35

538 96 72
                                    

කලක්‌ තිස්සේ.. සිතක්‌ පතුලේ
පිපී රන්වන්‌.. මලක්‌ දිලුනේ

කලක්‌ තිස්සේ.. සිතක්‌ පතුලේ
පිපී රන්වන්‌.. මලක්‌ දිලුනේ
තුෂාරා පත්‌.. මුදුන්‌ සරසා
සුපෙම්‌ හැඟුමන්‌.. සිතේ ගවසා

සනාට ගිටාර් එකක් අතට දීලා අපේ සෙට් එක වත්ත ඉස්සරහට වෙන්න ගිනි මැලයක් ගහලා වට වෙලා හිටියා. දැන් මීදුම, මීදුම කියන්නෙ සිංදුව කියන එකාගෙ කටින් දුම් පිටවෙන තරමට දැන් සීතලයි.

දවසෙ අවසානේ ගිනි මැලයක් වටේට දවසක් ගෙවන්න තියෙනවා නම් කොච්චර හොදද? කියලා හිතුවට එහෙම හොදක් නෑ බං. මදුරුවෝ කනවා. නුවර එළියෙ සීතල ඇගට හොදටම දැනෙනකොට එන්නෙම පින්න. වයින් එකක්, බියර් එකක් ගැහුවා කියලාවත් ඒ සීතල මකන්න බෑ. එත් එහා පැත්තෙ එකා කාන්දමක ධන අග්‍රයට යා වෙච්ච සෘණ අග්‍රයක් වගෙ ඇලිලා ඉන්න නිසා ශේප් එකෙ සීතල මැකෙනවා.

"තුෂාරා නෙවේ මචාං... ශේහානි..." සනාගෙ සිංදුවේ තුෂාරා කියන තැන ආව ගමන් බෙබා කෑ ගහලා කිව්වා. බලන් යද්දි මූගෙ ජිවිතේ ඩයරියෙ ලියන්න ඕනේ එවත් කියලා තියෙන්නෙ නෝටිස් බෝඩ් එකකද කොහෙද?

"ඔහෝ... කොහොමද එක..." දෝණි සරදියල්ට යා වෙලා වගෙ ඉන්නෙ. එයාලා නම් සැර බීම බොනකොට අපිට දුන්නෙ ළදරු බීම. කියන්න හිතුනා මේක තියාගෙන පුකේ ගහගනින් කියලත් ඒත් කියලා වැඩක් නැති නිසාම මම පාඩුවේ හිටියා.

"ටෂි මල්ලිට කෙනෙක් නැද්ද?" බිබී හිටපු   වයින් උගු‍රත් හිර වෙද්දි ආතක් පාතක් නැතුව මම වටේ පිටේ බැලුවා.

"ඕකට එකෙක් කියලා නෑ බේබෝ... වටේම ගෑනු. ෆොන් එක අරන් බැලුවොත් මැසෙජ් එනවා ජනාධිපති පරදින්න." දෝණි කියද්දි බේබා ඇස් දෙක පිහදාගෙන අදහන්න බෑ වගෙ මගෙ දිහාට රිඇක්ට් කරන්නෙ.

"එකෙන් එකෙක් ළඟදි ලෙෆ්ට් වුනා. තව ටික කාලෙකින් ඒ 7ත් ලෙෆ්ට් වේනවා." සනා කියලා මගෙ දිහා බැලුවා.

"වාව්... ටෂි කියන්නෙ වැඩ්ඩෙක්නේ ආ... මම හිතුවේ නෑ මෙච්චර අහිංසක කොල්ලෙක්ට එහෙම ගේම් ගහන්න පුලුවන් ඇති කියලා."

"මූ අහිංසකයි වගෙ පෙනුනට මට කරන්නම හතුරු වැඩ."

"තෝ කට වහගනින්කො. මම කතා කරන්නෙ ටෂි එක්කනෙ" බෙබා ඉදන් හිටපු තැනින් නැගිටලා සනාට කියන ගමන්ම අපේ ලගට ආවා.

❄ ශීත 🍻Where stories live. Discover now