74

582 102 91
                                    

සමහර මතක තියෙනවා... ඒවාත් කාලයක් එක්කම අමතක වෙලා යනවා. මම හිතන්නෙ හැම තැනදීම ඕක පොදුයි. මම කොල්ලො, කෙල්ලො රංචු ගැහෙන පේර ගහ ලගට ආවාම තමයි ඒක ඇත්ත කියලා තේරුම් ගත්තෙ.

"අන්න ටෂි අයියා ඇවිත්..." පුංචි ඌන් කෑ ගහගෙන මගෙ වටෙට එද්දි සමහරුන්ට දැන් පුංචි කියන්න බෑ. ඌන් අලි ඉලන්දාරියෝ. එහෙම වෙලත් ඌන් මාව දැක්කාම කට පුරවලා හිනාවෙලා මගෙ ලගට ආවා. හැමදාම ගෙනාව විදියට චොකලට් ටික ලොකුම කොල්ලා අතට දීලා මම ගහ මුල ඉදගත්තා. සැනසීමක් අද නම් මට නෑ. එත් මම ඉදගෙන හිටියා.

"අයියෙ එකක් ඉතුරු වුනා..." පූර්ණ ඇවිත් මගෙ අතට ඒ චොකලට් එක දෙද්දි කොහොමද එකක් වැඩි වුනේ.

"ගානටම ගෙනාවනෙ..."

"අයියෙ... අපේ කල්ලියෙන් එක්කෙනෙක් නෑනේ දැන්." මූණු ටිකත් බෙරි කරන් ඔක්කොම බිමට ඔලුව හරවද්දි මටත් අමතක වුනා. එත් පුරුද්දට මම ගෙනාවා. ඒ ඉතුරු වුන චොකලට් එක ගහ මුල තියලා මම පේර ගහෙ කදට ඔලුව හිර කර ගත්තා.

"අයියෙ..." පැංචි දුවන් ලගට ඇවිත් මගෙ  කකුල් ලගම නතර වුනා. මේ පොඩි ඌන් පවා මාව අල්ලන්න එන්නෙ නෑ. ඇයි ඉතින් අර පැහිච්ච ආච්චි කැමති නෑනේ මාව මොකෙක්වත් අල්ලනවට.

"ආ පැංචි ඉස්කෝලේ ගියෙ නෑ." වෙනදට සුදු ඇදුමෙන් ඉන්න කෙල්ල අද ඉන්නෙ පාට ඇදුමෙන් නිසා මම ඇහුවේ.

"අද ගියෙ නෑ."

"ඇයි ඒ?"

"අද අම්මාට සනීප නෑ..."

"ඉතින් ඔයානෙ ඉස්කෝලේ යන්නෙ."

"ටෂි අයියා..." පූර්ණ මගෙ නම කියද්දි මම ඒ පැත්ත බැලුවා. ඌගෙ මූණෙන් කිව්වේ අහන්න එපා කියලා. මම එක දවසක් මේ වැරැද්ද කරා. එතනින් එහා ඒක කරන්නෙ නෑ.

මේ ළමයි දුප්පත්. දුප්පත් කියන්නෙ කොච්චරද කිව්වොත් දවසෙ කන්න හොයාගන්නෙ ඒ දවසෙ. අම්මා, අප්පා අසනීප වුනොත් තේ දළු කූඩෙත් අරන් යනවා තේ දළු කඩන්න. ඉස්කෝලේට වඩා මුන් කරන්නෙ කන වේල හොයාගන්න එක. වෙනදට දැනෙන සැහැල්ලුව අද එන්න එන්නම හොරු ගෙනියන්නෙ ඇයි දෙයියනෙ...

"ආ මම වඩේ ගෙනාවා... කට්ටියත් එක්ක බෙදන් කන්න ඕනේ." පැංචිගෙ අතට වඩේ උරේ දීලා ආයෙත් ඔලුව පේර් ගහට තියාගත්තා. ලොකු කොල්ලො,ක්ල්ලො ටික පහල පාරේ ක්‍රිකට් වලට තමයි සෙට් වෙන්නෙ. කොහොමත් ඉස්සරහත් මම ඕවාට ගියපු එකෙක් නෙවේ නිසා මම ඇස් පියාගත්තා.

❄ ශීත 🍻Where stories live. Discover now