_24_

1.2K 183 22
                                    

" යශ්.."


සෙක්ෂන් එක කෙළවරේම තිබ්බ පන්ති කාමරයේ එලියට වෙන්න තිබ්බ කබඩ් එකකට හේත්තු වෙලා ඇස් තද කරලා පියාගෙන හිටියෙ වෙන කවුරුත් නෙවෙයි යශ්. පඩිපෙල උඩම පඩියට හොදට පෙනුන සිද්දිය දිහා යුග්ම තාමත් බලන් ඉන්නෙ ශොක් වෙලා.. ආරෝන් හිටියෙ යශ් ව කබඩ් එකට තද කරගෙන ඒ අත් යශ් ගෙ කලිසමෙන් උඩට ඇවිල්ල තිබ්බ ටී ෂර්ට් එක අස්සෙන් උඩට පහලට යන ගමන් තිබ්බෙ. උන් දෙන්නම හිටියෙ මෙලො සිහියකින් නෙවෙයි. යශ් ගෙ එක අතක් ආරෝන් ගෙ කොන්ඩෙ අස්සෙන් ගිහිල්ලා අනිත් අත ආරෝන් ගෙ ෂර්ට් එකෙ කොලර් එක ගාවින් පල්ලම් බැහැලා තිබ්බෙ හරිම සරාගී විදියට.
යුග්ම එහෙම්ම පපුව අල්ලගෙන එතන තිබ්බ බිත්තියට හේත්තු වුනා. බලාපොරොත්තු වුනා තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක දකින්න වෙන දවසක් එයි  කියලා ඒත් ඒ වෙන කෙනා තමන්ගෙම යාලුවෙක් වෙයි කියලා යුග්ම ගෙ තුන් හිතකවත් තිබ්බෙ නෑ. කොහොම  හිතන්නද තමන්ගෙ සහෝදරයො වගේ ඉන්න උන්ගෙන් එකෙක් එතෙන්ට ආදේශ වෙයි කියලා වැරදිලාවත් හිතුනෙ නැති දෙයක්..
අහිමි වීමේ වේදනාව පරයලා බිදුණු විශ්වාසයක වේදනාව පපුව පුරා උඩු දුවද්දි නොදැනුවත්ම බැදුනු කදුලු පටලෙ යුග්ම ඇස් දෙක පොඩි කරලා අයින් කරගත්තා.
නොහිතා ම සැරින් සැරේ පපුව ට යන අත කොල්ල ට දරාගන්න බැරි විදියෙ වේදනාවක් කියන එකට සාක්ෂියි..
තව එක පාරක් ඒ පැත්ත හැරිලා බලන්න මහන්සි නොවුනු යුග්ම පඩිපෙල බැහැන් පහලට ගිහින් එතන තිබ්බ පොඩි බැම්මට හේත්තු වුනා..
විනාඩි දහයක් පහුවෙලා විස්සක් වුනු තැන යුග්ම ට කල්පයක් වගේ දැනුනු තැන පහලට එන අඩි සද්දෙට යුග්ම ඔලුව ඉස්සුවා.
පඩිපෙල බැහැන් ආව ආරෝන් වගේ ම ඊට පිටිපස්සෙන් ආව යශ් නුත් එතනම නැවතුනෙ පඩියෙ අවසානයෙ හිටගෙන හිටිය කෙනා දැකලා. ආරෝන් ගෙ ඇස්  දිහාවට එක බැල්මක්වත් නොදීපු යුග්ම කෙලින්ම බලන් හිටියෙ යශ් දිහා. ඒ ඇස් සෑහෙන්න කලබලයි.
තාමත් හරියට යට  වෙලා නැති උඩ ඇදුමෙ ඉදන් තෙමිලා තිබ්බ තොල් දිගෙ වෙව්ලන ඇස් වෙනකම් යුග්ම ඇස් ගෙනිච්චා.

" යුග්.."

" මල්ලි උබලයි මැච් එක පටන්ගන්න හදන්නෙ උබ පලයන් "
" පලයන් යකො එක පාරක් කිව්වම.."

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now