🔮(10) පළමු දිනය

214 54 2
                                    

නාගෙන කරගෙන සුවඳ ගහගෙන මේ යන්න හදන්නේ මාගොන් වල පිළිගැනීමේ භෝජන සංග්‍රහයට. දැන් ඉතිං බලනවද මොකද ඔච්චර ලෑස්ති වෙලා ඕකට යන්න හදන්නේ කියලා. මං විතරක් නෙවෙයි  අද මාගොන් ආව හැමෝම මෙහෙම තමයි. මොකද පළවෙනි පාරට අපි මාගොන් නිල ඇඳුම අඳින්නේ අද. ඉන්ද්‍රජාලිකයෙක් හැටියට අපිට අපි ගැනම ආඩම්බරයක් සතුටක් දැනෙන දවසක්. උත්සහ කරත් ගොඩක් අයට අහිමි වෙලා යන අවස්ථාවක්. ඒ හැගීම දැනෙන්න මාගොන් නිල ඇඳුම අඳින්නම ඕන.

' ටොක් ටොක් ටොක් '

දොරට තට්ටු කරලා කතා කරනවනම් අපේ කොල්ලො සෙට් එක වෙන්න බෑ. මොකද ඒ තරම් ශීලාචාර එවුන් අපේ සෙට් එකේ නෑනේ. කෙල්ලෝ තුන් දෙනාගෙන් කවුරු හරිද?? නැත්තම් මෙහෙ කවුරු හරිද.. ආපු ගමන් මරාලයක්ද දන්නේ නෑ.

යේෂ් -: "කවුද ? "

කමාජි -: " යේෂ් ඔයා ලෑස්ති නම් අපි යමුද"

මේ වයින් කරපු බෝනික්කව මට අමතක උනානේ. ඇල් වතුරත් නිවලා බොන මනුස්සයා. ඒ තරම් තැන්පත්.

යේෂ් -: "හරි කමාජි ... ඉන්න මං එනවා... කෝ ඩුෆේ නැද්ද කෙල්ලෝ ටිකත් නෑනේ"

එළියට ඇවිල්ලා බැලුවම රිෆ්ලයි තෝනුයි ඩිවොයි කමාජියි ඔනික්සුයි එමෝරුයි විතරයි ඉන්නේ කෙල්ලෝ තුන් දෙනත් නෑ ඩුෆෙයි රේචුයිත් නෑ. මුං යන්නේ නැද්ද ...

එමෝර් -: " උන් ටිකත් ඇවිත් බං ඉන්නේ ඉස්සරහට වෙලා ඉන්නවා මේක කොල්ලන්ගේ කාම්මර තියෙන පැත්තනේ. මේ පැත්තට කෙල්ලන්ට එන්න බෑ.  ඒ උනාට අපේ මනාලයා නම් තාම නෑ"

යේෂ් -: " කවුද ඩුෆේද.... වෙනදට හැමෝටම කලින් ලෑස්ති වෙලා එන මිනිහට අද මොකද උනේ"

රිෆ්ල -: "මං දැන් තුන් පාරක් ගිහින් කතා කරා බං තව විනාඩියයි තව විනාඩියක් කිය කිය තාම ලෑස්ති වෙනවා."

ඩුෆේ -: " මොනාද යේෂ් කොල්ලෝ කරන්නේ දැන් මං කීයේ ඉදලද ලෑස්ති වෙලා බලන් ඉන්නේ. යං යං ඉන්ද්‍රජාලිකයෙක් උනාම ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕන වෙලාවට වැඩ කරන්න. කෝ කෝ යං දැන්වත්.

ඩිවෝ -: " ඩුෆේ ඇයි ඔයා ලඟින් ඔච්චර සැර ගදක් එන්නේ. ඔලුවත් රිදෙනවනේ බං "

Ton Magon School (ඉන්ද්‍රජාලිකයින්ගේ පාසල. BL Sinhala )Where stories live. Discover now