🌸 Chapter Seventeen 🌸

1.3K 249 30
                                    


Changwon Territory....

Kooki pov......

මෘදු සීතල සුළඟත් සමගම දසත පියඹා ගිය චෙරි මල් පෙති සෙමින් සෙමින් බිම සිපගත්තේ හිත පුරාම නැවුම් බවක් ඇති කරමිනි.. ග්‍රීෂ්ම, සිසිර සහ සීත සෘතු පසුකරමින් වසන්ත කාලයට එළැඹුණු චන්ග්වොන් භූමියම දිස් වූයේ එකාලෝකවත් වූ සුරපුරයක් ලෙසිනි..

නෙක රටා මවමින් නිල් අහස්තලය පුරාම හිම කැටිති මෙන් නිදැල්ලේ පාවී ගිය වළාකුළු අතරින් එඹිකම් කරපු මද සූර්ය රශ්මිය අවට හොඳින් ආලෝකමත් කර තිබුණි. විවිධ සැරසිලි වලින් වර්ණවත් වූ වීදි පුරා දුව පැන නටන කුඩා දරුවන්, වෙළෙන්දන් සමඟ කේවල් කරන ගැහැණුන්, බීමත්ව නන් දොඩවන පිරිමින්, තරුණයන්ගේ උසුළු විසුළු වලට ඉඟිමරමින් හිනැහෙන තරුණ ගැහැණු ළමයින් අතරින් මා සෙමින් සෙමින් ඉදිරියට  පියවර තැබුවෙමි..

"ජියොන්ග්නා....." සෙනඟ තුළ තෙරපෙමින්, මාගේ නම කියමින් මා ඉදිරියට දිව ආවේ මාගේ අතිජාත මිත්‍රයා වූ ජිමින්..

" හ්යොන්ග්නිම්..." මා ඔහු හා සිනාසුනි..

" යාහ්... උදෑසට සිට ඔබ කොහෙද අතුරුදහන් උනේ??" ඔහු මැසිවිලි නැඟුවේය.. මා සිනාසිණි.. ඔහු තියුණු ලෙස මා දෙස බලමින් මුහුණට පුදුමය දනවන බැල්මක් නඟා ගත්තේය...

" ආහ්... හ්යොන්ග්නිම්.. වේයෝ....??" ( brother why??) මා පැවසුවේ තව දුරටත් ඔහුගේ බැල්ම දරාගත නොහැකි විටය..

" නැවතත්?? ඔබ උමතුවෙන්ද?? ඔය චෙරි මල් නිම්නය කොතරම් භයානකද කියලා ඔබ හොඳටම දන්නවා ජියොන්ග්..." ඔහු මට තරවටු කරේය..

" මා එහි එතරම් වේලාවක් සිටියේ නැහැ.."මා හට වඩා තරමක් මිටි වූ ඔහුගේ උරහිස වටා අත යවමින් මා පැවසුවෙමි.

ඔහු සුසුමක් හෙලුවා පමණි.. ඔහුගේ බිය සාධාරණ බව මා දනිමි.. බැලූ බැලූ අත  රෝස පැහැයෙන් දිදුලමින් චෙරි මලින් වැසී ගිය චන්ග්වොන් චෙරි මල් නිම්නය දුටුවන් වශීකරවන මනස්කාන්ත පරිසරයකට උරුමකම් කීවද, චන්ග්වොන් සහ ඉම්ග්චොන් යන  රාජ්‍යයන් දෙකක දේශ සීමාව ලෙස අතීතය පුරාම දහස් ගණනක මිනිසුන්ගේ ලෙයින් පෙඟී ගිය අඳුරු මූසල භූමියක් විය. දෙරාජ්‍යයන්හි අභිනව රජවරුන් එකිනෙකා යුධ නොකිරීමට ඒකමතික තීරණයකට පැමිණ සිටියද තවමත් පිටස්තර රාජ්‍යයේ වැසියෙකු දුටු විට හදවත වෛරයේ ගිණි දළු වලින් ඇවිලී යන්නේ අතීතයේ ඇතිවූ තුවාල කැළල් නැවත නැවතත් පාරවමිනි..

Cherry Blossom || JJK || BTS FF Series Where stories live. Discover now