_45_

1.2K 161 40
                                    

එහා පැත්තෙන් ඇහුනෙ ෆෑන් එකක හුලං සද්දයක් විතරයි. යුග්ම මුකුත් නොකියම ෆෝන් එක කනට තව ටිකක් තද කරගත්තා. ඩිස්ප්ලේ එකේ තිබ්බෙ සේව් නොකරපු ලංකාවේ නම්බර් එකක්. කතාකරන්න හිතුනත් මොකක්දො හේතුවකට කොල්ලා වචනයක් වත් නොකියා එහෙම්ම හිටියා. වලදාපු මතක මහ රෑ දොළහයි ගානකට ඔලුව යට ඇවිස්සෙන එක දරාගන්න අමාරුයි.. ලාවට ඇහෙන හුස්ම සද්දෙ එහා පැත්තෙන් නික්මෙද්දි යුග්ම එක සැරේම ඇදෙන් කෙලින් වෙලා පපුවට අතක් තියාගත්තා. පපුව ගැහෙනවා තව ටිකකින් පපුව පැලිලා යයිද කියලා හිතෙන තරමට ම පපුව ව හයියෙන්ම ගැහෙනවා.එහා පැත්තෙන් මුකුත් නොකියද්දි යුග්ම කෝල් එක කට් කරලා දැම්මා..
ෆෝන් එක තිව්ව විනාඩියෙන් ම ආයිත් රින්ග් වෙද්දි ටිකක් වෙලා තියෙන්න දීලා යුග්ම ආයිත් ආන්ස්වර් කරා. ඒත් එහා පැත්තෙන් එක වචනයක් පිට වුනෙ නෑ බර හුස්මවල් දෙක තුනක් විතරයි පිටවුනෙ..

" උබට කතාකරන්න බැරි වුනාට උබේ ඔය හුස්මෙ සද්දෙත් මන් අදුරනවා මැණික "

යුග්ම ගැහෙන කටහඩ පාලනය කරගෙන කියද්දි එහා පැත්තෙන් ලාවට හිනාවෙනවා ඇහුනා.

" හැපි බර්ත් ඩේ අයියේ "

අවුරුදු දෙකක් තිස්සෙ අලු යට හංගපු ගිනි පුපුරු වගේ සැරින් සැරේ පිච්චි පිච්චි තිබ්බ මතක පොදියම ඒ කඩහඩ එක්ක ඔලුවට එද්දි ගිනිගන්න හදවතේ ලෝදිය ඇස් වලින් හෝ ගාලා වාන් දැම්මා. අන්තිම කතාබහෙන් පස්සෙ දවසක ආයිත් ඒ කටහඩ අහන්න පෙරුම් පුරපු තරම් දන්නෙ යුග්ම විතරමයි. ඒ කටහඩ ආයිත් අහන්න ලැබෙන්න කියලා දෙවියන් ඉස්සරහ කන්නලව් කරපු තරම් දන්නෙත් ඒ හිත විතරමයි. තවත් හයියක් නැති තැන ගැහෙන අත් දෙක තද කරලා අල්ලගන්න ගමන් යුග්ම කෝල් එක කට් කරලා දැම්මා.
විනාඩි ගානක් තිස්සෙ කාමරේ බිත්තිය දිහා බලන් ඔහෙ කල්පනා කරපු යුග්ම ආයිත් ෆෝන් එක අරගෙන අර නම්බර් එක ඩයල් කරන්න හදිස්සියෙන් වගේ හැදුවත් ආයිත් ෆෝන් එක පැත්තකට විසි කරලා දැම්මා. ඒ නිල් පාට ඇස් දෙක ඒ දඩබ්බර මූන එක්ක කදුලු වලින් බොද වෙලා මැවෙද්දි හයියෙන් පිටවෙන ඉකිය යුග්ම අත් දෙකෙන්ම කට වහගෙන පාලනය කරගත්තා.
අන්තිමට නින්දක් අහලකවත් නැතුව ඇස් පියාගත්තත් එලි වෙන්න කිට්ටුවත් සැරින් සැරේ ඒ ඇස් පියන් වලින් කදුලු බිංදු බේරුනා.





ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now