70

543 105 95
                                    

කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ. කොච්චර කෑවත් බඩ පිරෙන්නෙත් නැති මගෙ තාලේ නිසා මම කෑම ආව වෙලාවේ ඉදන් කනවා. සතූ ගෙනාව අන්නාසි බීම එක මාරම රසයි. වාව්... මගෙ හිතට අද අමුතු සතුටක්නෙ දැනෙන්නෙ ඒත් ඇයි කියන්න තේරෙන්නෙ නෑ.

"හිරවෙයි මනුස්සයෝ..."

"කමක් නෑ..."

මම සතූ දිහා බැලුවාම ඌ ලේව කනවා වගෙ කාලා තියෙන්නෙ. ඒත් මම ඌ දිහා දෙතුන් පාරක්ම බැලුවා.

"මොකො ඔය අත ගාන්නෙ."

"බෑ මස් වැඩිය කන්න හොද නෑ."

"ඇයි ඒ?"

"දැනටම මම මහත් වෙලා.."

"කෝ... ඔය කැහැටු ඇග නෙවේනෙ යද්දි තිබ්බේ." ඌගෙ ඇගෙ මොන වැඩියක්ද? මූට දෝදු...

"කැලරි ගැන බලන්න ඕනේ. මම ඊයෙත් චෙක් කරා හොදටම වැඩි."

"අනේ මේ මගුල් නැතුව කාපන්."

"ඔයා දන්නෙ නෑ ඇකඩමි එකෙදී අපිට කන්න ඕනේ දේවල් ලිස්ට් එකක් තියෙනවා. අපි ඒවා කන්නෙ. බාබකිව් නම් කන්නම එපා කියලා තියෙන්නෙ. ඇග මේන්ටේන් කරනවා කියලා එහෙම කරන්න හරි අමාරුයි. දැන් මම ගිහින් මේවා අඩු කරන්න රැයක්, දවාලක් නැතුව එක්ස්සයිස් කරන්න ඕනේ." අරු එක දිගට ගෑරුප්පුවේ බාබකිව් කෑල්ලක් තියන් කියද්දි මම අත උඩට කරලා වේටර් කෙල්ලෙක්ට එන්න කිව්වා

"ඔව් සර් මොනවද ඕනේ."

"සැලඩ් එකක් ගේන්න. Law calories salad එකක්." මම එහෙම කියලා අරුගේ බාබකිව් පිගානම මට හලා ගත්තා.

"ටූන... මම කාලා ඉවර නෑ."

"ඔය බීම එක බීලා සලාදේ ආවාම ඒක කාපන්..." ඩබල් බාබකිව් දාලා නිසා ගොඩක් තියෙනවා.

"උඹ ඔය සිරියස්ද?"

"ඔව් උඹට කන්න හොද නැත්තම් නොකා ඉදපන්..." වැඩි වේලාවක් නැතුව සැලඩ් එක මේසෙට ආවාම මම හිස් ප්ලේට් එක එකි අතේ ආයෙම යැව්වා. ඒ කරලා සලාද ප්ලේට් එක අරන් බාබකිව් එක ඒකෙ අස්සෙ හැංගුවා.

"උඹ බීලද?"

"දැන් කාපන් කැලරි හිතන්නෙ සැලඩ් කනවා කියලා."

"උඹ මේ කාවද බං රවට්ටන්නෙ."

"කියවන්නෙ නැතුව කාපන්කො."

❄ ශීත 🍻Where stories live. Discover now