🌸 Chapter Four 🌸

1.7K 357 58
                                    


# Chapter 04 #

Kooki's proves............

උදේම සරෝව දකින්න ලැබුණු එකට මම පුදුම සතුටකින් හිටියේ.. ඊයෙත් මම අර හීනෙ ඒ විදිහටම දැක්කා..

එයාටත් ඒක පේනවද?? මම කොහොමද එයාගෙන් ඒක දැනගන්නේ..??  මම ෂවර් එක යටට වෙලා උණුසුම් වතුරට මූණ අල්ලාගෙන කල්පනා කලා..

එයා මට sandwich එතකොට coffee එකකුත් අරගෙන ඇවිත් තිබුණෙ.. මගේ හිතට දැනුණෙ අමුතු හැඟීමක්.. එයත් මට කැමතිද දන්නේ නැහැ..

විනාඩි 45 ක විතර long bath එකක් දාලා මම bath room එකෙන් එළියට ආවේ සිංදුවක් මුමුණන ගමන්.. එතකොටයි මම දැක්කේ එයා මගෙ room එකට ඇවිත් ඉන්නවා..

එයා මාව දැක්කා විතරයි එයාගේ මූණ රතු උනේ හරියට චෙරි ගෙඩික් වගේ.. මට තේරුණා එයා අපහසුතාවයට පත් උනා කියලා.. ඒ නිසා මම එයාව ගණන් ගන්නේ නැතුව dressings room  එකට ඇවිත් දොර වහගත්තා..

දොර වහපු ගමන් මම කලේ දොරට හේත්තු වෙලා අත මිටි කරලා ටිකක් හයියෙන් මගේ පපුවට ගහපු එක.. මගේ හදවත ඒ වෙලාවේ මටත් අවනත නැති ගතියක් මට දැනුණේ..

අදනම් මට වෙන කිසිම වැඩක් කරන්න වෙන්නේ නැහැ.. කිව්වා වගේම මට එක හිතකින් කිසිම වැඩක් කරන්න බැරි උනා..

සරෝ මගේ apartment එකේ වැඩ හොය හොය කරා.. මං හිතන්නෙ නැහැ  අඡුම්මාවත් එච්චර වැඩ කරනවා කියලා..

මට එයා එහෙම වැඩ කරනවා බලන් ඉන්න අපහසු උනත්  එයාට වැඩ නොකර ඉන්න කියන්නත් බැහැ.. එයා එහෙම උනොත් සැක කරන්න ඉඩ තියෙනවා..

හැම වෙලාවෙම මම එයා දිහා හොරාට බලාගෙන හිටියා.. නළලට බේරෙන දාඩිය පිටි අත්ලෙන් පිහිදමින් එයා මහන්සි වෙලා වැඩ කලා..

හවස්  වෙද්දි එයා හිටියේ හොඳටම හෙම්බත් වෙලා කියලා මට තේරුණා.. පව් හොඳටම මහන්සි උනා අද.. මම මගේ ඇඳුමක් එයාට දීලා wash කරගන්න කියලා කිව්වෙත් ඒකයි..

ටිකක් වෙලා මගේ දිහා පුදුම වෙලා බලාගෙන ඉඳලා එයා උඩට යනවා මම දැක්කා.. එයාටයි මටයි කන්න ramyun හැදුවේ එයාට වැඩ කරලා බඩගිනි ඇති කියලා හිතලා..

ටිකකින් පහලට ආපූ එයා දිහා බැලුවම මට ඉබේටම හිනා ගියේ මගේ shirt and trouser එක එයාට ගොඩක් වැඩි කියලා දැක්ක නිසා.. ඇත්තටම එයාගේ ඇඟ වහන්න මගේ shirt එක විතරක් උනත් ඇති..

Cherry Blossom || JJK || BTS FF Series Where stories live. Discover now