🔮(6) ඉෆ්රෝ

315 51 12
                                    

යේෂ් -: "කට්ටියම අද හොදට විවේක ගන්න. අපි හෙට උදේ 8.30 වෙනකොට ප්‍රධාන ශාලාවේ ඉන්න ඕනේ... එහෙනම් හැමෝටම ගුඩ් නයිට් "

අපි මේ රෑටත් කාලා ආය රූම් වලට යන්න හැදුවේ. රෑ 10 න් පස්සේ රූම් වලින් එළියේ ඉන්න බෑ. ඒක සැවෙලෙස් නීතියක්. සමහර නීති වලට හේතුව ප්‍රශ්න කරන්න බෑ. ඒවගේ නීතියක් තමයි සැවෙලෙස් වල රෑ 10න් පස්සේ එළියේ ඉන්න බෑ කියන එක.

අනික් අයත් තමන්ගේ රූම් වලට යද්දී මායි රිෆ්ලයි ආවේ අපේ රූම් එකට.

රිෆ්ල -: "යේෂ් මේ පොත කියවන්න. ඉෆ්රෝ එකේදී මන්තර පාවිච්චි කරන්න බැරි උනත් පොදුවේ ඉන්ද්‍රජාලිකයන්ට තියන බලයන් වලින් ඉෆ්රෝ එක ඇතුලේ පාවිච්චි කරන්න අවසර තියන ඒවා ගැන ඕකේ තියෙනවා. මං හිතනවා ඕක හෙට ඔයාට ලොකු උදව්වක් වෙයි කියලා"

යේෂ් -: " රිෆ්ල උබ හිතනවද නායකකම ගන්න තරම් මං සුදුස්සෙක් කියලා. මේ ගැන මට තියෙන්නේ හෙන අඩු දැනුමක් බං. මට පුළුවන් ද මෙහෙම එකළොස් දෙනෙක්ගේ ජීවිත වල වගකීම ගන්න. මට හිතෙන්නේ මටත් වඩා උබයි මේකට හරියනම කෙනා කියලා.."

රිෆ්ල -: " ඔන්න ඉතිං උබ පටලවගෙනනේ.. මං උබට වඩා දෙයක් දන්නවා ඇති ඒත් මට උබ වගේ කණ්ඩායමක් හසුරවන්න බෑ. නායකකම තියෙන්නේ උබේ ලේ වලම කියන එක අමතක කරන්න එපා. උබ බය නොවී ඉදපන් මං ස්ව කැමැත්තෙන්ම උබේ උපදේශක තනතුර භාර ගන්නවා. මොනා උනත් අපි හෙට දවසට ෆේස් කරමු. අපි හැමෝම උබත් එක්ක ඉන්නවා. දැන් නිදා ගමු 6ට වත් ඇහැරෙන්න එපැයි. එකොළහයි දොළහයි... ආ.... යකෝ පැය අටයි නිදා ගන්න තියෙන්නේ ගෑවෙන්නවත් මදිනේ......"

මූ ඇඟිලි නව නව ගැන්නේ නිදා ගන්න තියන පැය ගානද. යකෝ පැය 8ක නින්දක් මදිද මූට... ටවුරස් ද කුම්භකරණද දන්නෑ මුගේ හෙඩොක්ස් එක..

.
.
.
.
.

"** එරබොදු මල් පිපිලා දැක්කම හරි ආසයි යළි අව්රොදු ඇවිදින් රොටටම සිරියා...වයි..**"

ආයිෂ් මූ නම් ටකරමකට ගල් ගහනවා වගේ. දොරටත් තට්ටු දදා සිංදු කියනවා. ලංකාවේ ඉන්නකනුත් නිදහසක් නෑ ඇහෙන ඇහෙන තැන ඔය සිංදුව. ඒ පාර මූත් පටන් අරගෙන.. ඇයි මූටත් බැරි අපි එනකන් එළියට වෙලා ඉන්න. ඇරත් අටහමාරට තව පැයක් විතර තියනවනේ යකෝ....

Ton Magon School (ඉන්ද්‍රජාලිකයින්ගේ පාසල. BL Sinhala )Where stories live. Discover now