57

727 105 120
                                    

එක ශීත සෘතුවක මම වැරදි තැනට අඩිය ගහලා තිබ්බා. කිව්වා වගෙ අපි තුන් දෙනා ඇවිත් තියෙනන්නෙ අපේම සොහොන කපාගෙන.  ජිවිතේ හරියටම යන්න ඕනේ පැත්ත හොයාගන්න කියලා මගෙ අම්මා, අප්පච්චි මාව මෙතනට තල්ලු කරාම මම හිතුවේ නෑ මට මෙහෙම වෙයි කියලා. තනිකමත් කියන තරම් සුන්දර නෑ, ඒ වගෙම මිනිස්සු එක්ක වැඩියෙන් බැදෙන එකත් එහෙමයි කියලා වෙනස් වුන ජිවිතේ මට කියලා දුන්නා. මිනිස්සු ගැන අදුර ගන්න රුවන් අයියා හොදටම ඇති. මම මොනවද නොකරේ ඌව ගොඩ ගන්න. හොටෙල් එකක ප්‍රධාන චෙෆ් වෙලා හිටිය රුවන් දැන් බල්ලෙක් වගෙ තියාගන්න ඕනේවට තියාගන්න චෙෆ් කෙනෙක් වෙලා

හැම බර්ත්ඩේ එකකටම මගෙ දෝණිව ලස්සන කරපු, මොන ස්පේශල් දවසක්වත් අමතක නොකර දෝණිව හිනස්සපු, ඒ දෝණිගෙ මල්ලිව ලස්සනට බලාගත්ත රුවන්ට මම සරදියල් කියන්න හේතුව වුනේ එකයි. ඌට නැති වුනත් මොනම තැනකවත් දෝණිව ඌ තනි කරේ නෑ. බැදලා අවුරුදු 7,8 ගියත් ඌ කිව්වේ නෑ දෝණි වදයි, උඹ සාපයක් කියලා. ඒත් දැන් අවුරුදු 2ක වගෙ ඉදන් ඒ කටෙන් දෝණිට නිතරම ඒක ඇහෙන්න ඉඩ හදනවා. දවස ගානෙම ඉඩක් වෙන් කරනවා මගෙ දෝණිගෙ හිත කුඩු කරලා දාන්න. දෙවියෝ හැමෝටම දරුවෙක් කියන සතුට දෙන්නෙ නෑ. එත් අපේ දෝණි වද ගෑණියෙක් නෙවේ. සරදියල් ඒ කාලේ කුණු බේබද්දා එහෙම මිනිහෙක්ව මගෙ දෝණි සිගරට් එකක් නොබි ඉන්න තැනට ගෙනල්ලා ලස්සනට කොළඹ පවුල් කෑවා. එච්චර ඒ මිනිහව ලස්සන කරලා ගත්ත මගෙ දෝණිට මෙහෙම වුනේ ඇයි කියලා දවස ගානේම මට හිතෙනවා.

අපේ පවුල කොච්චර දුප්පත් වුනත් අපි එකාට එකා ඒ කාලේ වහලයක් වුනා. අපි පස් දෙනා පොඩි දේත් සතුටින් භාර ගත්තා. මගෙ ඉගෙනීමටත් සරදියල් කීයක්ම හරි දෙනවා. මගෙ බර්ත්ඩේ ඌට අමතක වුනේම නෑ. එහෙව් මට අයියෙක් වුන මිනිහා මෙහෙම නාස්ති වුනාම මම කලකිරුනෙ මන් ගැනමයි. මට බැරි වුනා ඌව තව ටිකක් වත් අල්ලන් ඉම්ම. මට බැරි වුනත් ණයක් හරි ඉල්ල ගත්තෙ මස්සිනාගෙන්. එහෙම මිනිහෙක් මට කතා කරන විදිය දැක්කාම, දෝණිට කරන දේවල් දැක්කාම කොටින්ම අද ඉන්න තැන දැකලා අවංකවම මට තියෙන්නෙ දුක එක්ක බයක්.

"ඔයාට ඕනෙම නම් අපි යමු... දෙන්නම."

"තමුසෙ එන්න එපා. මගෙ ප්‍රශ්න වලදි මට දැන් තමුසෙව ඕනේ නෑ."

❄ ශීත 🍻Where stories live. Discover now