Love You More - Completed

Per Ruu_Kavi

30.4K 6K 465

සම්මත අසම්මත බවක් කොයින්ද ආදරකට...... Més

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60 -Final Chapter
Special Chapter

Chapter 48

329 79 5
Per Ruu_Kavi

Call එක answer කරාම ශාන්ගෙ මූනෙ ඇදුනෙ නම් ලස්සන හිනාවක් ඒත් ඒ කතා කරපු කෙනාගෙ නම ඇහුන ගමන් බෝගෙ මූන නම් විරූපී උනේ අපායට ගහන කැලැන්ඩර් එකේ මුල් පිටුව වගේයි.
"අනේ චෙං..." ශාන් එහෙම කියද්දිම බෝට කකා හිටපු කෑම ටිකත් හිර උනා. ශාන්ට උනේ phone එකත් පැත්තකින් තියලා බෝට සත්කාර කරලා ඉන්න. ඊට පස්සේ ශාන් ආයෙම phone එක ගත්තේ චෙංට ආයෙම කතා කරන්න උනත් බෝ ශාන්ගෙ phone එක උදුරලා ගත්තෙ කාල ඉවර වෙලා කතා කරන්න කියලයි. ශාන් කොච්චර ඉල්ලුවත් බෝ phone එක දුන්නේ නෑ. ශාන්ට හිනාත් ගියේ බෝගෙ මූනෙ හොදට පැහැදිලිව ඇදිල තිබ්බ ඊරිසියාව නිසයි.
"මදැයි එක් කෙනෙක් ගෙන් ගැලවෙද්දී තව ඇණයක්...😖" බෝ මේ ටික හිතින් විතරයි හිතුවේ.
කාල ඉවර වෙච්ච ගමන් ශාන් එයාගෙ phone එක ඉල්ලුවත් බෝ දෙන්න අදි මදි කලා. අන්තිමට බෝ ශාන්ට phone එක දුන්නේ මූන හොඳටම නරක් කරගෙනයි.
"මාව හම්බෙන්න.... අපොයි ඔව් අද පුලුවන්..... හරි අපි මගේ අපාර්ට්මන්ට් එකේදි හම්බෙමු... හරී මම දැන්ම එන්නම්.... "  ශාන් එහෙම කියල phone එක තියද්දි නම් බෝ හිටියේ ශාන් දිහා රවලා බලාගෙන. ශාන් එක පාරටම ගැස්සුනේ ඒ ඇස් වල තිබ්බ නපුරු පාට දැකලයි.
"යන්නද යන්නේ...." බෝ අහන්නේ බනීගෙ අතක් තද කරලා අල්ලගෙන.... "ආව් බෝ මට රිදෙනවා... අත් අරින්න...." ශාන් එහෙම කියුවත් බෝ ශාන්ගෙ අත තාමත් කලින් විදිහටම අල්ලන් හිටියා....
"කියන්න ... යන්නද යන්නේ...." බෝ ආයෙම ඇහුවේ තරහෙන්මයි.
"ඔව්... අපි හෙට හම්බවෙමු ශූටින් වලදි.... ප්ලීස් අත අතාරින්න..." ඒ ශාන්ගෙ වේදනා බර කටහඬයි.

"බෑ... අද දවසම මාත් එක්ක ඉන්න ඕනෙ ඔයා.... කොච්චර කාලෙකින්ද ඔයාව මෙහෙම හම්බුනේ ...." බෝ කියන්නේ දැන් නම් ඇස් චූටි කරන් අහිංසක විදිහට....
"එයාට ඕනෙම නම් මෙහෙට ඇවිත් කියන්න තියන දෙයක් කියල යන්න කියන්න..." බෝ අන්තිම ටික කියුවෙත් පුදුම අකමැත්තෙන්... ඒත් ශාන්ගෙ අපාර්ට්මන්ට් එකේදි එයාල හම්බෙනවාට වඩා මෙහෙදි හම්බෙන එක හොඳයි කියලායි බෝ හිතුවේ.

