🌸 Chapter Twenty Two 🌸

1.2K 252 45
                                    

Kooki pov......

ජීවිතේ සමහර අවස්ථා තියෙනවා අපි ගොඩාක් අසරණ වෙන.. ඒ වෙලාවට අපිට හිතෙන්න පුළුවන් කාලය ආපස්සට හරවන්න පුළුවන් උනානම් කියලා.. ඒ දේ වෙන්න කලින් වළක්වගන්න තිබුණානම් කියලා.. ඒත් වෙනස් කරන්න බැරි තරමට හැමදේම සිද්ධ වෙලා ඉවරනම් හිතට දැනෙන පීඩනය කියලා නිම කරන්න බැහැ..

මීට මොහොතකට කලින් හැමදේම හරි ලස්සනට තිබුණා.. මගේ ඇස් මානයට වෙලා සරෝ හිටියේ පුදුම සැහැල්ලුවකින් වගේම සතුටකින් කියලා මට විශ්වාසයි.. ඒත් තප්පර ගනනක් ඇතුළත එයා හිටියේ ලේ විලක් මැද මගේ අත් අතර හිරවෙලා.. මම කළේ අසිහියෙන් වගේ එයාව තුරුළු කරගගෙන කෑගහපු එක විතරයි.. මොහොතකට මගේ සිහිය විකල් වුණා කියලා මට හිතුණා.. ඒත් මම ඉක්මණටම මගේ සිහිය එක තැනකට ගත්තා.. ඔව් මට ආපහු එයාව නැති කරගන්න බැහැ..

" සරෝ... සරෝ.. චෙබල් ඇස් අරින්න දරුවෝ... මන් දිහා ඇස් ඇරලා බලන්නකෝ.. චෙබල්.."

මම එයාගේ කම්මුල් වලට තට්ටු කරලා ආපහු එයාට සිහිය ගන්න උත්සාහ කලා.. ඒත් එයාගේ ඇස් ඇරුණෙ නැහැ.. එයාගේ පපුවට කන තියලා බැලුවෙ මම හිතකින් නෙවෙයි.. ඒත් හිතේ ඇතිවෙච්ච බයට මට ඒක නොකර ඉන්නම බැරි උනා.. යන්තම් හුස්ම වැටෙන එයා දිහා මට තවත් බලාගෙන ඉන්න බැරි උනා... එයාට වෙඩි වැදිලා තිබුණෙ වම් උරහිසට ටිකක් පහලින්.. මම එයාගේ ගවුමෙ තිබුණු පටියක් ඉරලා අරගෙන ඉක්මණටම එයාගේ වෙඩි වැදිච්ච තුවාලෙ ටිකක් තද වෙන්න බැන්දා.. ලේ යන එක නතර කරන්න ඒ රෙදිපටි කෑල්ලට පුළුවන් උනත් නැතත් මම මගේ පුළුවන් උපරිමයෙන් උත්සාහ කලා..

උන් ගිහින් තිබුණෙ මගේ කාර් එකේ රෝදෙකටත් වෙඩි තියලා.. ඉමක් නොපෙනෙන නිම්නය පුරා පීත්ත පටියක් වගේ දිගට විහිදිලා තිබුණ පාර දිහා මං හැරිලා බැලුවා.. එක වාහනයක සේයාවක් දකින්න මට බැරි උනා.. මං හිටියේ හිතින් හොඳටම අතරමං වෙලා.. මම අඩියට දෙකට ගිහින් කාර් එකේ තිබුණ මගේ phone එක ගත්තා.. ෂිට්..!!! ඒකට සිග්නල් තිබුණෙ නැහැ... මම අත් දෙකෙන්ම ඔලුව අල්ලාගෙන කල්පනා කලේ ඊළඟට මං මොකක්ද කරන්නේ කියලා... මට මේ වෙලාවේ හ්යොන්ග්ලා ඔක්කොම මතක් උනා.. එයාලාවත් මගේ ළඟ හිටියනම්..

Cherry Blossom || JJK || BTS FF Series Where stories live. Discover now