54

593 102 123
                                    

Dj සද්දෙත් එක්ක මම පැද්දි පැද්දි එහාට මෙහාට හැරෙද්දි සතුවගෙ මූණ බොද වෙවී මට පේනවා.

"උඹ එන්න එපා මේ මැද්දට... තුහින කියන්නෙ මගෙ කෙනෙක්..." මට ඒක ලාවට කියනවා ඇහෙද්දි ආයෙත් මම අරුව අයින් කරන්න බැලුවෙ. මොන දෙයක් වුනත් කමක් නෑ... මට දැන් ඕනේ සතුර්කගෙන් දුරට වෙන්න.

විසික් කරලා දාන්න මම හදද්දි සතු මාව තද කරලා අල්ල ගත්තා.

"නටන්නෙ නැතුව යමන්..." මාව ඇදගෙන වගෙ එළියට යනවා දැනෙනවා. ක්ලබ් එකෙ සද්දෙයි, අදුරු මූසල ගතියයි නැති වෙලා ගියා. මාව කාර් එකකට ඇදලා වැටෙනවා දැනෙද්දි මට වමනෙ යන්න ආවා.

"ටූන... කෝ දාන්න කමක් නෑ... හිර කරන් ඉන්න එපා.." මම ආයෙත් ඔක්කාරේ බලෙන්ම නවත්තගෙන දැනටම රිදෙන ඔලුව අතින් මිරික ගත්තා. උගුරෙන් පෙල්ලෙහා වේලිලා ගිහින්. බඩටත් හිස් ගතියක් වගෙම ඇගම උණු වතුර එකක් වක්කරලා වගෙ.

"මට බෑ..." මගෙම අතින් මම මගෙ හිස් බඩ අත ගාන්න ගත්තා. මගෙම බඩ මිරික ගන්න ගමන් තවත් මට අමුත්තක් දැනෙනාඅ.  මට සිහියක් නෑ කියන්න බෑ. මට මාව කන්ට්‍රෝල් නෑ. මගෙ අතට දාඩිය වගෙ වතුර බිංදු අහු වෙද්දි මේ සීතලෙත් මෙහෙම දාඩියක් හිතාගන්න බැරි වුනා.

"ටූන... මේ මිනිහට අරුන් මොනවද බොන්න දුන්නෙ..." සතුගෙ කෑ ගැහිල්ල එක්ක මට බොද වෙලා පේන ඒ මූණ දිහා මම බැලුවා. කියවගෙන කියවගෙන හුස්මවත් ගන්නෙ නැතුව බය වෙලා වගෙ ඌ ඉන්නේ... ඒ තොල් ලස්සනයි. රැවුලක්වත් නැති නිසා තාමත් ඉස්සර සතුවා වගෙමයි. මම ඌගෙ බෙල්ල වටෙන් අත යවලා මගෙ ගාවට ඇදලා ගත්තා.

"අපි හිටපු හොටෙල් එකට යනවා. ගෙදර යන්න එපා.." මගෙන් මූණ අහකට කරලා අරු ඉස්සරහා බලාගෙන කියද්දි මම ආයෙත් මගෙ පැත්තට ඔලුව හරව ගත්තා.

"උඹ හොද සිහියක නෑ. ඕක නවත්තපන්..." මගෙන් එහාට වෙන ගමන් ඌ කියද්දි මම ආයෙත් ඌව ඇදලා ගත්තා...

"ඉක්මනින් පලයන් මිනිහෝ..." සතු කෑ ගහලා මගෙ බඩ අල්ල ගත්තා... එයාගෙ ස්පර්ශයෙන් පොඩි සහනයක් ලැබෙද්දි මගෙ යටි කොටස ඇවිස්සෙනවා වගෙ දැනෙන්නෙ. මට ඕනේ නිසාම මම සතුගේ පපුවට මගෙ තොල් ගෙනිච්චා.

❄ ශීත 🍻Where stories live. Discover now