The Bell.... (සීනු)

By Mashi_Liyanage

5K 731 86

සම්මත හෝ අසම්මත.. නමුත් ප්‍රේමය එලෙසමය.... More

1st Bell
2nd bell
3rd bell
4th Bell
5th Bell
6th Bell
7th Bell
8th Bell
9th Bell
10th Bell
11th Bell
12th Bell
13th Bell
14th Bell
15th Bell
16th Bell
17th Bell
18th Bell
19th Bell
20th Bell
21st Bell
22nd Bell
23rd Bell
24th Bell
25th Bell
26th Bell
Not an update
27th Bell
28th Bell
29th Bell
30th Bell
31st Bell
32nd Bell
33rd Bell
34th Bell
35th Bell
37th Bell
38th Bell
40th Bell
41st Bell
42nd Bell (final bell)

39th Bell

124 16 2
By Mashi_Liyanage

කැලිෆෝනියා වලට ඇවිත් ගෙවන හත්වෙනි දවස අද. මෙහෙට ඇවිත් සතියක්.... දැං වෙලාව උදේ 9.00යි. මට ඇහැරුනේ 8.40ට මෙච්චර වෙලා මම මගේ එහාපැත්තේ තිබ්බ නිදාගත්තම අහිංසක රූපේ දිහා බලන් හිටියා. එයා නින්දෙන්  ගන්න හුස්ම හරිම පැහැදිලියි. එයා හරි සංසුන්. අනික නිදා ගත්තහම ඒ රූපේ හරි නිවුන බවක් තිබ්බා... මට ඔය ඔක්කොම විඳින්න වෙන්නේ මෙන්න මෙයා නිදා ගත්තහම කියලා දන්න නිසා මමත් එයාට නිදා ගන්න දීලා නිවිහැනහිල්ලේ ඒ රූපේ විඳ ගත්තා..

ටි ටි ටිං ටිං ටිං ටිං ටිං ටිං ටිං. ටිං ටි ටි ටි...

හෙලෝ....

................................................................................................................................................................................................

මොකද්ද කිව්වේ...අනේ.. අයියේ...මගේ පොඩ්ඩා...

.................

බබා ඇයි අඬන්නේ.... හෙලෝ හෙලෝ.. අයියේ මම මල්...

..............

හරි අයියේ මම සීනු ගැන බලන්නම්.. හරි මම හිත හදන්නම්..

උදේ පාන්දර මට ආපු කෝල් එක එච්චර සුභ දෙයක් නොවුනේ මගේ දරුවෙක් වගේ හිටපු මගේ බලු රාල මේ ලෝකේ දාලා යන්න ගිහින් කියලා අයියා කියපු නිසා.... එයාව මෙහේ ගෙනාවේ නැත්තේ එයාට අපිත් එක්ක චුට්ට දුරක්වත් ට්‍රැවල් කරන්න බැරි නිසා.... මට දැන්ම ලංකාවට යන්න බැරි නිසා මම තවත් දුක් උනා.. එයාගේ අවසන් කටයුතු වලට වත් මට ඉන්න බැරි වෙන එක ගැන මට ඊටත් වඩා දුකයි..

දවසම මම කලේ මල්ගේ පපුවට ඔලුව තියාගෙන ඇඬුව එක. කොහොම හරි අඬලා අඬලා  උණත් හදා ගත්තා.. කෑම කෑවෙත් නෑ. හිත මහා ගොඩක්ලෙඩ උනහම මම අසනීප වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඒක එච්චර ලොකුවට මම තනියම ඉන්න කාලේ ගණන් ගත්තේ නැතත් දැං මගේ ලඟින් මල් ඉන්න නිසා මම ඒ හැම දේකටම එයාගෙන් යැපෙන්න පටන් ගත්තා..

උදේ හොස්පිට්ල් එකෙන් බොඩි එක ගෙනත් මල් ශාලාවකට බොඩි එක බාරදීලා.හවස ඒක ආයෙ  අයියලට ලැබුනහම  අයියලගේ ගෙවල් ලඟ පන්සලේ පොඩි හාමුදුරුවෝ වඩම්මලා පාන්සකූලෙත් දීලා පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ කීමට පන්සල් වත්තේ කෙලවරේම වලක් හාරලා එයාව වැලලුවා...මේ හැමදෙයක්ම වීඩියෝ කෝල් ඉඳලා මම බලන් හිටියේ..

අයියලගේ ගෙදර තිබ්බේ පන්සලට ගෙවල් දෙකක් එහායින්. එලියට ගිහින් එන්න පොඩ්ඩක් ගෙදර දොර ඇරපු ගමන් මෙයා යන්නේ පන්සලට. ලොකු හාමුදුරුවොයි පොඩි හාමුදුරුවොයි එක්ක හරි යාලුයි. හාමුදුරුවෝ නම් කිව්වේ ආවහම මුලින්ම යන්නේ බුදුගෙට කියලා.. ගිහින් ටිකක් වෙලා සැතපෙන බුදු පිලිමේ දිහා බලාගෙන ඉඳලා තමයිලු ලොකු සාදුව හොයන් එන්නේ.. ඕක දැකලා තිබ්බේ පන්සලේ වැඩට හිටපු හීංඅප්පු සීයා..... සීයත් හරී ආදරෙයි. ඉතිං ඒක නිසා තමයි ලොකු හාමුදුරුවෝ එයාව පන්සල් වත්තේ වල දාන්න කියලා ඉල්ලලා තිබ්බේ..

