🔮(12) මාගොන් වලට අමුත්තෙක්.

237 46 9
                                    

" මොකක් හේදර් පරික්ෂාව කරන්න නේද  හදන්නේ. ඒත් සැවෙලෙස් ඉදන් ආව හැමෝටම හේදර් පරික්ෂාව කරානේ.. ඇයි මේ ආයෙමත් ?? "

" ඒකනේ මිනීමැරුම නිසා ආයෙත් පරික්ෂා කරනවද දන්නෑ සාපලත් අය ඉන්නවද කියලා.. "

" සියළු දෙනාවම මෙතනට හදිසියේම කැඳවූවේ මාගොන් වලට අමුත්තෙක්ව පිළිගන්න. හැමෝම දන්නවා මාගොන් වල හේදර් පරික්ෂාව සිද්ධ වෙද්දී මාගොන් ශිෂ්‍යයෝ හැමෝම හේදර් පරික්ෂාවේ සාක්කිකරුවෝ වෙන්න ඕන කියලා.."

ටික වෙලාවක් යන්න යන්න මගේ වේදනාව නැතිවෙලා ගියා. ඊට පස්සේ ප්‍රධාන මහාචාර්යතුමා අපිව හදිස්සියේම ගෙන්නපු කාරණාව කිව්වා. ඒත් සැවෙලෙස් විභාග වලට සහභාගී නොවුණු කාටවත් මාගොන් එන්න බෑ. සැවෙලෙස් වලින් ආව හැමෝටම හේදර් පරික්ෂාව කරා. එතකොට මේ එන්නේ කවුද?

" තිෆ්රෝ රිගෙඩියස් ජල බඳුන ලඟට එන්න. "

මහාචාර්යවරයා කිව්වම එතනට ආවේ පිරිමි ළමයෙක්. ඉන්න මං එයාව කොහේදි හරි දැකලා තියනවා. ඒත් කොහෙද කියලා මතක නෑනේ. එයා හේදර් පරික්ෂාව කරා. ජල බඳුනෙන් කලු දුමක් පිට උනේ නෑ. ඒ කියන්නේ එයත් සාපලත් කෙනෙක් නෙවෙයි. හේදර් පරික්ෂාවෙදී ජල බඳුනේ පාට වෙනස් වෙන එක පේන්නේ තමන්ටයි ප්‍රධාන මහාචාර්යවරයටයි විතරයි. සාපලත් කෙනෙක් උනොත් විතරක් ජල බඳුනම කලුපාට වෙලා දුමක් පිට වෙනවා. ඒකයි අපි හැමෝම හේදර් පරික්ෂාවේ සාක්කිකාරයෝ වෙන්නේ. එතකොට අපිට අනිත් අය ගැන සැක කරන්නවත් චෝදනා කරන්නවත් බෑ. හැබැයි හෙඩොක්ස් එකට අයිති පාට පෙන්නන්නේ නෑ. නමට අනුව තියන හෙඩොක්ස් එකේ පාට නැතුව වෙන පාටක් පෙන්නුවොත් ඒ ගැන ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන මහාචාර්යවරය විතරයි ඒක අනිත් අයට දැන ගන්න දෙන්නේ නෑ.

" සාදරෙන් පිළිගන්නවා මාගොන් වලට. ඔබට වෙන් කර ඇති කාමරය තෝමස් පෙන්නාවී. අවශ්‍ය සියළු දේ ඔබට මාගොන් වලින් සපයා තිබෙනවා. දහවල් ආහාරයෙන් පසුව ඔබගේ  කාල සටහන අනුව ඇති පන්තියට යන්න. මේ ඔබගේ යෂ්ටිය. ඒක පරිස්සම් කර ගන්න එක ඔබ සතු වගකීමක්"

" ස්තූතියි මහාචාර්යතුමනි"

එයාගෙ කටහඬ ගොඩක් ගැඹුරුයි. එයාටත් ලැබුනේ මගේ වගේම යෂ්ටියක්. ඒක කොළ පාටයි. හැබැයි යෂ්ටිය එයාව තෝර ගත්තේ නෑ මහාචාර්යතුමාම එයාට යෂ්ටිය දුන්නා. පස්සේ අපි හැමෝටම දවල් කෑම ගන්න යන්න අවසර දුන්නා.

Ton Magon School (ඉන්ද්‍රජාලිකයින්ගේ පාසල. BL Sinhala )Where stories live. Discover now