🔮(22) දඬුවම.

213 43 17
                                    

ඩුෆේ -:" අම්මෝ දැන්නම් පාන් කියාගන්නවත් බෑ බං මගේ කොන්ද නෑ වගේ. මේ ඔක්කොම අර ජරා සතා නිසා.. අද ඉදන් මං හාවන්ට වෛර කරනවා...  "

එමෝර් -: " හාවෙක් නිසා නෙවෙයි උබ නිසා තමා ඔක්කොම උනේ.. ඇයි බං උගන්නනේ නැතුව ග්‍රිගෝරා එකට පුරුදු වෙන්න දෙන්න බැරි. එහෙනම් මෙහෙම වෙන්නේ නෑ.. ෂාවෝස් වලටත් ගෙන්නලා මරවලා මරවලා පණ ටික ගිහින් ඉද්දී ග්‍රිගෝරා පුහුණුවට යන්නලු. මාස්ටර්ට නම් හොදක් වෙන්නෑ..  මුන් හිතන් ඉන්නේ අපි රොබෝලා කියලද. "

ඩුෆේ -: " ඇත්ත ඇත්ත අඩුම අමතර ආහාර වේලක් හරි දෙන්න තිබ්බා අපිට. ඇඟේ තිබ්බ ඔක්කොම සත්තිය දාලා තමයි ෂාවෝස් පුරුදු උනේ. දැන්නම් අඩියක් තියා ගන්නවත් පණක් නෑ මට. මම නෙවෙයි උබ තමයි එමෝර් ඔක්කොටම හේතුව. හරිනම් උබේ රෑ කෑම එකත් මට දෙන්න ඕන. "


එමෝර් -: " ෂාවෝස් පුරුදු කරන්නේ මං නෙවෙයි උබ ගිහින් යමතෝ මාස්ටර්ගේ රෑ කෑම එක ඉල්ල ගනින්. අනික මං උබට කිව්වා පුහුණුව වෙලාවේ කතා කරන්න එපා කියලා. උබ කට නිසා තමයි ඔක්කොම "



ඩුෆේ -: " මාස්ටර්ට වැඩිපුර කන් ඇහෙනවා කියලා මං මොනා කරන්නද.. අනික මං බඩගිනි කියලනේ කිව්වේ. ඕකට ඔච්චර දඩුවමක් දෙන්න ඕනද?? අනේ මගේ කොන්ද නෑ වගේ ටව්සර් අයියේ මාව වඩාගෙනවත් යනවකෝ... "


රිෆ්ල -: " පුළුවන් විදිහකට එනවා ඩුෆේ. තමුන්ට හැමදාම කියනවා ඔය කට පරිස්සම් කරන් ඉන්න කියලා."

ඩුෆේ -: " අනේ උබත් ඉදපන් බං. "

රිෆ්ල -: " ඩුෆේ මට ඒක ඇහුනා.. "


ඩුෆේ -: " ඇහෙන්න තමයි කිව්වේ.. මට මේ ඇවිද ගන්න පණ නැතුව ඉන්නවා. මාව දැක්කමවත් ඔය ගල් හිත උනුවෙන්නේ නැද්ද මං අහන්නේ. මගේ මේ සුකුමල වත කමලට හෙන ගහලා කියලා ඔබට පෙනෙන්නේ නැද්ද අයියාණෙනි.."


රිෆ්ල -: " නෑ.. පුළුවන් විදිහකට එනවා. "



ෂාවෝස් පුහුණුව අතරෙදි කියවලා ඩුෆේටයි එමෝර්ටයි ෂාවෝස් ග්‍රවුන්ඩ් එක වටේ වට විස්සක් හාවෝ පැන පැන දුවන්න කිව්වා. ඒක සම්පූර්ණ කරනකන් මුන් දෙන්නට එන්න දුන්නේ නෑ. අපිට ෂාවෝස් වලින් පස්සේ තමයි ග්‍රිගෝරා තරඟයට පුහුණු වෙන පැය දෙක වැටිලා තිබ්බේ. ෂාවෝස් ඉවර වෙලත් ග්‍රිගෝරා ග්‍රවුන්ඩ් එකට යන්න මුන් දෙන්නා එනකන් අපි පැය කාලක් විතර ෂාවෝස් ග්‍රවුන්ඩ් එක ලඟට වෙලා බලන් හිටියා. ඒක ඉවර වෙලා එද්දී උන් දෙන්නට හොද ගනන්ද කොහෙද ග්‍රිගෝරා ග්‍රවුන්ඩ් එක පැත්තට  යනවා නෙවෙයි බඩ ගානවා.

Ton Magon School (ඉන්ද්‍රජාලිකයින්ගේ පාසල. BL Sinhala )Where stories live. Discover now