ඔයාට හොඳ ආත්මයක් ලැබෙයි මගේ දරුවෝ.. අක්කට තියෙන එකම දුක ඔයාගේ අන්තිම හුස්ම ටිකේදි ලඟින් ඉන්න බැරි උන එකට...

..........................................

යොශී බබා මාව දාලා heaven එකට ගිහින් දැං දවස් පහක්. මේ දවස් පහම මමත් අසනීපෙන්. උණ අඩු වෙන්නේ නැති තැන අන්තිමට මල් මාව හොස්පිට්ල් අරං ආවා.. ආපු ගමන් ඇඩ්මිට් කලේ නැතෑ.. හ්ම්ම්. මල් මං වෙනුවෙන් මාව හිනස්සන්න කරපු නැති දෙයක් නෑ... එයාට ඕන මගේ හිනාව ආපහු ගේන්න. ඒත් මගේ හිත පුරාවට තිබ්බේ යොශ් බබා ලඟ අන්තිම කාලෙ මට ඉන්න බැරි උනා කියන දුක...
.......................

මල් pov

යොශ් .. ඒ කිව්වේ සීනුගේ බලු පැටියා.. ඔය කිව්වට ඒකා අලි බලු පරාණයක්.. අදට එයා නැති වෙලා දවස් පහක්. මේ දවස් පහම සීනු හිටියේ පුදුම දුකකින්. ඒ දුකටමද මන්දා සීනුට සහලෝලා උණ ගත්තා.  කොච්චර මොනවා කලත් උණ නෙමේ බැස්සේ... අන්තිමට උණ බහින්නෙම නැති තැන මම සීනු අරගෙන හොසිට්ල් ආවා. ආපු ගමන් කෙල්කව් ඇඩ්මිට් කරන්නෝන කිව්වා.. පස්සේ මම ශේන් ගේ මමීට කෝල් කරලා කිව්ව්ඃඅම එයාලා ඉක්මනට මට සීනුගේ ඕන කරන දේවල් මට ගෙනත් දුන්නා....මම සීනුගේ හිත අහ්දන්න නොකරපු දෙයක් නෑ..ඒත් තව දෙයක් ගැන මට හිතුනත් ඒක කලොත් එයාගේ හිතේ දුක තව වැඩිවෙයිදෝ කියලා පොඩි සැකයක් තිබ්බ නිසා එහෙම කලේ නෑ...

ඒත්,

අද උදේ සීනුව බලන්න ආපු ඩොක් කියපු විදිහට මට ඒක කරලා බලන්නත් හිතුනා...ඊයේ රෑ තමයි මම සීනුව  හොස්පිට්ල් ගෙනාවේ අද උදේ වෙනකනුත් සීනුගේ උණ නම් අඩු උනේ නෑ බෙහෙත් දුන්නත්. ඩොක් කිව්වේ මෙයා මේ උණ ගන්න හේතුව හිතේ දුක කියලා...හරි හමං විදිහට කෑමත් කෑවෙත් නෑ මේ කෙල්ල මේ දවස් ගානටම...

මම මේ සීනුට නින්ද ගිය අතරේ පොඩ්ඩක් එලියට ආවා මගේ ප්ලෑන් එකට හරියන කෙනෙක්ව හොයාගෙන...

හොස්පිට්ල් එක පහු කරගෙන විනාඩි විස්සක විතර දුරක් එනකොට මම හොයපු ජාතියේ තැනක් මට හම්බුනා. මම පොඩ්ඩක් ඇතුලට ගිහින් බැලුවේ මම හොඅන ජාතියේ කෙනෙක් ඒකේ ඉඳීද කියලා.. හිටියා.. හැබැයි මම හොයපු විදිහෙම කෙනෙක් නෙමේ. ඒ කොහොම උනත් එයා වැඩේට ගැලපෙනවා කියලා මට හිතුන නිසා මම එයාව තෝරගත්තා....

...........................................

මොකද්ද දන්නෑ මල්ගේ මේ වැඩේ.. එතකොට අර කවුද දන්නෑ තෝරගත්ත කෙනා..

උස්සරහටත් මං එක්ක ඉන්න..

මම කතා ලියන ඕතරියෙක් නෙමේ හොඳේ.. මගේ කතා එච්චර ලස්සන නැතුව ඇති. මං මේ හිතට එන දෙයක් මෙ ලියන්නේ...

මං එක්ක ඉනවට ගිඩක් තෑංක්ස්❤

Continue Reading

You'll Also Like

9.3K 1.1K 54
හැඟීම් මහ ගොඩක් මැද එකම එක හැඟීමක් නොපෙනෙන මීදුම් වලාවක් ලෙසට කඳු පාමුලක දළුලා වැඩීමක ආරම්භය... සෙනෙහසක සුවය සොයා යන ඒ හැඟීමට ඇය ඉඩ දේවිද.. මෙහි එන ච...
1.3K 229 25
අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️
22.7K 3.5K 48
ඔව් මට මතකයි..මං ඉස්කෝලේ පොඩි කාලේ ඉදන් මුලින්ම දැකපු T Boy ගැන මෙයා මේ කියන්නේ..ඔව් ..අද වගේ මතකයි එයාව මට..සුදුයි උසයි..මහ එපා කරපු වැඩ කරන්නේ නංගි...
20.3K 2.2K 16
An imaginary story of our samsiv. Just enjoy as a story. Don't spread hate. Spread love, positivity and peace ☺️ This is a short story has 10 episode...