_51_ ( අවසාන කොටස )

4.7K 504 309
                                    

" අද ම එනවනේ.."

" හවස් වෙයි"

" අනේ ඉතින් ඉක්මනට එන්න බෑද "

" එන්නම් මැණිකෙ එන්නම්.. බදුල්ලෙ නෙ යන්නෙ පැය දෙකේ තුනේ ගමනක් නෙවෙයි නෙ ම්ම්.. මන් ගිහින් වැඩ ටික කරලා රෑ වෙන්න කලින් එන්නම්. දැන් ඇතුලට යන්න. හවසට පාර්ටි එකට ගිහින් පරිස්සමින් ඉන්නවා හරිද. බේබද්දා වගේ බීගෙන ඉන්න එපා "

යුග්ම පොඩි එකෙක් වගේ ඇග එලියෙ තියෙද්දි මුලු මූනම කාර් එකෙ ෂටර් එකෙන් ඇතුලට දාලා මූන දෙක කරන් හිටියෙ අද උදේම යුග්ම ව චනෙරු ලයි ගෙදරින් දාලා ආරෝන් බදුල්ලෙ යන්න ලෑස්ති වුනු එකට.
විනාඩි ගානක් කියවලා කියවලා අන්තිම ට මදි පාඩුවට නලල ට හාදු ගොන්නක් ම ඉල්ලගෙන කලු පාට බෙන්ස් එක පාර දිගෙ නොපෙනී යද්දි යුග්ම ගේට් එක වහගෙන ඇතුලට ගියා. ඇතුලෙ සෝෆා එකේ චනෙරු පාඩුවෙ වාඩි වෙලා ටීවී එකෙ ෆිල්ම් එකක් බලනවා.

" අරූ ගියා ද "

" ම්ම් "

" ඔතෙන්ට වෙලා හූල්ල හූල්ල ඉන්නෙ නැතුව යන්න ඕනනම් කියන්න එපැයි එහෙනම් එක්කන් යන්නෙයි කියලා "

" කිව්වා.. බෑ කිව්වෙ.. රෑ වෙන්න කලින් එන්නම් ලු ඉන්න තියෙන්නෙත් මේ දවස් දෙක විතරයි ඒකත් හතරවටේ දුවනවා. "

" ඇයි උබ හිතුවද ඌත් උබ වගේ කියලා.. අයාන් උබ වගේ නිකන් අතපය බැදන් වාඩිවෙලා ඉන්න ජාතියෙ එකෙක් නෙවෙයි. ඌ එහේ තේ වතු ටිකෙ වැඩ වලට දිව්වා උබ අරහෙ ඉද්දිත්. "

" හෆ්.. කෝ එයෝ "

යුග්ම හරිබරි ගැහිලා සෝෆා එකට හේත්තු වෙලා වාඩිවුනෙ කුස්සිය පැත්තෙන් සැරින් සැරේ ඇහෙන සද්ද වලට ඇස් දෙක හීනී කරගන්න ගමන්. මොකක් නැතත් අද හොදම සූපවේදියො දෙන්නා එකට එකතු වෙලා වගේ..

" කුස්සියෙ අම්මා එක්ක මොනාද හදනවා "

" මෙහ්..' සදා ' උබලා දෙන්නා ගැන දන්නෙ නැද්ද "

" අම්මනම් දන්නවා ඇති බන්. තාත්තා ඉතින් ගෙදර නෑනෙ වැඩි හරියක්..මට අපේ ගෙදර ශේප් කරගන්න පුලුවන් බන්..ඒත් අරූගෙ ගෙදර. කොහොම මේක කියන්න ද කියලා හිතාගන්න බෑ. උබ දන්නවනෙ ඒ අන්කල් ආන්ටි හිතන්නෙ තාම හෙන පරණ විදියට. චූටි එක්ක ඕක ගැන කතා කරාම අපි දෙන්නා නිකන් රණ්ඩු වෙනවා විතරයි. ඊටපස්සේ මූව යාලුකරගන්න වෙනම කට්ටක් කන්න වෙනවා. ඒ නිසා මන් දැන් ඕක ගැන වැඩිය මුකුත් කතා කරන්නෙ නෑ "

Naabot mo na ang dulo ng mga na-publish na parte.

⏰ Huling update: Apr 19 ⏰

Idagdag ang kuwentong ito sa iyong Library para ma-notify tungkol sa mga bagong parte!

ආරු...  ( BL )  COMPLETED ✓Tahanan ng mga kuwento. Tumuklas ngayon