🌸 Chapter Nineteen 🌸

1.3K 257 26
                                    


Kooki pov........

රාත්‍රී අන්ධකාරය මැදින් ඈතින් පේන වීදිය අපගේ දෑසට පෙනුනේ කුඩා එලි විහිදවන කණාමැදිරි රංචුවක් ලෙසිනි.. හාත්පසින් හමා ගිය සීතල මුදු සිහිල් සුළං රැල්ලත් සමග සිහින් සිරිපොදක් ද කඩා වැටුණේ අවට සීතල දෙගුණ තෙගුණ කරමිණි.. අප සිටියේ අසල තණ පඳුරකට මුවාවී අන්ධකාරයට අපගේ දෑස් හුරු කරවමිනි..

" ආහ්... මට තාමත් සිතාගන්නට බැහැ මා ඔබත් සමඟ මෙවැනි අණුවන ගමනක් පැමිණි බව..." මා අසල සිටි හ්යොන්ග්නිම් පැවසුවේ රහසිනි.. මා මද සිනහවක් පෑවෙමි..

මීට දින කිහිපයකට පෙර දී නිම්නයේදී ඇය හමු වූ පසු මට නැවතත් ඇයව දැකීමට අවැසි වුවද ඊට සුදුසු මොහොතක් හමු නොවුනි.. මාළිගයේ සේවයට ගත් නව සෙබළුන් පුහුණු කිරීමේ වගකීම මා හට පැවරී තිබූ හෙයින් පසු දින කිහිපයම ගෙවී ගියේ කාර්යබහුල බවිනි.. එහෙත් යටි සිත  නිරන්තරයෙන් කියා පෑවේ කෙසේ හෝ ඇය හමුවීමට යන ලෙසයි..

අස්වැසිල්ලක් ලද මොහොතේම මගේ තීරණය හ්යොන්ග්නිම් ට පැවසුවේ එළඹෙන ඉම්ග්චොන් සැණකෙළියේ දී මගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සිතමිනි.. එහෙත් හ්යොන්ග්නිම්ගෙන් මට ලැබුණු ප්‍රතිචාරය එතරම් සුභ දායක නොවුණි..

මා මේ ගමන පැමිණීම වැලැක්වීමට ඔහු කොතෙකුත් උත්සාහ ගත්තද අවසන මාගේ තීරණය නොවෙනස් වන බව දැනගත් පසු ඔහුද මා සමඟ පැමිණීමට අවශ්‍ය බව පැවසීය.. අද දින ගොම්මන් යාමයේ නිම්නය පසු කරමින් පැමිණ ඉම්ග්චොන් ප්‍රධාන වීදිය පෙනෙන මානයේ තුරු වදුලකට වී වීදියට සේන්දු වීමට සුදුසු කාලයක් එළඹෙන තුරු අප දෙදෙනා මාන බලමින් සිටින්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි..

අප දෙදෙනා හෙලන හුස්මන් හැරෙන්නට අවට පරිසරය තද නිහඬ බවක ගිලී තිබුණි.. මගේ හදවත ගැහෙන වේගය මොහොතින් මොහොත වැඩි වූයේ ඇය දැකීමට මගේ දෑස් වලට තිබූ නොඉවසිලිමත් බව නිසාවෙනි.

" හ්යොන්ග්නිම්... අපි  වීදියට පිටත් වෙමු... තවත් ප්‍රමාද වීමෙන් ඵලක් නැහැ..." මා පැවසුවේ රෙදි කඩකින් මුහුණේ අඩක්  වසා ගනිමිනි.. මා අනුගමනය කරමින් හ්යොන්ග්නිම් ද මා පසුපස පැමිණියේය.. මොහොතකින් අප සිටියේ වීදියේ ජනයා අතරින් ඉදිරියට ඇදෙමිනි..

Cherry Blossom || JJK || BTS FF Series Where stories live. Discover now