🌸 Chapter Two 🌸

2.3K 405 49
                                    


# Chapter 02#

Kooki's Proves.........

"ව්වාහ්...... beojkkoch..." ( Cherry Blossom)
ජිමින් හ්යොන්ග් ඔළුව වාහනේ ජනේලයෙන් එලියටම දාගෙන කෑගහනවා..

මාර්තු මාසේ අග කියන්නෙ කොරියාවේ චෙරි මල් පිපෙන්න පටන් ගන්න කාලය.. අපි Jinhae වලට යනගමන් හිටියේ.

හ්යොන්ග්ලා ඔක්කොම මාව අළුත් apartment එකට ඇරලවන්න ආවා..  මම හිටියේ ඇත්තටම දුකෙන්.. එයාලා නැතුව මං කොහොමද ඉන්නේ..

" යා ජිමිනා..... ඕක වහන්න ඉක්මණටම.. කුකීට චෙරි මල් ඇලඡික් කියලා මතක නැද්ද??"

ජින් හ්යොන්ග් කියද්දි අපි හැමෝම ජිමින් හ්යොන්ග්ට අවදානය දුන්නා...

" ඕ.. මියන්නේ.. මට අමතක උනා " ජිමින් හ්යොන්ග් ආපහු ජනේලෙ වහන ගමන් කිව්වා..

මම හිනා උනා විතරයි.. ඇත්තටම චෙරි මල් බලන්න  අපි කවදාවත්  ගිහින් තිබුණෙ නැහැ.. අපිට ඒකට වෙලාවක් තිබුණෙත් නැහැ..

මට පොඩි කාලේ අම්මලා එක්ක චෙරි මල් බලන්න ගියා කියලා පොඩි මතකයක් තිබුණත් ඒක හරියටම පැහැදිලි නැති මතකයක්..

ගිය අවුරුද්දේ අප්‍රේල් මුල අපි අපේ summer package එකේ shooting වලට Gyeongju ගියාම තමයි චෙරි මල් බලන්න අවස්ථාවක් හරි ලැබුණෙ..

මුළු පරිසරයම සුන්දර කරපු චෙරි මල් දිහා වැඩි වෙලාවක් බලන්න මට ඉඩ ලැබුණෙ නැහැ.. මගේ ඇස් වලින් එක දිගටම කඳුළු කඩා වැටෙන්න පටන් ගත්තෙ මටත් නොදැනිම..

ඒ විතරක් නෙවෙයි හදවතට තියුණු ආයුධයකින් ඇන්නා වගේ පුදුමාකාර වේදනාවක් මට දැනුණා.. මට හිතුණෙ මේ ලෝකේ තියෙන දුක්බරම මල තමා චෙරි මල කියලා.. ඒ තරමටම ඒ මල දිහා බලන වාරයක් පාසා කියාගන්න බැරි දුකක් මාව වෙලා ගත්ත..

හ්යොන්ග්ලා කිව්වෙ නම් මට චෙරි මල් ඇලඡික් වෙනවා ඇති කියලා.. ඒ වෙලාවේ මොකුත් නොකියා හිටියට මගේ හදවත දැනගෙන හිටියා ඊට වඩා ලොකු  සම්බන්ධයක් චෙරි මල් එක්ක මට තියෙනවා  කියලා..

......................................

මගේ අළුත් apartment එක තිබුණෙ ලස්සන කඳු පන්තියක් පාමුල.. ඈතින් පේන Cherry Blossom යායක් ඒ ලස්සන තවත් වැඩි කලා..

Cherry Blossom || JJK || BTS FF Series Where stories live. Discover now