🔮(18) මව්රෝ ඩාසොස්.

193 44 20
                                    

අපි රෑ වෙනකම්ම මුළු පුස්තකාලෙම පෙරළුවා. අවසන් සටන ගැනයි වෙකොස් රජු ගැනයි විස්තරයක් හොයාගන්න පුළුවන් විදියේ පොතක් තියෙනවද කියලා බලන්න. අඳුරු පුස්තකාලය පාවිච්චි කරන්න බැරි නිසා අපිට උත්සහ කරන්න පුළුවන් මේ පුස්තකාලය ඇතුලෙ තියෙන පොත් ටික විතරයි. කොච්චර වෙලා හෙව්වත් ඒ ගැන කිසිම විස්තරයක් හොයාගන්න පුළුවන් විදිහේ පොතක් අපිට හම්බවුණේ නෑ.

රේච් -: " මේක කිසිම තේරුමක් ඇති වැඩක් නෙමෙයි. අපි ෂාවෝස් පූජකයෙක්ගෙන් උදව්වක් ගන්න බලමුද?? "

ලූනා -: " ඒත් ෂාවොස් පූජකයෝ කොහෙද බ්‍රෝ මාගොන් ස්කූල් එක ඇතුලේ ඉන්නේ... "

රිෆ්ල -: " මාගොන් ස්කූල් එක ඇතුලේ නෑ. ඒත් මාගොන් වලින් පිටට ගියොත් හොයා ගන්න පුළුවන්. මං දන්න විදිහට පරණම ෂාවෝස් පූජකයන් ඉන්නේ මව්රෝ වල "

ඩුෆේ -: " මව්රෝ !!!  මව්රෝ ඩාසොස් ගැනද කියන්නේ... පිස්සු හැදිලද ටව්සරයෝ. අවසර නැතුව මව්රෝ ගියොත් මිනිය තමා හම්බ වෙන්නේ "

රිෆ්ල -: " කරන්න දෙයක් නෑ ඩුෆේ. මාගොන් වෙනුවෙන් අපිට රිස්ක් එකක් ගන්න වෙනවා. අපේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර මව්රෝ වල තියෙන්න පුළුවන්. "

මව්රෝ ඩාසොස් කියන්නේ මාගොන් සීමාවෙන් එහා තියෙන භයානකම කැලයට. ඒක ඇතුළෙ සිද්ධ වෙන්නේ කවදාවත් හිතාගන්න බැරි දේවල්. ඒ වගේම හඳුනාගත්තේ නැති ගොඩක් සත්තු ජාති මව්රෝ වල ජීවත් වෙනවා කියලා තමා කියන්නේ. පරණම ෂාවෝස් පූජකයන් හැර සාමාන්‍ය ඉන්ද්‍රජාලිකයින් මව්රෝ වලට යන්නේ නෑ. යනවනම් පරණ ෂාවෝස් පූජකයෙක් එක්ක තමා යන්නේ.

ඔනික්ස් -: " ෂාවොස් පූජකයෙක්ගේ මග පෙන්වීම නැතුව මව්රෝවලට යන එක ගොඩක් භයානකයි තමයි. "

තෝන් -: " කරන්න දෙයක් නෑ අපේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ එතන නම් අපි ඒ රිස්ක් එකත් අරගමු. "

ඩිවෝ -: " තාම වෙලාව හතයි. අපි මෙහෙන් නමයට පැන්නත් පැය අටක් තියෙනවා අපේ වැඩේට. හෙට ඉඳන් අපිට ලොකු වෙලාවක් මේ වැඩේට යොමු කරන්න බැරි වෙයි. ඒ නිසා අපිට වෙලාව ඉතුරු වෙලා තියෙන එකම දවස අද. කට්ටිය මොකද කියන්නේ අදම වැඩේ පටන් ගමුද?? "

Ton Magon School (ඉන්ද්‍රජාලිකයින්ගේ පාසල. BL Sinhala )Where stories live. Discover now