71

536 104 88
                                    

මැණිකෙ අක්කා ආයෙත් මාව ගිනි මැලේ ගාවට ඉන්දවන්න යද්දිත් සතු එතන හිටියෙ නෑ. මම ඉදගෙන ඉන්නවා. මට ඔය ගිනි මැලයක් ළඟ ඉදගෙන සිංදු කියන එක ආතල් එකක් මට නෑ. එත් මට ආසයි තනියම නෑ ඔහේ බලාගෙන ඉන්න ගිනි මැලයක් ලගට වෙලා සීතල විදින ගමන්ම ඒ සීතල නැති කරගන්න උණුම උණු කෝපි කෝප්පයක් එක්ක හරියට සතු එක්ක පාන්දර අහස බැලුවා වගෙ. හරි නෑ තනියම බලනවට වඩා සතු එක්ක බලන එකෙ ලල් එකක් තියෙනවා. තට්ට තනියම මූසල තැනක කච කචයක් ඉන්න එකත් වෙනම රසක්.

"ටෂිට සිංදු කියන්න බැරිද?" එහා පැත්තෙ ඉදන් මැණිකෙ අක්කා අහද්දි මම නිකන්ම හිනා වුනා.

"හේයි ටෂි සිංදුවක් කියයි.." මැණිකෙ අක්කා සභාව අමතලා කියද්දි මේ පාර මොකෙක්වත් නැද්ද මාව බේර ගන්න...

"අනේ ඔව්... අපේ නෑයෝ ඉන්න තැනෙත් ටෂි තමයි හොදටම සිංදු කියන්නෙ." දෝණි කියනකොට සැට් එකම පුදුම වෙලා. මෙහෙමයි හැකියාව තියෙනවා. එත් ඒවා ඉස්සරහට ගන්න මම කැමති නෑ. ඇත්තටම එහෙම ගන්න ඕනේත් නෑ.

"කෝ කෝ කියන්න..."

"නෑ නෑ... මෙහෙම හොදයි..."

"ඇයි ඒ??? ලැජ්ජා නොවි කියන්න ලමයෝ..."  මට කට්ටියම සිංදු කියන්න දීලා පැත්තකට වෙලා ඉන්නවා.

"මොකක්ද දැන් කියන්න ඕනේ..."

"කසුන්ගෙ ඉගිලෙන්න ඔබ එක්ක කියන්න." හරි ඉගිලෙන්න නම් ඕනේ ඉගිලෙමු. අරුන් ඩොල්කිය ගහද්දදී එනවා පටන් ගන්නවා කියලා හිතුන තැනෙදී පටන් ගත්තා.

"ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ..
විදගන්න ඒ සිසිල මා සිත් සේ...
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ...
පිණි බිංදු මල් වැහි අරන්..."

මම සිංදුව කියන්න පටන් අරන් තප්පර ගානෙන් ඩොල්කි නැවතුනා. කට්ටියම බලන් හිටියෙ ඇස් ඇරගෙන. ගොඩ කාලෙකින් සිංදු නම් කිව්වේ නෑ තමයි. මතක පද අමතක වෙලා මම කට වහ ගත්තෙ කවුරු හරි උදව් කරයි කියලා. අපේ තැන් වලදි නම් එහෙමනෙ. 

"ඔයා ලස්සනට කිව්වා... මරුනේ..." මැණිකෙ අක්කා මගෙ පිටට තට්ටු කරලා කියද්දි මගෙ පිටිපස්සෙන් ආවේ හිනාවෙන සද්දයක්.

"සනා... කට වහනවා..."

"ඒක සිංදුවක්ද? රචනාවක්ද?"

❄ ශීත 🍻Where stories live. Discover now