🔮(17) එක්ටස්.

193 40 13
                                    

යේෂ් -: " ඇයි අවුරෝන් "

අවුරෝන් -: " ඇයි අහන්නේ මම නිදාගන්න ආවේ. මට මෙහෙ පුරුදු වෙනකන් ඔයා එක්ක තමා නිදා ගන්නේ. ඔයානේ අපේ නායකතුමා.. "

යකෝ මම නායකකම කරේ ඉෆ්රෝ එකට විතරයි. මුන්ට නින්ද නොගියත් මමද පලි. තව ටික දවසකින් මොනා කියා ගෙන එයිද දන්නෑ.

යේෂ් -: " ආහ් මේ... ඒත් "

මම මුකුත් කියන්නත් කලින් අවුරෝනයා ඇතුලටත්  ගිහින්. අදත් මූත් එක්ක තමා නිදා ගන්න වෙන්නේ.

අවුරෝන් -: " ඔතන දොරත් ඇරන් බලන් ඉන්නේ නැතුව ඕක වහලා ඇවිත් නිදා ගන්න යේෂ්. මං දවල් කියපුවා එච්චර ගනන් ගන්න එපා. ඒක අමතක කරලා දාන්න. "

මූ මගේ හිතවත් කියෙව්වද.. මාත් ඉතිං දොර වහලා දාලා ඇවිත් අයිනට වෙන්නම නිදා ගත්තා කියන්න බෑනේ. මූ ඩුෆේගේ කටුස්සට වඩා ඉක්මනට පාට මාරු කරනවා. රේච් හොදයි තව.







...............................................................







යේෂ් -: " අපෙන් ටික දෙනෙක් මහාචාර්යතුමාගේ කාර්‍යාලයට ගියාම ඇති. අනිත් අය පුළුවන් තරම් අඳුරු පුස්තකාලයෙන් විස්තර හොයා ගන්න බලන්න. ග්‍රිගෝරා එක පටන් ගත්තම අපිට වැඩිය අඳුරු පුස්තකාලයට යන්න බැරිවේවී. "

රේච් -: " ඒක හරි රිෆ්ලයි ඔනික්සුයි යේෂ් එක්ක යන්න. අනිත් අය පුස්තකාලයට යමු. "

මටයි රිෆ්ලටයි ඔනික්ස්ටයි මහාචාර්යතුමාගේ කාර්යාලයට යන්න කියලා අනිත් අය අඳුරු පුස්තකාලයට යන්න පිටත් උනා.

යේෂ් -: "  අපි හරියටම වෙලාවක් දන්නේ නෑනේ මොකද කරන්නේ?? "

ඔනික්ස් -: " දවල් කෑමෙන් පස්සේ අපිට තිබ්බේ  ඉතිහාසය. එතකොට නිවේදනය දුන්නේ ඉතිහාසය විෂය ඉවර උනාට පස්සේේ. පන්තිය පටන්ගන්න වෙලාවට විතර මහාචාර්යවරයාගේ කාර්යාලයට යමු තොරතුරක් දැනගන්න බැරි උනොත් අපිට තව පස්සට යන්න පුළුවන්නේ. "


යේෂ් -: " අපි ඒ වෙලාවට යමු. හැබැයි මතකනේ කාල නීති මොනවත් කඩන්න බෑ. එහෙම උනොත් අපි ඒ කාලය ඇතුලෙ හිර වෙනවා. පුළුවන් තරම් පරිස්සමට වැඩේ කරගමු."

Ton Magon School (ඉන්ද්‍රජාලිකයින්ගේ පාසල. BL Sinhala )Where stories live. Discover now