🌸 Chapter Five 🌸

1.7K 351 64
                                    


Kooki's proves..........

චෙරි මල් පෙති ඇතිරූ මාවත දිස් වුනේ ලා රෝස පැහැති ඇතිරිල්ලක් බිම එලුවාක් මෙනි .. මගේ නිරුවත් දෙපා වලට දැනුනේ සිනිඳු බවකි.. මගේ ඉදිරිපසින් දිව ගියේ ඇයයි.. ඇය දිවයන රිද්මයට ඇගේ කළු පැහැති වරලසද දෙපසට පැද්දුනේ අමුතුම සුන්දරත්වයක් ඇති කරමින්..

"සරෝ... නවතින්න.. ඔබ තුවාල කරගෙන තමා නවතින්නේ.."

මා පැවසුවේ සිනහවෙමින් දිව යන ඇය දෙස බලමින්.. ඇය දිවයමින්ම පිටුපස හැරී මදෙස බැලුවේ දිලිසෙමින් තිබුණ ඇගේ ප්‍රීතිමත් දෑස් දල්වමින්..

"ආහ්...." ඊළඟ මොහොතේ ඇය ඇදගෙන වැටුණේ මා බලාසිටියදීමයි..

" මා ඔබට අනතුරු ඇඟවූවා නොවේද??" මා පැවසුවේ ඇය වැටී සිටි දෙසට දිව යන ගමන්..

" අප්පායෝ...." ( රිදෙනවද??) මා ඇසුවේ ගලක හැපීමෙන් රුධිරය ගලමින් තිබෙන ඇගේ වම් කකුල මගේ දෑතට ගනිමින්.. ඇය ඇගේ හිස වැනුවේ කුඩා දරුවෙකු මෙන් මගේ දෙස බලමින් .. නිමේෂයකින් මා ඇයව මගේ දෑතින් ඔසවා ගත්තේ ඇගේ රුධිරය ගලන තුවාලයට බෙහෙත් කිරීමට සිතමින්..

" කුමක්ද ඔබ කිරීමට යන්නේ.. සෙන්පතිතුමනි.. මාව බිමින් තබන්න...." ඇය එසේ පැවසුවත්.. ඒ වන විටත් ඇය මගේ ගෙල වටා ඇගේ දෑත් යවමින් මගේ උරහිසට හිස තබා අවසන්..

" ෂ්ෂ්ෂ්... ආපසු මේ අයුරින් මුරණ්ඩු වුවහොත් මං ඔබට ලබා දෙන දඬුවම බොහෝ සැර වේවි...." මා පැවසුවේ ඇගේ පිරිපුන් දෙතොල් වලට මෘදු හාදුවක් දෙමින්...

" ඔබට කුඩා අනතුරක්වත් අයහපතක්වත් සිදු වනවාට මා අකමැති බව ඔබ දන්නවා.. එය මගේ සිතට දරාගැනීමට අපහසුයි.."

මා ඇයව අසල දොල පහරක් ළඟ ගල් පොත්තක හිඳුවා ඇගේ තුවාලය සීරුවට සේදීමට පටන් ගනිමින් පැවසුවා..

" මා එය හොඳින් දනිමි සෙන්පතිතුමනි..." ඇය පැවසුවේ මගේ හිසකෙස් අතරින් සීරුවට ඇගේ දිගු ඇඟිලි යවමින්..

" ඔබ කෙදිනද මා හට සෙන්පතිතුමනි ලෙස අමැමතීම නවත්වන්නේ???.." මා ඇසුවේ මවාගත් තරහකිනි..

" අප අපේම වූ දිනයක...." ඇය පැවසුවේ මෘදු මෙන්ම ආදරණීය හඬකිනි.. මගේ හදවතම පිරී ගියේ උණුසුම් හැඟීම් වලිනි...

Cherry Blossom || JJK || BTS FF Series Where stories live. Discover now