කැප්පෙටිපොළ ක්‍රිෂ්ණා ගැන තිබ්බ චකිත හැගීමත් එක්කම අපි ඒ මන්දිරෙන් එළියට බැස්සා. ඒ ගේ ඇතුලේ හිස් පාළු ආත්ම වගෙ. සතූ ගෙ ආච්චිට වුනත් හොල්මන් කරන්න සුපිරි ප්ලේස් එකක් ඒක.
"සමහරවිට තුහින ටකේෂ්ට මෙතනදී ඕනේ මුකුත්ම හම්බුනේ නෑ කියලා හිතෙන්න ඇති නේද?" මම ආයෙත් හැරිලා මන්දිරේ දිහා බලලා ගත්ත දිග හුස්මට පස්සෙ සතු මගෙ ලගට වාත්තු වෙලා කිව්වා.
"සමහරවිට... ඒ හැගීම හරි වෙනස්..."
"ම්ම්ම්ම්..."
"රසෙල් ඔයා මලිත්ව යන්න ඕනේ තැනට ගිහින් දාන්න මට සතුර්ක සර් එක්ක ගමනක් යන්න තියෙනවා.." මම මලිත්ගෙන් කාර් කී එක අරගෙන රසෙල්ට කිව්වා.
"තුහින සර්...." එක පාරට ගරු සරුවකින් ආව මලිත්ගෙ කට හඩ දිහා මම බැලුවා...
"මොකක්..."
"මම දන්නෙ නෑ මේ ප්‍රශ්නේ අග මුල ඔයාට කොච්චර වැදගත්ද? නැත්තම් මේකත් පත්තරේකට කරන රිසර්ච් එකක්ද කියලා... ඒත් මොකක් වුනත් ඔයාට පුලුවන් නම් ඔය ගමනට මාවත් හවුල් කර ගන්න... මොකද රූපෙකින් නොදැක්කත් තුහින ටකේෂ් කියන්නෙ හැම කොල්ලෙක්ගෙම බ්‍රෑන්ඩඩ් චරිතයක්. ඔයා ලිව්ව මෙන්ටලි සපෝර්ට් ආර්ටිකල් වල වගෙම ඔයා කිව්ව ආදරණීය වචන වලින් සර් ලිව්ව සමහර පොඩි පොඩි කවි, කතා ඒ පත්තරේ ගොබ්බ පෙනුම එහෙන්ම නැති කරලා දැන්මා. ඒ නිසාම ඔයා පොරක්. මම ට්‍රැක් ගිහින් කිව්වට අයියෙ උඹ ඇත්තටම පොරක්... බ්‍රෑන්ඩ් එකක්." මොංගලයෙක් වගෙ මම බලන් හිටියෙ කියන්න ඕනේ මොනවද තේරෙන්නෙ නැතුව.
"තැන්ක්ස් කරපන් බං..." මලිත්ගෙ කියවිල්ල අහන් ඉදලා සතු මගෙ කනට කරලා හෙමින් කිව්වා.
"තැන්ක්ස් මල්ලි..."
"රෙස්පෙක්ට් අයියා..." මලිත් එහෙම කිව්වේ නම් හදවතින්මයි.
"දැන් ආයෙත් තැන්ක්ස් කරන්න ඕනේද?" මම සතූගෙන් ඇහුවාම ඌ ඔලුවට අත ගහගත්තා.
"අයියෙ... තැන්ක්ස් නම් එපා... මේ පපුවේ ඔයාගෙ අත්සන දාන්න... ඔය ඔටෝග්‍රාෆ් එක මට ඕනේමයි." පපුවත් මගෙ පැත්තට දිග් කරලා මලිත් ඩ්‍රාමා එකක් කරනවා වගෙ දැන් නම්.