🔮(5) අලුත් යාළුවෝ.

288 57 0
                                    

කමාජිගේ අවසර පත කලු පාටයි. ඒ කියන්නේ කමාජිගේ අවසර පත නෙවෙයි කමාජි ගාව තියෙන්නේ. අවසර පත හොයා ගන්න බැරි උනොත් කමාජිව වැටෙන්නේ ප්‍රතික්ෂේප වූවගෙ ගොඩට.

"කොළ යකෝ කොළ .... සීයේ... ඔන්න ඔයාගේ හිච්චි පුතා පරම්පරාවේ ගෞරවේ රැක්කා...."

ඩුෆේටත් කොළපාට. අපේ සෙට් එකෙන් කමාජිට විතරයි අවුල. ඒක දැක්කා විතරයි ඩුෆේගෙත් හිනාව අතුරුදහන් උනා. කමාජි ඉන්නවා බය වෙලා වගේ. ඒත් එක්කම කතා කලේ රිෆ්ල

"කමාජි බය වෙන්න එපා. අර මේසේ ලඟට යන්න එයාලා ඔයාගේ අවසර පත හොයා ගන්න උදව් කරයි. අපි මෙතනම ඉන්නවා පොඩ්ඩක්වත් බය වෙන්න එපා"

"ඒත් ඒක හම්බුනේ නැත්තම් මට ගෙදර යන්න වෙනවා නේද "

"අනේ කමාජියෝ උබ මේ බොරුවටනේ බය වෙලා තියෙන්නේ. උබ ඔය වයින් කරපු බෝනික්කා වගේ කොන්ද නව නව ඉන්නකොට තමා ඕක මාරුවෙන්න ඇත්තේ. දැන් ඉතිං ගෑණි මැරිච්ච මිනිහා වගේ ඉන්නේ නැතුව ඕක අරන් අතනට පලයන්. ඔය මිට්ටො ටික මොකක් හරි ජල්තරියක් කරලා උබේ අවසරපත හොයලා දෙයි.."

"ඩුෆේ මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්නවා"

"හරි හරි ටව්සර් අයියේ මං මේ හැමදේම කරන්නේ අපේ කමාජියගේ මූණට හිනාවක් ගේන්නනේ"

"ඔය මෝඩ විහිලු වලට හිනා යන්නෑ ඩුෆේ.. නිකන් ඉන්නවා"

"මූ නම් මහ බූරූ හිකනලෙක්"

"ඩුෆේ... මට ඒක ඇහුනා..."

"හෙ හෙ ඔයාට නෙවෙයි කිව්වේ... හීඊඊඊ "

"කමාජි ඔයා යන්න එතන තව දෙතුන් දෙනෙක් ඉන්නවා"

මං කිව්වම ඔලුවත් වනලා කමාජි ගියේ ඉස්සරහා තියන මේසේ ලඟට.. ඒත් ටික දුරක් යද්දී අපිව පහු කරන් ගිය කොල්ලෙක් කමාජිට කතා කරා. ආ.... නෑ නෑ කෙල්ලෙක්...

"ඒ චීන කොල්ලා ඔහොම ඉන්නවා. මුගේ කනේ වංගුද මෙච්චර කතා කරලත් කෙලගෙන යන්නේ..."

ඒ කොලු කෙල්ලගෙ කෑගැල්ලට කමාජියා නතර වෙලා කෙල්ල දිහා බලලා අපි දිහා බැලුවා. අපි තුන් දෙනත් කමාජි ලඟට ගියේ කෙල්ල කමාජිට කතා කරන හේතුව නොදන්න නිසා...

Ton Magon School (ඉන්ද්‍රජාලිකයින්ගේ පාසල. BL Sinhala )حيث تعيش القصص. اكتشف الآن