බෝගෙ ඇස් දිහා බලලා අමුතු විදිහට හිනා උන ශාන් එක පාරටම බෝගෙ තොල් මතින් කෙටි හාදුවක් තියලා එලියට දුවන් ගියේ මෙහෙම කියන ගමන්මයි... " හැමදාටම මෙහෙම නතර වෙන්නද???"  වෙච්ච දේ තේරුම් ගන්න බෝට තත්පර ගානක් ගත වෙද්දි ශාන් හිටියේ බැල්කනි එකේයි. ශාන් එතන ඉදන්ම චෙංට කතා කරලා බෝගෙ අපාර්ට්මන්ට් එකට එන්න කියල address එක msg එකක් දැම්මා. ඊට පස්සේ ආයෙ living එකට ආපු ශාන් අපාර්ට්මන්ට් එක පොඩ්ඩක් අස් කරන්න ගත්තා. බෝ කොහොමත් ටිකක් පිලිවලට ඉන්න කෙනෙක් නිසා වැඩිය කරන්න දෙයක් තිබුනේ නෑ. ඒත් ශාන් මුලු අපාර්ට්මන්ට් එකම මොප් කරන්න කියල බෝට කියුවම බෝ හිතින් හිතුවෙ 'එක්කෝ යන්න දුන්නා නම් ඉවරයි' කියලායි. දෙන්නා එක්ක වැඩ ටික ඉවර කරද්දිම චෙං අපාර්ට්මන්ට් එකට ආවෙ timing හරියටම set වෙද්දීයි.

බෝ ගිහින් චෙංව එක්කන් ඇවිත් වාඩි වෙන්න කියල චෙංට එහා පැත්තෙන් වාඩි උනේ ශාන්ට චෙං ගාවින්වත් වාඩි වෙන්න දෙන්න එයා අකමැති නිසයි.
චෙං ඇවිත් තිබුනේ ශාන්ට යැන්ග්සිගෙ  වීඩියෝ එක ගැන කියන්නයි. ඒත් ඒ වෙද්දි ඒ වීඩියෝ එක චෙං ගාව තිබ්බේ නෑ. චෙං china වලින් යද්දි flight එකේදිම එයාගෙ phone එක වගේම laptop එකත් කවුරුහරි හොරකම් කරලා තිබුනා. චෙංගෙ කතාව අහපු බෝ තීරණය කලේ යැන්ග්සිගෙන් පලිගන්න චෙංව එකතු කරගන්නයි.
ටික වෙලාවකින් ශාන් නැගිටලා ගියේ චෙංට කෑම කන්න ඉන්න කියලා කෑම හදන්නයි. ඒ අවස්තාවෙන් ප්‍රයෝජන ගත්ත බෝ චෙංට වෙච්ච දේවල් ටික පැහැදිලි කලේ බොහොම සරලවයි. විශේෂයෙන්ම ශාන්ව රිදවන්න එයා කරපුව චෙංට නොකියා ඉන්න බෝ හොදටම පරිස්සම් උනා. මොකද චෙංගෙ ඇස් තාමත් ශාන් දිහා බලන්නේ ආදරෙන් කියල එයා දැකපු නිසයි. චෙං බෝට උදව් කරන්න කැමති උනේ ශාන් නිසාමයි. පස්සේ කෑමත් කාල චෙං ගියේ හිතකින් නම් නෙමෙයි. බෝ ශාන් එක්ක තනියම කියල දැනෙන මොහොතක් පාසාම එයාගෙ හිත දුකින් තැවුනත් ශාන් අච්චර කැපකිරීමක් කලේ බෝව බේරගන්න කියල මතක් වෙද්දි ඒ ඇස් ඉබේම කදුලින් පෙඟුනා....
" ඔයා මගෙ දිහා බැලුවා නම් එයා දිහා බලන විදිහට... කවදාවත්ම කවමදාකවත්ම මම ඔයාට අඬන්න ඉඩ දෙන්නේ නෑ.."

