67

582 101 103
                                    

"දැන් තමුසෙ මීයෙක් හරි ගුල්ලෙක් හරිද කියනවකො." දැන් මම පැය භාගෙකට වඩාද කොහෙද සතු නිකන් පොලව පලන් යන්න බිම බලන් ඉන්නවා දැක්කා.

"....."

"නිකන් බූට් 10ක් කාලා ලෑලි පොලවටත් මාන බලන ගුල්ලෙක් වගෙ මෙයා හැසිරෙන්නෙ." දොරත් ලොක් කරලා මම මේසෙ ලගම තිබ්බ පුටුවේ වාඩි වෙලා මම සතු දිහා බලලා ඇහුවේ තවත් මූ මෙහෙම ඉන්නවා මට බලන්න බැරිම තැන.

"බලන් යද්දි එයා මට වඩා උඹට ආදරේ කරලා, උඹව තේරුම් අරන්..."

"ඒක නම් ඇත්ත..." ගෙනාව බියර් එකත් පුස් කන නිසා ඒක කඩලා බොන ගමන් මම කිව්වේ.

"ඔයාට හිතෙන් නැද්ද ඔයාට එයාව තමයි හොදම කියලා. ඔයා එක්ක අවුරුදු ගානක් එයා තනි මැකුවා. මම යන්න කලින් ඉදන්ම එයා ඔයා එක්ක හිටියා. මොන දේ වුනත්  එයා විතරයි උඹ ගාව ඉතුරු වුනේ."

"ඔය කිව්වාමයි මීටර් වුනේ කතාව ඇත්තනෙ."

"ටූන..."

"ඔය කියන්න වගෙ මට පූර්නාව තමයි හොදටම සෙට් වෙන්නෙ."

"ඔව් මම නිකන්ම ආර්මාර්තකාමි තුන් වෙනි රෝදයක්... ඔයාට කැමති නම් පූර්ණා ලගට යන්න. මට කේන්ති ගන්න අයිතියක් මෙතන නෑ."

"මටත් හිතෙනවා දැන් වෙනස් වෙන්න."

"මොකක්ද?"

"ඔය කට්ටිය කියන්නෙ උඹ ආදරේ එක නෙවේ උඹට ආදරේ එක එක්ක සෙට් වෙයන් කියලා. ඉතින් පූර්ණා ලගට යන්න ඕනේ." සතු දිහා බලලා ආයෙත් එලිය බලාගෙන බියර් උගුරක් බිව්වා.

දන් දෙන්න කතා කරපු මිනිහා ලගට ඇවිත් උරහිස් බදාගෙන මගෙ බෙල්ලට කිස් දෙන කොට සතුගෙ සීතල මූණ මගෙ කන් වලට දැනෙනවා...

"ටූන..." මගෙ මූණට මූණලා එයා මගෙ ඔඩොක්කුවෙන් ඉදගෙන මගෙ නලලට ඒ නලල තියලා මගෙ ඇස් දිහා එක කෙලින් බලන් හිටියා. මේ මිනිහා නම් පිස්සෙක්.

"මම වෙස්සන්තර නෙවේ... අවුරුදු ගානකට පස්සෙ ලං වුනාම මගෙම වැරැද්දක් තිබ්බත් ඔව් මම වැරදි... ඒ වැරදි කරත් උඹව දන් දෙන්න මම වෙස්සන්තර නෙවේනෙ."

"එහෙනම් ඇයි බං කියවන්නෙ... ඔය කටේ තියෙන්නෙම බොරු ඔච්චම් දේවල්."

❄ ශීත 🍻Where stories live. Discover now