ඇයි මම මෙතන නැවතිලා තවත් බලන් ඉන්නේ... අම්මගෙ වැලපීමයි, අප්පච්චිගෙ නෝක්කාඩු මූණයි මගෙ හදවත හොදටම හෙම්බත් කරලා තිබ්බේ. පල නොකියා පලා බෙදන්නෙ වෙන මිනිස්සු එත් දැන් මගෙ හැගීම එහෙම කියන්නෙ නෑ. හරියට උඹ යන්න ඕනේ මෙතනින් නැත්තම් මුකුත්ම හරියට වෙන එකක් නෑ කියලා තමයි මගෙ හිත කියන්නෙ.
"තුහින.... අපි...." කැඩි කැඩි ඇහෙන සතුර්කගෙ කට හඩ දිහාවට මගෙ ඇස් ගියාම මම එයා දිහා නිවිහැනහිල්ලේ බැලුවා. ඉතින් වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරයි.
"සතූ...."
"ඔයා කියන ඕනේම දෙයක් මම කරනවා..." මම මුකුත්ම නොකියත් සතුර්ක එහෙම කිව්වා. තවත් සැනසීමක් එන්න ඕනේ නෑ මේ වේලාවෙ. කොහොමත් හිතන්න අමාරුම දේ දෝණිව පිලිගන්න අවුරුදු ගානක්ම කට්ට කාපු අප්පච්චි මාව ඉක්මනින් පිලිගනි කියන දේ.
"අපි යමු... රසෙල්ට කියන්න."
"හරි..."
සතුර්ක රූම් එකෙන් එළියට යද්දි අම්මා එයාව නොසලකාම මගෙ ලගට දුවන් ආවා මගෙ රූම් එකට. මගෙ කදුලු දැන් වේලිලා ගිහින් ඉවරයි. රෑ 12ට තවත් මුකුත් වෙන්න නෑ.
"එපා... ටෂි... මේක වැරදී.... අප්පච්චි හරි... ඔයාට බෑ මෙහෙම... මියුරු කරපු දේ නිසා නම්.... මම ඒ දේවල් වලට වන්දි ගෙවන්නම්..... අපි ඩොක්ට කෙනෙක් හම්බෙලා ටෙස්ට් කරමු පුතේ. අප්පච්චි කිව්වා ඔහොම ඒවා ඩොක්ටර්ලා සනීප කරනවා කියලා" මගෙ අත් දෙකම අල්ලන් පිංසේන්ඩු වෙන අම්මගෙ මූණ පෙගෙන තරමට කදුලු.
"මම පිස්සෙක් නෙවේ..."
"මේ අහන්න පුතේ... එහෙම කියනවා නෙවේ... ඔයාට තියෙන්නෙ පොඩි කාලේ අරු කරපු දේ ප්‍රශ්නයක්. අපිට පුලුවන් සනා ව වුනත් හොද තැනකට යවන්න."
"අම්මා... මම 27ක් රූකඩයක් වුනා ඇති.... ඉතින් අත්තරින්න... මේ දම් වැල් මට බරයි." මම අම්මගෙ අත එහාට කරලා ට්‍රැවලින් බෑග් එකට අත ගෙනිච්චා. මුලින්ම ඒකට දා ගත්තෙ සතූගෙයි, මගෙයි ෆොටෝ. නැත්තම් මම එද්දි මේවා නැති වෙයි.
"අනේ ටෂි අම්මාගෙ පපුව පැලිලා මැරෙයි පුතේ." අම්මා අයදින හඩින් ඒක කියලා බිම දණ නවලා මගෙ දිහාවට අත් එකතු කරලා වදිනවා පේනවා. දෙයියනෙ මේ මගෙ මුලු ලෝකෙම නෙවේද? මගෙ ගාව දණ ගහන්න ඒ ගෑණි කරපු එකම වැරැද්ද මාව වදපු එක නේද?