🔮(1) හැඳින්වීම

992 83 9
                                    

පරිසරයම වැහි අඳුරෙන් පිරිලා ඒ අතරින් ලා ආලෝකයෙන් දිලෙන හිරු රශ්මිය අද දවසේ විශේෂත්වය තවත් වැඩි දියුණු කරනවා. ඔව් අද විශේෂ දවසක් දක්ෂ ඉන්ද්‍රජාලිකයන් අතරින් අති දක්ෂ ඉන්ද්‍රජාලියකන් තෝරා ගන්නා "තොන් මාගොන්" පාසලේ ප්‍රවේශ විභගයන් හී ආරම්භක විභාගය පැවැත්වෙන්නේ අද.

                 (තොන් මාගොන් පාසල)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(තොන් මාගොන් පාසල)

තොන් මාගොන් පාසල සාමාන්‍ය ලෝකයෙන් සැඟවුණු අති දක්ෂයන්ගෙන් පිරුණු තැනක්. මාගොන් වලට පය ගහන්න ලැබෙන්නෙත් අති දක්ෂයන්ටම පමණයි. මාගොන් වලට ඇතුළු වීමට නම් ප්‍රධාන විභාග තුනකට මුහුණ දීමට සිදුවෙනවා. ලිඛිතව මුහුණ දෙන පළමු විභාගයෙන් පසුව එයින් තේරී පත් වූවන් අති දුර්ලභ ඉන්ද්‍රජාලික කායික හා මානසික විභාගයන් දෙකකට මුහුණ දුන් පසු ඉන් වැඩිම ලකුණු ලබා ගත් අය අතුරින් මුල් දහසට මාගොන් දොර විවෘත කරනු ලබනවා.

ඉතිං අද තමයි ප්‍රථම ලිඛිත විභාගය. දැඩි ඉන්ද්‍රජාලික නීති රීතී හමුවේ විභාගය පැවැත්වීමට සියල්ල සූදානම්. නමුත් වෙනදට වඩා අද ලිඛිත විභාගයට යොමු වන අවධානය වැඩී. අවුරුදු දහසකට කලින් ආරම්භ වුණු නොවිසඳුණු අපහැදිලි ගැටලුවක් වෙනුවෙන් ලියවුණු අනාවැකියක් වෙනුවෙන් තමයි සියල්ලක්ම බලාපොරොත්තු දල්වාගෙන බලා සිටින්නේ.

"අවුරුදු දහසකට පසුව ඔවුන් යළි මුණගැසේවී. ආත්මය ගෙනෙන තැනැත්තා හා ගැලවුම්කරුවා එක්ව කාටෝස්ගේ හදවත විනාශ කළ හැකි ආයුධය නිර්මාණය කරයි. ඔවුන් නැවත මාගොන් අධිරාජ්‍ය ගොඩනගයි..."

අවුරුදු දහසකට පෙර සිදු වූ ඩිසාවලොස්වරුන්ගෙ ප්‍රබල ආක්‍රමණයත් සමඟ මාගොන් අධිරාජ්‍ය බිඳවැටෙනවා. මාගොන් අධිරාජ්‍ය කියන්නේ ඉන්ද්‍රජාලිකයින් ජීවත් වූ සමාන්තර ලෝකයට.

Ton Magon School (ඉන්ද්‍රජාලිකයින්ගේ පාසල. BL Sinhala )Where stories live. Discover now