🌸 Chapter Twenty Three 🌸

1.3K 252 22
                                    


Kooki pov...........

ඒ හඬ....  මීට කලින් මට ඕනි තරම් ඇහිලා තියෙනවා.. ඔව් ඒ සයිරන් හඬ..  හදවතට එකපාරටම අමුතු හැඟීමක් ගේන ඒ හඬ.. ඒත් අද ඒ හඬ මට  ඇහෙන විදිය වෙනස් වගේ... ඒක ඇහෙනකොට මගේ හදවත ගැහෙන්නෙ හරියට පිස්සුවෙන් වගේ.. මොකද ඒ ambulance එක ඇතුළෙ සිහියක් නැතුව වැතිරිලා ඉන්නේ මගේ ජීවිතේ.. දැනටත් මගේ හුස්ම වැටෙන්න එකම හේතුව.. මගේ  හැමදේම.. මගේ ලෝකයම.. මගෙ ආදරේ.. මට මහා අසරණකමක් එක්ක තනි කමක් දැනුණා.. දෙවියනේ මට එයා නැති උනොත් මං කොහොමද තවදුරටත් ජීවත් වෙන්නෙ.. මට හිතුණෙ එහෙම..

සරෝව අරන් ගියපු Ambulance එක ගියේ අපි ගියපු car එකට ටිකක් ඉස්සරහින්... මීට ටිකකට කලින් මගේ ඇස් ඉස්සරහම සරෝව Ambulance එකට දාගනිද්දි මට දුවලා ගිහින් එයාව තුරුළු කරගන්න හිතුනා.. හැමදේම හොඳින් සිද්ද වෙනවා කියලා එයාට කියන්න ඕනි උනා.. මං එනකම් පරිස්සමින් ඉන්න කියලා එයාට කියන්න ඕනි උනා.. හැමදේකටම වඩා මං එයාට ගොඩක් ආදරේ කරනවා කියලා කියන්න ඕනි උනා.. මට එකම එක පාරක් එයාගේ කටහඬ අහන්න ඕනි උනා... ඒ වෙලාවේ මටත් සරෝ එක්කම යන්න ඕනි උනත් police officer මට ඒකට ඉඩ දුන්නේ නැහැ.. මොන දේ උනත් ඒ වෙනකොට මගේ හිතට සැනසීමක් දැනුණෙ අන්තිම මොහොතේ හරි සරෝව හොස්පිට්ල් එකට අරගෙන යන්න මට පුළුවන් උන නිසා..

මම එහෙමම ඇස් දෙක පියාගෙන සීට් එකට බර උනා.. මැණික් කටුව ළඟින් අතට දාලා තිබුණ handcraft දෙකෙන් අමුතු සීතලක් මට දැනුණෙ.. මගේ දෙපැත්තෙන්ම වාඩි වෙලා ඉඳියෙ police officersලා දෙන්නෙක්.. මට තාම හිතාගන්න බැහැ ඇයි මාව මේ විදියට arrest කලේ කියලා... ඒත් ඒකට උත්තරේ ලැබෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ..

මාව Seoul National Police Station  එකට අරගෙන එනකොට ගොඩක් රෑ වලා.. ඒ වෙනකොටත් Gate එක ළඟ media වලින් පිරිලා හිටියේ.. ඒත්  කාටවත් ඇතුලට එන්න ඉඩ දීලා තිබුණෙ නැහැ.. මාත්  එක්ක ඉඳපු police officer කෙනෙක් මට කෝකටත් කියලා  මාස්ක් එකක් දාලා කැප් එකකුත් දැම්මා.. මම ඒ වෙනකොට  හිටියේ වෙන ඕනිම දේකට මූන දෙන්න බලාගෙන..

මීට වඩා දෙයක් මට කොහොමත් බලාපොරොත්තු  වෙන්න බැහැ.. හොජුන්ග්ගෙ තාත්තා එයාගෙ එකම ලේලිව පැහැරගත්තා කියලා මට විරුද්ධව පැමිණිලි කරලා තිබුණා.. අද media වල internet එකේ number 1 trading වෙලා තියෙන්නේ මේ ගැන.. හදිසියේම දාලා තිබුණු curfew එක මාව arrest කරපු එක.. මේ හැමදේටම හේතුව දැන් පැහැදිලියි.. මට මතක් උනේ මගේ ගෙදර අයයි හ්යොන්ග්ලා ටිකයි.. එයාලා දැනටමත් හොඳටම බය වෙලා ඇති..

Cherry Blossom || JJK || BTS FF Series Where stories live. Discover now