🌸 Chapter Eleven 🌸

1.3K 288 19
                                    

Kooki's proves.......

Seoul අහසම අඳුරු වෙලා තිබුණෙ අනෝරා වැස්සකට ලකුණු පහලකරමින්.. ටේහ්යොන්ග් හ්යොන්ග්ට මෙහාපැත්තෙ වාඩි වෙලා මම හිටියේ මගේ නොඉවසිලිමත් මනස එක තැනකට ගන්න උත්සාහ කරමින්..

හවස් යාමය නිසා එන්න එන්නම වාහන තදබදය වැඩි වෙමින් තිබුණා..  වෙනදට සරෝට මාව හම්බවෙන්න ඕන නම් අපේ company එකටයි ආවේ.. මොකද මේ ප්‍රශ්ණ විසඳගන්නකම් අපිට පිට තැනක ඇවිදින්න යන්න එපා කියලා company එකෙන් කියලා තිබුණෙ.  ඒත් අද සරෝ කතා කරපු විදිය විතරක් නෙවෙයි එයාගේ කටහඬ පවා වෙනස් වෙලා තිබුණා..

එයාට මොකක් හරි කරදරයක් ද??  මම ආපහු සැරයක් බැලුවෙ එයා මට phone එකට එවපු address එක.. VVIP lounge එකක එයා මොනවද කරන්නේ.?? දැන් නම් මට එතනට යනකම් ඉවසිල්ලක් නැහැ..

" යා කුකියා.... මේක හ්යොන්ග්ලා දැනගත්තොත් අපි ඉවරයි... විශේෂයෙන්ම ජිමින්.. දන්නවානෙ එයාගේ හැටි.." ටේහ්යොන්ග් හ්යොන්ග් කිව්වෙ car එක drive කරන අතරෙ මං දිහා බලමින්..

" හ්යොන්ග්.. එයාට මොකක් හරි හේතුවක් ඇති නේද මට මෙහෙම එන්න කියන්න.. මගේ හිතට බයයි දැන්.." මම කිව්වෙ නොසන්සුන්හඬකින්..

" අපි බලමුකෝ... " හ්යොන්ග් කිව්වෙ car එකේ map එක බලනගමන්..

තව පැය බාගයක ගමනකින් පස්සේ අපි සරෝ කිව්ව lounge එකට ආවා.. car එක ඇතුළට දානකොටම lounge garden එකේ ඈතින් සරෝ ඉන්නවා මම දැක්කා.. එයා හොඳින්.. මගේ මූණෙ ඉබේටම හිනාවක් ඇඳුනා..

" පුළුවන් තරම් ඉක්මණට එන්න කුකී.. අපිට වැඩි වෙලාවක් නැහැ.." හ්යොන්ග් කිව්වෙ මම ඉක්මණටම car එකෙන් බැහැලා එතනට දුවලා යන්න හදද්දි..

මම සරෝ ඉන්න තැනට ගියේ ඈත ඉඳන්ම එයා එක්ක හිනා වෙනගමන්.. ඒත් එයාගේ මූණේ හිනාවක් තිබුණෙ නැහැ..

" ඇයි මේ??? මොකක් හරි උනාද සරෝ??"  මම ඇහුවේ එයාගේ මූණේ තිබුණ හැඟීම් විරහිත බව දැකලා..

මම එයාට ළං වෙන්න හැදුවත් එයා එක පාරටම අඩි දෙකක් විතර පස්සට ගියේ හරියට මං එයා ළඟට එනවට  කැමති නෑ කියන්න වගේ..

" සරෝ...." මට එයා කරපු දේ තදින්ම දැනුණා.. මම කතා කරේ බිඳුණු කටහඬින්..

Cherry Blossom || JJK || BTS FF Series Where stories live. Discover now