චෙං ගිය වෙලේ ඉදන්ම බෝ ශාන්ගෙ වටේ කැරකෙන්න පටන් ගත්තේ ශාන්ගෙ මූනෙ හීන් හිනාවක් රැදෙද්දීයි....

ඔක්කොම ටික අස් කරලා අන්තිමට ශාන් dishes ටික හෝදන්න ගද්දී බෝ ඇවිත් ශාන්ගෙ පිටි පස්සෙන් තුරුලුකර ගත්තේ ශාන්ට හෙල්ලෙන්නවත් බැරි විදිහටයි.
"බෝ මට මේ වැඩේ කරන්න බෑ ඔයා ඔහොම ඉද්දි..." ශාන් එහෙම කියුවත් බෝ ශාන්ට දුන්න පිලිතුර නිසා බෝට පස්සේ හිතුනේ ඉල්ලන් කනවා කියන්නේ මේවවට වෙන්න ඇති කියලයි.
" ඕක ඔච්චර වෙලා යන අමාරු වැඩක් නෙමෙයිනේ බනී... මට නම් විනාඩි 5ක් යන්නේ නෑ ඕකට..."

බෝගෙ උත්තරේ නිසා ශාන් බෝගෙ අත් වලින් මිදිලා dish wash liquid එක බෝගෙ අතට දීල මේ විදිහට කියල washroom එකට wash දාන්න ගියේ බෝට මුකුත් කියන්න වෙලාවක් නොදීමයි.
" හරි බෝබෝ එහෙනම් plz මේ ටික ඉක්මනට හෝදලා එන්නකො ඔයා මට හරිම මහන්සි... මම යනවා නිදා ගන්න.... "

බෝ ශාන් යන දිහා බලන් හිටියේ කරන්න දෙයක් නැති නිසයි. පස්සේ එයා dishes ටික හෝදලා රූම් එකට එද්දිත් ශාන් හොදටම නිදි.... බෝගෙම පිජාම එකක් ඇදන් නිදාගෙන ඉන්න ශාන් දිහා දුකෙන් බලපු බෝ washroom එකට ගියෙ හිතෙන් එයාටම බැන ගන්න ගමන්.... 'අපරාදෙ.... ආයෙ ඉතිං කවද මෙහෙම දවසක් හම්බෙයිද???'😣😣😣

හෙට මොනවා වෙයිද ළමයි.....
වැරදියට හිතන්න එපා ළමයි බෝ කියුවේ ශාන් එක්ක ටිකක් නිදහසේ කතා කරන්න බැරි උන නිසයි...🤭🤭

රූ...❤️

Continua llegint

You'll Also Like

29.1K 5.3K 42
දෛවය නම් වූ කරුමයට වෛර කරන මැරුනු පපුවක අයිතිකාරයෙක් , මැරුණු පපුවකට නැවත ගැහෙන්නට පණ දෙන දේව දූතයෙක් , මේ ඔබේ නොවූ ඔවුන්ගේ කතාව ඔබේ කරවන්නට දරන වෑය...
132K 11.5K 17
ခ်စ္စကားသည္ႏႈတ္မွေၾကြက်ျပီး ခ်စ္စိတ္တို႔သည္ႏွလုံးသားထဲကိန္းေအာင္း သည္ ႏွလုံးသားတစ္ခုလုံးပုံႏွင္းကာခ်စ္မိခ့ဲျပီမို႔...... အတိတ္ ပစၥဳပၸန္ ႏွင့္ အနာဂတ္...
35.6K 7.1K 85
හිස් වෙලා තියෙන මගෙ ජීවිතේට අලුත් අර්ථයක් දෙන්න උත්සහා කරන ඔයාට හැමදාමත් ආදරෙයි ❤💚
3.6K 558 5
ඔයා ඔහොම නෙවෙයි කොහොම මොනවා කිව්වත් වැඩක් නෑ... ඔයා දැන් මගේ... මගේ විතරයි එච්චරයි... ඔයා හිතන්නේ නිදාගත්ත පලියට මන් ඔයාගෙ කියලද...