එපිටින් දාගත්ත මන් බැලුවේ විශාකගෙ සද්දයක් නැති නිසා.

"උඹ මොනාද කල්පනා කරන්නෙ?"

"මන් කල්පනා කරේ බං උඹ සිහිනගෙ කනට කරලා කිව්වෙ මොනාද කියලා"

"උඹටත් ඕන්නැති මගුලක් නෑ!"

"හ්ම්ම්. අඩෝ මට ඉස්මුරුත්තාවට වගේ"

"උඹනේ රහයි කිය කිය කෑවේ. මන් අම්මටත් කෑම තියන්නෙපා කිව්වෙ බඩ පැලෙන්න කාපු නිසා. දැන්නම් බඩ පුපුරන්න වගේ යකෝ"

"කොහෙද නැන්දා තව බෙදාගන්න ළමයිනෙ කිය කිය දැම්මානේ"

මන් දන්නෙත් නෑ ඇයි මන් සිහිනට අර වගේ කතාවක් කිව්වේ කියලා. හරියට අර හීනෙ වගේ. සිතූගෙ කතාව ඇත්තක්ද? හීනෙන් දකින දේවල් හැබෑ වෙනවා කියපු එක. අනේ ඒකිගෙ විකාර. ඒකත් මොකක් හරි කතාවක ගියපු කෑල්ලක් වෙන්නැති.

"අඩෝ සිහින දකිනකොට මට කෙනෙක්ව මතක් වෙනවා බං. ඒත් එහෙම කෙනෙක් කවදාවත් මට හම්බෙලා නෑ ඕයි"

"අහම්බයක් වෙන්නැති බං. ඒක නෙමෙයි අද මොකද උනේ කියලා කිව්වේ නෑනෙ උඹ"

විශාක එහෙම අහද්දි මන් අද උන සිද්ධිය උට පැහැදිලිවම කිව්වා. කවුරුවත් මට කවදාවත් නොකියපු මගෙ නමකින් සිහින මට කතා කරද්දි, හැමදාම දැනෙන ඒ හුරුපුරුදුකම් ගැන හිතලම මට හරි මහන්සියක් දැනුනා."ඔව් ඒක අහම්බයක් වෙන්නැති "

"ඒකා මට අභී අයියා කිව්වා බං."

"ඉතින්"

"ඉතින් අහන්නෙ. උඹට මුකුත් තේරෙන්නෙ නැද්ද? මට පේන හීන සිහිනත් එක්ක සම්බන්ධයි කියලා"

"උඹ හිතනවා වැඩියි බං."

"හ්ම්ම්. ඒ උනාට මන් කොල්ලව ඇඩෙව්වා. මන් හිතුවේ නෑ බං ඌ එහෙම දුවයි කියලා."

"හොයාගත්තෙ කොහොමද? අපිත් උඹලව හොයාගත්තෙ කෝල් කරලා. එච්චරට සෙනග.."

"අනේ මන්දා අහම්බෙන් වගේ මට හම්බුනා"

"උඹ ඉතින් සිහිනගෙන් නම්බර් එකවත් ඉල්ලගත්තද?

"නැහැ බං."

"උඹනම් පොල් බූරුවෙක්. උඹ ඔච්චර හිතන එකාගැන තියෙන්නෙ මොනවගේ හැගීමක්ද කියලා උඹට තාම තේරුම් ගන්න බෑනේ. "

"මොකක්ද උඹ කිව්වේ?."

කල්පනාවෙ හිටපු මට ඌ කියපු එක ගානක් නොවෙද්දි ආයෙම මන් කල්පනාවට වැටුණා. හරි මහන්සි. හිතටත් මොකක්දෝ බරක් දැනෙනවා. හරියට ගල් ගෙඩියක් පපුව උඩටම අතෑරලා වගේ.

"ඇයි බං සිහින අඩනකොට මට රිදෙන්නෙ?"

"උඹට ලව් සික්"

ලොකු හුස්මක් වාතලයට නිදහස් කරපු මන් ඈත පේන හඳ දිහා බලාගත්තේ හිත ඇතුළේ හැගීම් ගොන්නක් පොරකද්දි.

"මට දැන් දැන් හිතෙනවා බං. සිහිනගෙයි, මට පේන හීන වලයි මොකක් හරිම සම්බන්ධයක් තියෙනවා කියලා. අපි දෙන්නා නිකන්ම හම්බුණා වෙන්න බෑ බං. අපි මුනගැහෙන්නම හිටපු දෙන්නෙක්. මට ඒක දැනෙනවා"

.

──────────────────────────

චැපිය පොඩ්ඩක් කොටයි. ඊළග එකත් ඉක්මන්ට දෙන්නම්. මෙතනින් මේ කොටස ඉවර නිසා නැවැත්තුවේ.

හැමෝටම ආදරෙයි ❤🥺

ඊළග සිහිනයෙන් හම්බෙමු ළමයී... හොඳ සිහිනයක් බල බල නිදාගන්න හොදේ 👉👈

මම
සුකී ✍️

Continue Reading

You'll Also Like

50K 6.6K 55
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
8K 246 22
ft. Stray Kids on Crack! [currently in 50% hold and 50% re editing] #675 in JYP *aite aite chogi happy ;-;* #742 in JYP #1 in JeongSung omg kamsa y'a...
4.6K 889 16
සුදු කඩුපුල...🕊️🖤 Published :- 2023/09/24 "ඇයි මේ මගේ කඩුපුලට පිනි වැටිලා....ම්ම්ම්...පින්න වැටෙන්ඩ තරම් මොනවද මගේ පැටියා බුදුන් ඉස්සරහ ඉදන් ප්‍ර...
127K 1.7K 159
The hatred between Ariana Grande and Jack Gilinsky triggers a bad idea. HIGHEST RANK: #1 Jackj