🔮(2) ප්‍රවේශ විභාගය.

401 55 2
                                    

ඉන්ද්‍රජාලිකයෙක් ලෙස උපත ලබන හැමෝම විශේෂයි. මොකද ඒ හැමෝම උපතින්ම තමන්ටම කියලා දක්ෂතාවයක් අරගෙනයි ඉපදෙන්නේ. ඒක හඳුනගෙන වැඩිදියුණු කර ගන්න එක ඉන්ද්‍රජාලික නීතියක්. අවුරුදු 21 වන විට සෑම ඉන්ද්‍රජාලිකයෙක්ම තමන්ගේ එපිඩෙක්ස් එක (උපතින් අරන් එන දක්ෂතාවය) හඳුනගෙන තියෙන්න ඕන. එහෙම නැති අයව චෙස්ටපොස් වලට පිටුවහල් කරනවා.

ඒක තමයි නොමොස් නීතිය. නොමොස් නීතිය කියන්නේ මාගොන් අධිරාජ්‍යයේ ක්‍රියාත්මක වන නීතියට. ඒ සියලුම නීති නොමොස් කියන පොතේ මාගොන් අධිරාජ්‍යයේ පළමු රජතුමා විසින් සඳහන් කරලා තියනවා. ඉතිං හැම ඉන්ද්‍රජාලිකයෙක්ම නොමොස් නීතිය දේවත්වයෙන් අදහනවා. චෙස්ටපොස් වලට පිටුවහල් කරන කිසිම කෙනෙක්ට කවදාවත්ම මාගොන් අධිරාජ්‍යවත් සාමාන්‍ය ලෝකයවත් විවර වෙන්නේ නෑ. එයාලව හඳුන්වන්නේ පෙරිටොස් කියලා.

(චෙස්ටපොස් )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(චෙස්ටපොස් )

සැවෙලෙස් වල ශාලා අංක 45 ඉදිපිට තියන කොරිඩෝව විභාග අපේක්ෂකයන්ගේ කසු කුසුවෙන් පිරී ගිහින් තිබුණා. හැමෝම කතා බහ කරන්නේ ප්‍රවේශ විභාගය ගැනයි අනාවැකිය ගැනයි. එක එක්කෙනා තමා දන්න දේවල් අනික් අයත් එක්ක බෙදා ගත්තා. එකපාරටම මුළු කොරිඩෝවම නිහඬ උනේ ඈත එන පිරිමි රූපයට සම්පූර්ණ අවධානය දෙමින්.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Ton Magon School (ඉන්ද්‍රජාලිකයින්ගේ පාසල. BL Sinhala )Where stories live. Discover now