🔮(24) පළමු ග්‍රිගෝරාව.

197 35 10
                                    

රිෆ්ල  -: " මේ තියෙන්නේ ඇතුලු වීමේ දොරටුව.  මෙතන ආරක්ෂකයෝ 5දෙනෙක් ඉන්නවා. ඒ නිසා මෙතනින් ඇතුල් වෙන්න බෑ. ඒක අවදානම් වැඩී. ඒ නිසා අපි සැවෙලෙස් වල තියන පිටිපස්සේ තාප්පයෙන් පනිමු. දකුණු කොටසේ ශිෂ්‍ය නේවාසිකාගාරයයි භෝජනාගාරයයි තියන නිසා ඒ පැත්තේ අනාවැකිය හොයලා වැඩක් නෑ. අපි වම් කොටසේ ශාලා අංක 45න් එහාට තියන ටික බලමු. පිටිපස්සෙ තාප්පෙන් පැන්නොත් වම් කොටසට යන්න ලේසි. අපිට මායාවන් පාවිච්චි කරන්න බැරි නිසා ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා."

රේච් -: "ඒක හරි මාගොන් වල ආරක්ෂාව වැඩි කරන කොට සැවෙලෙස් වලත් ආරක්ෂාව වැඩි කරලා තියනවා. අනික සැවෙලෙස් වල රෑ 10න් පස්සේ එලියට යන්න බැරි නීතියත් ප්‍රශ්නයක් නෙවෙයිද ?? සැවෙලෙස් වල මායා භාවිතය තහනම් උනත් විභාග වැඩ වලදි ඔකිටොස්වරු මන්තර පාවිච්චි කරනවා. "


යේෂ් -: " ඒවා සැහැල්ලු මන්තර ඒ නිසා අවසර තියනවා වෙන්නත් පුළුවන්. එහෙනම් හැමදේම හරිනේ මං සැවෙලෙස් වලට දොරටුව විවෘත කරන්නම්. මොනා උනත් අපි පාන්දර 5 වෙන්න කලින් ආයෙත් මාගොන් ඉන්න ඕන. "


රෑ කෑමෙන් පස්සේ කට්ටියට නිදා ගන්න කියලා. අපි තුන්දෙනා 10ට විතර සැවෙලෙස් යන්න හැදුවේ. හෙට ග්‍රිගෝරා පළවෙනි තරඟය නිසා අපේ සෙට් එකේ හැමෝගෙම අවදානය තියෙන්නේ තරඟේ.. ඒ නිසා අපි ගැන විශේෂයෙන් එයාලට නෝට් වෙන්නේ නෑ. එදා අවුරෝන් රේච්ගේ රූම් එක ලඟ ඉදන් ගිය දවසේ ඉදන් අපි තුන් දෙනා හම්බ උනේ හදිස්සිම වෙලාවක විතරයි. ඒකත් ගොඩක් වෙලාවට පරණ ගබඩාව ලඟ. අපි තුන් දෙනා ගැන ශේරස්ටවත් එයාගේ ඔත්තුකාරයටවත් දැනගන්න දෙන එකෙන් රේච්ගේ ජිවිතේ අනතුරේ වැටෙන්න පුළුවන් නිසා අපි හැම වෙලාවෙම පරිස්සම් උනා.


යේෂ් -: " ශ්.... සද්ද නොකර එන්න. පිටිපස්සට යන එක ලේසි නෑ වගේ.. "

අපි හිතුවටත් වඩා සැවෙලෙස් වල ආරක්ෂාව වැඩි කරලා. තාප්පෙට ඇතුලින් වගේම පිටතිනුත් ආරක්ෂකයෝ ඉන්නවා. අපි ඉන්නේ සැවෙලෙස් වලට ඇතුල් වෙන දොරටුව පේන මානේ. එතන ආරක්ෂකයෝ පස් දෙනෙක් ඉන්නවා. මේ පස් දෙනාට නොපෙනී කොහොම හරි වම් පැත්තේ පිටිපස්සේ තාප්පේ ලඟට යන්න ඕන.


Ton Magon School (ඉන්ද්‍රජාලිකයින්ගේ පාසල. BL Sinhala )Where stories live. Discover now