40

547 92 101
                                    

පවුල කියන්නෙම පතෝල වගෙ දෙයක්. වේලාවකට අපිට ඒ දේ ඕනේ වුනත් වේලාවකට කිසිම රසක් නැති නිසා කන්න අකමැති දෙයක්. ඉතින් ඔව්... මටත් එහෙමයි. මිනිහෙක්ට තමන්ගෙම තිරණ ගන්න නොදෙනවා නම් එතනම ලොකු ප්‍රශ්නයක්. අවුරුදු 5,6 ක වගෙ පොඩි එකෙක් කරන දෙයක් වගෙ නෙවේ අවුරුදු 17 කිට්ටු වෙච්ච මනුස්සයෙක්ගෙ තීරණ වලටවත් එයාලා හයියක් නොවෙන්න ඒ මිනිහට වේලාවකට ජිවිතේ හුස්මක් බරක් වෙනවා.

"ටෂි යමු කන්න." අම්මා කාමරේට ඇවිත් කියද්දි මම හිටියෙ අලුත්ම ආර්ටිකල් එකක් ලිය ලිය...  දිවිනසාගැනීම් ඉහල යන එක ගැන තමයි ආර්ටිකල් එක වුනේ. 

වැඩිපුරම ඕලේවල් ඉවර වුන ළමයි තමයි සූසයිඩ් කරගෙන තියෙන්නෙ. එත් කවමදාවත් මට ඔය අයිඩියා එක ඇවිත් නෑ. ඉතින් ඇයි එන්නෙ... මට කොච්චර ප්‍රශ්න ආවත් මම හිතින් කරේ මාත් එක්ක ආර්ගිව් කරපු එක. එතන ඒ දේ වෙන්න නම් මට මෙහෙම කලකිරෙන්න නම් මගෙ අතින් වුන වැරැද්ද මොකක්ද කියලා මම කල්පනා කරා.

"ටෂි... මොකද පුතේ ඔය." අම්මා ගියා කියලා හිතුවට ආයෙත් මගෙ මනස ඇතුලට එයා ආවා. මම හිටියෙ ආර්ටිකල් එකෙ ශොර්ට් නෝට් එකට සමරිය හද හදා. එත් ඒක වටේම මම බලි කුරුටු ගාලා තිබ්බා.

"මුකුත් නෑ අම්මේ... වැඩ වගයක් තියෙනවා."

"ඔය බෙල්ලෙ වැල දා ගන්න චිත්‍ර ඇන්දේ ඇයි?"

"මේක ආර්ටිකල් එකක් අම්මා... මට ඒක ලියන්න ආවා."

"කමක් නෑ අපි කාලා වැඩ කරමු."

දැන් බලපන්කො මට අවුරුදු 17 පටන් ගන්න ඇවිත් ඒත් මට ඕනේ වේලාවට කන්න මට බෑ. ඔන්න ඕකටයි ස්වාධීන නෑ කියන්නෙ. මමත් ඇදෙන් බැහැලා අම්මා පස්සෙ වැටුනා. මම මෙච්චර අවුල් විදියට මේවා හිතන්නෙ නෑ සතුවා හිටියා නම්. මොකද ඌ ඔක්කොම හොයලා දෙනවා. මම මාත් එක්කම කතා කරනවා වගෙ ඌ හැමදේම ඕනේවට වඩා විස්තර කරන නිසා මට හිතන්න වෙන්නෙ මට මෙහෙම වුනොත් කියන ප්‍රශ්නෙ විතරයි. දැන් ඔක්කොම ඩීටේල්ස් හිටන් හොයාගන්න වෙනවා...

"මොකද අද නොකා නොබි ඉන්න වගෙ.." දෝණි මම බත් එක අත ගානවා දැකලා ඇහුවා. මම අම්මා ආවට පස්සෙ බඩ පිරෙන්නම කනවා. එත් ඉතින් වේලාවට මට කියාගන්න බැරි පාලුවක් දැනුනා. අද ඒක වැඩියෙනුත් දැනුනේ ඊයෙ සතු මට කෝල් කරේ නෑ. මහන්සි කියලා නිදා ගත්තා. ඒ නිසා වෙන්න ඇති ඌගෙ ගොන් කතා අහලා මට හොදක් වෙනවා වුනත් අද නොවෙන්නෙ.

❄ ශීත 🍻Where stories live. Discover now