පාළුවට ගිය එකී නිම්නයට අදටත් කිසිඳු මිනිසෙකු නොයන්නේ කොයි මොහොතේ හෝ අනෙක් රාජ්‍යයේ සිරකරුවෙකු වීමට හෝ මරණය වැළඳ ගැනීමට හෝ සිදුවන නිසාවෙනි.. එහෙත් සෑම සෘතුවකදීම දෙරාජ්‍යයන්හි සෙන්පතියන් දෙපළ නිම්නයට රැස්වී එකිනෙකාගේ සිරකරුවන් එකිනෙකාට හිලව් කරගනු ලබන්නේ සාමය තව දුරටත් පවත්වාගැනීමේ දැඩි අපේක්ෂාවෙනි.. එහෙත් මා එකී නිම්නයට ලොබ බැඳීමට හේතු වූ සහ මතකයට පැමිණි කල හදවත වේගයෙන් ගැහෙන්නා වූත් තවත් හේතු කාරණාවක් විය..
" වසන්ත සෘතුවෙ සිරකරුවන් නිදහස් කරගැනීමට යන්නේ කවදාද?? " හ්යොන්ග්නිම් ඇසුවේ කල්පනා ලොව අතරමන්වී සිටි මදෙස බලමිනි..
" තව දෙදිනකින්..." මා සෙමින් පිළිතුරු දුනි...
" ඕහ්.. ඔබට බිය නැද්ද එහි යන්න..??" නැවතත් ඔහු ඇසුවේ මාගේ දෑස් වලට එඹිකම් කරමිනි.
" ආහ්... හ්යොන්ග්නිම්.. ඔබට අමතක වුණිද?? මා කවුද කියා ?? මා චන්ග්වොන් රාජ්‍යයේ හොඳම සෙන්පති.. රජු වෙනුවෙන් කැපවුනු අභීත සෙන්පතියෙක්.. බිය යනු අපේ ලොකුම දුර්වලකම.." මා දිගටම පැවසුවෙමි..
" නේ.. නේ.. නා අරෝ.... (yes yes I know) චන්ග්වොන් රාජ්‍යයේ හොඳම සෙන්පති දිහා තරුණියන් සරාඟී ලෙස ඉඟිමරන සැටි මා හට දැණුදු දකින්න පුළුවනි.. මට සිතෙන ලෙසනම් ඔවුන් ඔබේ ආදරවන්තිය වීමට පෙරුම් පුරනවා.." හ්යොන්ග්නිම් පැවසුවේ අප දෙස බලමින් එකිනෙකාට රහස් දොඩවන තරුණියන් පිරිසක් දෙස බලමිනි..
" හ්යොන්ග්නිම්....!!" මා විසින් තරුණියන් දෙස බලා සිටි ඔහුව අසල තැබෑරුම වෙත තල්ලු කලේ සිනහ වෙමිනි..
🌸🌸🌸🌸🌸
මධුවිතින් මත් වූ මා මාළිගයට පැමිණ මා හට වෙන්වූ කුටියට තුළට පිවිසියේ දැඩි වෙහෙසකිනි.. ඒ වෙනකොටත් අවට පරිසරය දැඩි අඳුරකින් වෙලාගෙන තිබුණි.. එලෙසම බිම වැතිරුණු මා බැලුවේ මගේ කුටියේ මන්දාලෝකයක් විහිදූ ඉටිපන්දම දෙසය.. තව දෙදිනකින් ඇයව හමුවෙනවා.. මා සිතුවෙමි...
සෘතු සතරින් මා වඩාත් ඇලුම් කල සෘතුව වන්නේ වසන්ත සෘතුවයි.. ගහකොළ හරිත පැහැයෙන් වර්ණවත් වෙමින් පල සහ මල් වලින් බර වන විට මුළු පරිසරයම අමුතු සුන්දරත්වයකින් පිරී යයි.. එමෙන්ම වසන්ත කාලය ආරම්භයේ පීපීමට පටන් ගන්නා චෙරි මල් සෑමවිටම මට මාගේ මෑණියන් සිහිකරවීය.. ඇය චෙරි මල් වලට පුදුම අයුරින් ආදරය කලාය.. ඇය රෝගාතුරුව මිය යන මොහොතේ පවා ඈ අසල චෙරි මල් ඉත්තක් විය..
YOU ARE READING
Cherry Blossom || JJK || BTS FF Series
Fanfictionආදරණීය සරෝ... කුමාවෝ... මගෙ පොරොන්දුව ඉෂ්ඨ කරාට... මම මගේ අවසාන මොහොතෙත් දැක්කෙ ඔයාව.. ඔය ඇස් දෙක.. හරි පරිස්සමට මම මගේ චෙරි මල මේ පපුවෙ හංග ගත්තා... ආපහු චෙරි මලක් දකින වාරයක් පාසා මට ඔයාව මතක් වෙයි... අපේ මතක ආපහු මගෙ මතකයට ඒවී.. අන්න එදාට මම ලෝකය...
🌸 Chapter Seventeen 🌸
Start from the beginning