🔮(27) මොරෙනස්.

175 38 6
                                    

ග්‍රවුන්ඩ් එකේ යන්න පුළුවන් හැම තැනකම බැලුවා.. අවුරෝනයෙක් තියා අවුරෝන්ගේ සුවදක්වත් නෑ.. දැන් කොහේ කියලා බලන්නද.. මූ පුස්තකාලයටවත් ගියාද... කොහෙද බලන්නේ... පුස්තකාලේ පැත්තේ බලමූ.. දුවලා දුවලම හති. අහුවෙද්දෙන්කෝ මූ..

යේෂ් -: " ආ...හ් මොන යකාද පාර මැද්දේ ගස් හිටවලා තියෙන්නේ.. "



ඇඟෙන් එකයි මඩ අවුරෝ.....න් අද නම් කනවා මගෙන්...  මූ පුස්තකාලේ පැත්තෙත් නෑනේ යකෝ.. යන තැනක් හරියට කියලා යන්න ඕන.  මේ මොකද මාගොන් සීමාවට ආරක්ෂක වළල්ල දානවා නේද. ඒ තරම් භය වෙන්න හේතුව මොකක්ද..




" යේෂ් යේෂ් මට උදව් කරන්න "





යේෂ් -: " අවුරෝන්... කොහෙද ඉන්නේ කියනවා.. අවුරෝන් "




මූ මොන මඟුලක රිංගලද මන්දා දැන් උදව් ඉල්ලලා කෑගැහුවේ මූ නේද..





යේෂ් -: " අවුරෝන් මාව ඇහෙනවද අවුරෝන්.. මාගොන් වලට හදිසි නීතිය දාලා තියෙන්නේ.. ඔයා කොහෙද ඉන්නේ අවුරෝන්.. මාව කේන්ති අවුස්සන්නේ නැතුව ඉන්න තැනකින් එනවා... "




" යේෂ් මං දොරටුවෙන් පිටත ඉන්නේ... මට උදව් කරන්න යේෂ් "







දොරටුවෙන් පිටත කියන්නේ මාගොන් සීමාවෙන් එලියෙද?? ඒත් අපිට සීමාවෙන් එලියට යන්න බෑනේ.. අවුරෝන් මොකක්ද එලියට වෙලා කරන්නේ... අනිත් එක සීමාවෙන් පිට ඉන්න කෙනෙක්ගේ කටහඬක් මට ඇහෙන්නේ කොහොමද ?? මෙතන මොකක් හරි අවුලක් තියනවා. එක්කෝ ආයෙමත් නේවාසිකාගාරයට ගිහින් සෙට් එකටත් කියලා අවුරෝන්ව හොයා ගන්නවා.






යේෂ් -: " ආ.......හ් මගෙ කන් දෙක.. "


මං දොරටුවක් විවෘත කර ගන්න ගියත් ඒක කර ගන්න බැරි උනා. පලාතම දෙදරන් යන මහා සද්දයක්... දෙවියනේ මොරෙනස් කෙනෙක්. ආහ්.. ෂිට් අදනම් මගෙ මරණෙ තමයි..  එහෙනම් මිනීමරුවට නෙවෙයි මාගොන් කලබල උනේ. දැන් කරන්න තියන හොදම දේ තමයි මෙතනින් පැන ගන්න එක.. ඒත් දොරටුවක් විවෘත කර ගන්න ගිහින් ඒකේ එළිය ඌට පෙනුනොත්...



මොරෙනස් කියන්නේ විකෘති ජීවියෙක්ට. උන් තමයි මාගොන් වල ඉන්න පුළුවන් භයානකම සත්තු ජාතිය. ලේ ඉව දැනෙන ඕන දෙයක් කාලා දානවා. එලියට ගොඩක් ආකර්ෂණය වෙනවා. ඒකයි එහෙනම් අද මාගොන් වල ආලෝක එලිවත් නැත්තේ.. මොරෙනස්ලා ඉන්ද්‍රජාලිකයෙක්ට වඩා හය ගුණයක් ශක්තිමත්. ෂාවෝස් බලවත් පූජකයන් හැර මොරෙනස් කෙනෙක් ඇස් දෙකට දැකපු කෙනෙක් මේ වෙනකන් ජීවත් වෙලා නෑ. අදටත් මොරෙනස් කියලා අපි හිතන් ඉන්නේ ෂාවෝස් පූජකයන් විස්තර කරපු රූපයක්. මොරෙනස්ලගේ ශබ්දය ලොකු දුරකට ඇහෙන නිසා එයාලගේ සද්දෙ විතරයි අපි අඳුරන්නේ..එයාලගේ සද්දේ අපිට සත්තු ගැන උගන්නද්දී අහන්න දෙනවා. ඒ කලින් අදුරන් තියා ගන්න. එයාලාගේ සද්දයක් ඇහුනොත් පුළුවන් තරම් හැංගිලා ඉන්න කියල තමයි අපිට කියලා දීලා තියෙන්නේ.  මොරෙනස්ලා වඳ වෙලා යන සත්තු වර්ගයක්.   මව්රෝ ඩාසොස් වල තමයි මොරෙනස්ලා ජීවත් වෙන්නේ. ඒකත් කාලයකටම දෙන්නෙක් තුන්දෙනෙක් වගේ තමයි. මොරෙනස්ලට මව්රෝ ඩාසොස් වලින් පිටවෙන්න බැරි විදිහේ ආරක්ෂක වළල්ලක් දාලා තියෙන නිසා මාගොන් සීමාවට මොරෙනස්ට ඇතුල් වෙන්න බැහැ. මාගොන්වල මරණයේ සංකේතය තමයි මොරෙනස්ලා කියන්නේ..  ඒත් මුගේ සද්දේ මට ඇහුනේ ගොඩක් ලඟින්. ඒ කියන්නේ මොරෙනස් කෙනෙක් ලඟම ඉන්නවා.



Ton Magon School (ඉන්ද්‍රජාලිකයින්ගේ පාසල. BL Sinhala )Donde viven las historias. Descúbrelo ahora